ජීවිතේ ගැන මෙලෝ දෙයක් නොදන්න, ජීවිතේ ගැන ඉගෙන ගන්න අකුරු ගලපන මගේ සිතුවිලි නිම්නයයි මේ... කවියක් කතාවක් නොවූ "නඟාගේ ලෝකය"...
Showing posts with label කවි නොවන එව්වා. Show all posts
Showing posts with label කවි නොවන එව්වා. Show all posts
Tuesday, December 6, 2011
Monday, November 7, 2011
Monday, October 24, 2011
පමා විය ඔබ....
සොරා ගත් පසුම්බිය
කාලෙකින් ආයිමත් මගේ අතට...
එත මොකටද දැන්,
ඒක හිස වෙලා....
අනික මං අරගෙන
අලුත් පසුම්බියකුත්...
වටිනාකමක් නැ දැන් මට
ඒ පසුම්බියෙන්....
නුබේ ආදරෙත් දැන් මට,
ඒ පසුම්බිය වගේ...
Wednesday, September 14, 2011
හැගීම්.....
හූල්ලන්න එපා
ඒ හිතුවක්කාර හිත
අහිංසක ඇස්
දැන් ඔයාට අයිති නෑ...
.
.
ලග තියනකොට
දූවිලි කැටයක් උනා
දැන් කොහොමද
මැනික් කැටයක් උනේ?
.
එදා අන්තිම මොහොතෙ
එදා අන්තිම මොහොතෙ
අඩලා, අඩලා කියුවෙ
දාලා යන්න එපා කියලා නෙද?
එයාව එපා කියුවෙ ඔයාමයි...
.
දැන් මොකද්ද මේ???
.
දැන් මොකද්ද මේ???
.
අහිංසක ආදරයක් එක්ක
එයා සතුටින් ඉන්නව දැක්කම
දැන් අවුරුදු ගානකට පස්සෙ
දැනුන හැගීම ,
.
.
ලෝබ කමද?
.
.
ඉරිසියාවද?
.
.
නපුරු කමද?
Monday, September 5, 2011
කාලයට ණය ගෙවීම!!!!
කාලය මනින්නෙ තත්පර වලින් නෙවී නං.
මං ගොඩක් දුර යන්න ඉඩ තිබුනා
කාලයට පිං සිද්ද වෙන්න
කාලය ඉක්මන්ටම ගෙවිලා ගියා
ඔයා මගේ ලගින් නැගිටලා
බස් එකෙන් බැහැලා යන්න ගියා
එදා ඒ මොහොතට තව වෙලා ගියා නම්
අද ඔයා මගේ ලග නැතිවෙන්න ඉඩ තිබුනා
අපි අපේ නොවෙන්න ඉඩ තිබුනා..
හ්ම්ම්ම්ම්ම්...
කාලය...
අපේ ජිවත වල නොගැලපෙන ගොඩක් තැන්
ගලපන්න අතරමැදියෙක් වෙලා..
කාලය ගෙවිලා...
අපි අපේ වෙලා..
Monday, August 15, 2011
Wednesday, August 10, 2011
මගේ කවිය
..................................................................
.................................................
........................................................
....................................
.....................................................................
.........................................
...............................................
.............................
...........................................................
....................................................
...................................
..................................................................
................................................
...............................
....................!!!!!!!!!
Sunday, August 7, 2011
~තරු අහසට ආදරෙන්~
තරු අහසට ගොඩක් දුක හිතිලා,
හොදටම අඩනවා...
එකම විදියට ගෙවෙන අපේ ජීවිත
වෙනස් කරන්න බැරි නිසා වෙන්න ඇති..
ඒ ඉතින් ඒ වැටෙන කදුලු නිසා ,
මේ එකම විදියට ගෙවෙන අපේ ජීවිත
අලුත් වෙනවා කියලා දැන ගත්තොත්,
ඒ කදුලු කැට මල් වැසි වෙලා හැමදාම වැටෙයි...
තරු අහසෙ කදුලු වලට අපි හැමදාම ආදරේ කරයි...
Saturday, July 16, 2011
Wednesday, June 29, 2011
එයා දැන් ලොකු ළමයෙක්........
ඒක කියන්න එපා..
ඒක කෙල්ලෙක්ට ගැලපෙන්නෙ නෑ...
අපෝ ඔහොමත් කියනවද?
ගෑනු ළමයි ඔහොමද හැදෙන්නෙ?
ආයි ඔහොම කියුවොත් කඩනව කට...
මොකක්? හොදටම වැඩී දැන් නං ඔයා..
ඔහොම හැදුනොත් හොදට හිටියි...
හිතං ඉන්නෙ පොඩි එකෙක් කියලද?
කඩන්ව කට දැන ගන්නවා...
Friday, June 17, 2011
ආදරේ(මත් නෙවෙයි).....
කෙනෙක් සදට ආදරේ කරනකොට
තව කෙනෙක් තරුවකට ආදරේ කරනවා
සදයි , තරුයි ගොඩක් දුරයි කියලා තේරුම් ගත්ත කෙනෙක්
අතේ දුරින් තියන මලකට ගොඩාක් ආදරෙ කරනවා
එත් එ මලත් කවුදො නෙලාගෙන කියලා දැන ගත්තම
ඒ කෙනාට ගොඩක් ලොකු තරහක් එනවා මල් ගැන,
එතනින් එහාට පලිගැනීම පටන් ගන්නවා
එක මලක පලිය ගන්න මල් දාහක් විනාස කරන්න,
මේ කෙනා උත්සාහ ගන්නවා....
ඒ විනාස කරන මල් වල අසරණ කම දැකලා
තවත් කෙනෙක් අර පෙති කැඩුනු අසරණ මලට
ආදරේ කරනවා...
තවත් කෙනෙක් බාදුරා මලට ආදරේ කරලා
ජීවිතේ අවසන් කර ගන්නවා....
කවුරු කොහොම කාට ආදරේ කරත්
ආදරේ කියන්නෙ අපේ හිත් වල ඇති වෙන
දුක, සතුට, තරහා, අනුකම්පාව, දුක වගෙ
හැම හැගීමකම එකතුවක් නේද?
සදට ආදරේ කරන්න, එත් සද අයිති අහසට විතරමයි...
තරුවකට ආදරේ කරන්න, ඒත් තරුව කවදාවත් අපේ වෙන් නෑ...
මලකට ආදරේ කරන්න, එත් මල් පරවෙනවා..
ආදරෙට ආදරේ කරන්න හැමදාම ආදරේ අපි ලග ඉදියි...

