ඔහොම දොස්තර ඇන්ටි ලගට ගිහින් ඇවිත් ටික වෙලාවකින් බ්ලොග් ටිකකුත් කියවලා ගියා මුහුණු පොත පැත්තෙ. ඔන්ලයින් ගිය ගමන්ම සීතල අයියා මට මඩ ගහන්න ආවා. ඒකත් අමාරුවෙන් ශේප් කරන් ටික වෙලාවක් යද්දි කිඩෝ මල්ලි එනවා මට මිස් මිස් කියාගෙන.
බැලුවම කොල්ලා කුරුනෑගල ____ එකේ ලු. එයාලට මිස් කෙනෙක් ඉන්නවලු මං වගේම. මලයට මං හිතන්නෙ තාම මාව විස්වාස නෑ. මං කොළඹ _____ කියුවම විස්වාස කරන්නෙම නෑ ලු. මොනවා කරන්නද පොඩි එකාගෙ ආසාව නේ. ඕන දෙයක් හිතා ගන්න කියලා මං ආවා එන්න.
එතනින් එනකොට ඔන්න මගේ බැජ් එකේ යාලුවෙක් හායි කියනවා. යන්න හම්බෙන්නෙම නෑ කියලා හිතුනත් එයත් එක්කත් කතා කරා.. එයා තමයි මට අද දවසෙ අවාසනාවන්තම ආරංචිය කියුවේ. මට තාම හිත හදා ගන්න බෑ. මං කවදාවත් හිතුවෙ නෑ එයා අද වගේ දවසක මට එ තරන් නරක ආරංචියක් කියයි කියලා. හ්ම්ම්ම්ම්... ඔව් එයා ඒකා කියුවා.
ලබන මාසෙ 13 & 16 අපිට විභාගෙ දාලා ලු. කොහොමද දෙයියනෙ හිත හදා ගන්නෙ? තව රුපියල් 2000ක් නේද මේ මග එන්නෙ? කරන්න දෙයක් නෑ. මේ අවාසනාවන්ත ආරංචිය මට අහන්න උනේ මං ඔන්ලයින් ගිය නිසා. ආයි නං ඔන්ලයින් යන් නෑ කියලා, හිතට හයිය අරන් පාඩම් කරනවා කියලා හිතාගෙන ආවා එන්න.
ඔන්න අදින් පස්සෙ මං හොද ලමයෙක්. බස් පදින්නෙ නෑ. බ්ලොග් කියවන්නෙ නෑ. බ්ලොග් ලියන්නෙ නෑ. මඩ ගහන්නෙ නෑ. (ඔය කියුවට කී දවසකටද දන්නෙත් නෑ.. ) හිහ් හිහ්... බායියියියියියියියි!!!
hi
ReplyDeleteඔහොම බොරු කියන්න හොඳ නෑ.........
ReplyDeleteහික්ස්
අනෙ හා අක්කා ඉතින් මං ඇත්ත මේ කියුවෙ.. ආයි හෙට වෙනකන් එන්නෙම නෑ... හිහ් හිහ්.. කොහොම ඉන්නද අයින් වෙලා නේ???
ReplyDeleteAne manda oyaa oya dewal mukuth nokara hitiyoth sure ekatama pissu hedei ......
ReplyDeleteඅපි බලමුකෝ......
ReplyDeleteහි හි මේ බොලුනෙ මම කුරුනෑගල NIBM ලු... මම කුරුනෑගල පැත්ත පලාතක ගිහින් නෑ.... අර මිස් කතාවනං ඇත්ත සැකේට ඇහුවෙ... මං ගැන විස්තර දුන්නෙ නැත්තෙත් ඒ සැකේ හින්දම තමා... දන්න අය දන්නවා මම කොහේද කියලා...
ReplyDeleteඑළ එළ හොඳට ව්භාගේ කරන්න
ReplyDeleteහෙන කෙප්පයකි :D
ReplyDeleteNIBM කියන්නේ හෙන ලොකු එකක් වගේ..හැම තැනම ඇඩ් දාලා නේ...
ReplyDelete@කෝච්චි අයියා- හිහ් හිහ්.. ඔයා තමයි මාව නරක් කරන්න මූලික හේතුව.. එදා එන ගමනුත් අන්තිමට් ආයි ලියනෝ කියලා නේ.. ඔන්න මං ආයි ලියන්න ගත්ටා අවුල තියෙන්නෙ විභාගෙ ලගයි අලෝ.. දැන් මට විභාග ගැන හිතනොටත් බයයි..
ReplyDelete@රත්ගමය- ලොකුයි තමයි බොල. අපි ජීවිතෙ ඉගන ගන්න තැන අපිට ලොකුයි. එන්න එපා එතන්ට එක එක එවා කියන්න. :( :(
ReplyDeleteඅනේ මෙහෙමත් නෝටි නඟෙක්. ඔහොම නෝටි නොවී චුට්ටක් හරි පාඩම් කරන්න
ReplyDeleteඔවානම් මොනාද අප්පා, අපි විභාගේ හෙට තියාගෙන පිස්සු කෙලින්නේ ...... විභාගේ වැඩිය ඔලුවට දාගත්තත් හෙන අවුල.
ReplyDeleteමම නම් ආයෙ කවදාවත් රිපීට් වෙන් නෑ කියලා හිතා ගත්ත එකෙක්.. මොකද රිපීට් වෙන එකේ රස මම හොඳටම දන්නවා..හික්ස්ස්ස්ස්..(කොමෙන්ටුව ගැලපෙනවද මන්දා..)
ReplyDeleteආ මේ ළමයා DCSD10.3 වගේ නේ.
ReplyDeleteමගේ යාළුවෝත් ඉන්නවා ඔය බෑජ් එකේ.
-Sanz-
විභාගේ කියන දේ වැඩිය ඔළුවට ගන්න එපා....කූල් පිට රෙඩි වෙන්න...අපි මිඩ් එකක් නම් සාමාන්‍යයෙන් කලින් දවසේ පාඩම් කරනවා...එන්ඩ් එකක් නම් සතියකට කලින් පාඩම් කරනවා....මොනවා වුනත් හොඳට විභාගෙ ලියන්න.....
ReplyDelete@චානක අයියා- ඒක තමයි, මාත් කියුවා ඔහොම නරක වැඩ කරන්නෙ නැතුව පාඩන් කරන්න කියලා....
ReplyDelete@රොකියා-අලේ ඔක්කොටම කලින් මේ පැත්තෙ ආවට තැන්කූ අලේ. මාත් කලින් නං එහෙම තමයි මොකද එක ලෙක්චර් එකක් වත් කට් කරේ නැතුව, ටියුට් ඔක්කොටම ගිහින්, ප්‍රැක්ටිකල් ඔක්කොම කරාට පස්සෙ ආයි විභාගෙට පාඩං කරන්න දෙයක් නෑ. ඒත් ඉතින් අවුල තියෙන්නෙ මං මේ විභාග දෙකටම ඔය කියපු එක දෙයක් වත් කරේ නෑ නේ... හිහ් හිහ් හිහ්.. දැන් ඉතින් කාට හරි ව්ඇදලා අහ ගන්න තමයි වෙන්නෙ...
@රචින්-මං තාම ඒකෙ රස වින්දේ නැත. ඒකට තියන බය නිසාමයි මේක ලියුවෙත්.. ආයි නං ලෙක්චර්ස්,ටියුට්,ප්‍රැක්ටිකල් කට් කරන්නෙ නැතෝඕඕඕඕඕඕ.....
ReplyDelete@ඇනෝ-ඇහ්??? මොකක් කියුවා? 10.3?? ඒ මොකද්ද ඒ?? මං එහෙම එකක් දන්නවද?? ඇහ්?? (රහසින්) ඕව ප්‍රසිද්දියේ කියන්න හොද ද මං අහන්නෙ??? අයියො... කවුද අනේ අර ඉන්නව කියපු යාලුවා???
@ශාන්-අවුල තියෙන්නෙ අන්න එතනයි. අපි මිඩ් එකත් කරා මේ සැරෙ කවදාවත් නැතුව. මොකද එ තරන් මට මාව විස්වාස නැති නිසා. වෙනදට නං මං ඇත්තටම මිඩ් කරන්නෙ නෑ. ඒකටත් දවසකට කලින් වත් පාඩන් කරේ නෑ. නිකන්ම ගිහින් ලියලා ආවා. පේපර් එක මතක තියා ගත්ත එක විතරයි. දැන් ඉතින් ඒ පේපර් එකට ලේස්ති ව්එන එක නේ කරන්න ඕන. ඒත් මං තාම මෙක ඉස්සරහා. අනේ මගේ මැටි කම... වෙන දෙයක් නෙවී අනේ..
ReplyDeleteනගෝ...මුලින් විභාගේ කොරන් හිටහන්....මොකද මේ බස්, බ්ලොග්, බුකිය අතුරුදහන් වෙනවා කියලද මේ දවස් ටිකට.................
ReplyDeleteඅනේ සීනි අක්කෙ එහෙනං මං එනකන් පරිස්සමින් බලාගන්න හොදෙ බස්, බ්ලොග්. බුකි ඔක්කොම.. දැන් නං යන්න හිතිලා තියෙන්නෙ කොහොමත් ටික දවසකට.. හිහ් හිහ්...
ReplyDeleteNIBM කොච්චර ලොකුද දන්නැහැ...:පි
ReplyDeleteඅනේ මංදා.. මං හිතන්නෙ තට්ටු 2ක් විතර ලු.....
ReplyDeletenaha 4k
ReplyDeleteශිරෝ මේ මම එහෙම නෙවේ නේ ඕක කියපු ළමය ??
ReplyDelete