Tuesday, May 31, 2011
Monday, May 30, 2011
බේබදු සල්ලාලයෙකුට මනාලියෙකු සොයනු ලැබේ.
මනමාලි ලස්සන වෙන්න ඕන
අපෝ අහිංසක වෙන්න ඕන
කවදාවත් කොල්ලෙක් එක්ක යාලු වෙලා තියෙන්නෙ බෑ
රස්සාවක් තියෙන්නෙ ඕන අනිවාර්යෙන්ම.
වෙඩින් එක ඉතින් මනමාලිගෙ පැත්තෙන් තමයි.
හෝම් කමින් අනවශ්ශයි.
දෑවැද්දට නං ඉතින් ගෙයක් තිබුනම ඇති.
ගෙදරට ප්ලාස්ටික් පිගන් ගන්න ඕන.
මෙස පුටුත් ප්ලාස්ටික් හොදයි.
වස කඩ කිට්ටුවෙන් නං ගෙවල් එපා.
හොස්පිටල් එකක් කිට්ටුවම ගෙයක් වෙන්න ඕන.
ලගපාතක ගාර්මන්ට් එහෙම තියනවා නං ඉතින් වඩා හොදයි.
තව... ම්ම්ම්ම්ම්ම්... අහ්...
තව පොඩ්ඩෙන් අමතක වෙනවා..
බාර් එකක් කිට්ටුව තියෙන්නම ඕන...
ප.ලි- මෙය පොදු අදහස නොවන බව කරුනාවෙන් සලකන්න. (ඉහත හෙඩිමට අදාල අය පමනක් තොප්පිය දා ගනු මැනවි.) මේක දැකලා අයියලා ටික මට ගහන්න ගේ හොයාගෙන එයි කියලා හිතුන නිසයි කියුවෙ. කාටවත් රිද්දන්න නෙවී, ඒත් හැන්ගිච්ච ඇත්තක් කියලා හිතුන නිසයි දැම්මෙ.

Sunday, May 29, 2011
මේ මොන විකාරයක්ද මේ???
මේ මොන මගුලක් ද?
හිතන් ඉන්නෙ අපේ ජීවිත වල දුක, සතුට, ආදරේ හැම හැගීමක්ම වචන සීයකට හිර කරන්නද?
හහ්.. හිතුවා මදි.
අපි ඕවට අහු වෙන්නෙ නෑ මතක තියා ගන්නවා.
අපි කවදාවත් අපේ හැගීම් වචන සීයකට හිර කරන්න ලේස්ති නෑ.
මේක මහ අසාදාරනයක්.
ඇයි මේ මිනිස්සු අපේ හැගීම් වචන සීයකට හිර කරල වැටක් බදින්න යන්නෙ?
අපිට හිතන්න පුලුවන් සීමාව එච්චරද?
එහෙමත් නැත්තං පොඩි ඉඩක අපි මහා ගොඩක් හැගීම් එකතු කරලා,
සාරාංශ කරලා අකුරු සීයකින් ලියන්න පුරුදු වෙන්න ඕනද?
මොනවද අපෙන් බලාපොරොත්තු වෙන්නෙ?
කියනවා?
ඔව් තමුන්ගෙන් තමයි අහන්නෙ.
හැම පෝස්ට් එකකම දාන්නෙ "සීය ගණින අපි" කියලා.
අන්න උන්ගෙනුයි මෙ අහන්නෙ. උත්තර දෙනවා.
(මේක ලියුවෙ නං වන්|සීරෝ|සීරෝ වලට. ඒත් ඉතින් මේකෙ අකුරු වල අසමානකමක් නිසා බෑ කියලා කියුව වගේ මතකයි.ඒක නිසයි මේකෙ දැම්මෙ. මරණ තර්ජන කිරීමෙන් වලකින්න හොදේ. මං පවු...)

Tuesday, May 24, 2011
Subscribe to:
Posts (Atom)