මනමාලි ලස්සන වෙන්න ඕන
අපෝ අහිංසක වෙන්න ඕන
කවදාවත් කොල්ලෙක් එක්ක යාලු වෙලා තියෙන්නෙ බෑ
රස්සාවක් තියෙන්නෙ ඕන අනිවාර්යෙන්ම.
වෙඩින් එක ඉතින් මනමාලිගෙ පැත්තෙන් තමයි.
හෝම් කමින් අනවශ්ශයි.
දෑවැද්දට නං ඉතින් ගෙයක් තිබුනම ඇති.
ගෙදරට ප්ලාස්ටික් පිගන් ගන්න ඕන.
මෙස පුටුත් ප්ලාස්ටික් හොදයි.
වස කඩ කිට්ටුවෙන් නං ගෙවල් එපා.
හොස්පිටල් එකක් කිට්ටුවම ගෙයක් වෙන්න ඕන.
ලගපාතක ගාර්මන්ට් එහෙම තියනවා නං ඉතින් වඩා හොදයි.
තව... ම්ම්ම්ම්ම්ම්... අහ්...
තව පොඩ්ඩෙන් අමතක වෙනවා..
බාර් එකක් කිට්ටුව තියෙන්නම ඕන...
ප.ලි- මෙය පොදු අදහස නොවන බව කරුනාවෙන් සලකන්න. (ඉහත හෙඩිමට අදාල අය පමනක් තොප්පිය දා ගනු මැනවි.) මේක දැකලා අයියලා ටික මට ගහන්න ගේ හොයාගෙන එයි කියලා හිතුන නිසයි කියුවෙ. කාටවත් රිද්දන්න නෙවී, ඒත් හැන්ගිච්ච ඇත්තක් කියලා හිතුන නිසයි දැම්මෙ.
හික්!!!!
ReplyDeleteඅනේ මන්දා නගෝ මටනම් තේරෙන්නේ නෑ.....මට නංගි කෙනෙක් හිටියානම් එහෙම එකෙක්ට දෙන්නේ නෑ......
ReplyDeleteබොන එකයි බේබද්දයි කියන්නේ දෙන්නෙක් නේ
යසියා අයියා- අනිවාර්යෙන්. බීලා පිලිවෙලට ඉන්න මිනිස්සු ඕන තරන් ඉන්නවා නේ. මෙතන කියලා තියෙන්නෙ ඒ වගේ අය ගැන නෙවි අයියා.
ReplyDeleteචීත්තයක් පේන්න බැරි අරක්කු බෝතලයක් දැක්ක ගමන් දෙකට නැවෙන, සිංහලා බඩට ගිය ගමන් ගෙදර ගෑනි බයිට් එක කර ගන්න කෙනෙක්ගෙ විවාහයට පෙර සිද්දියක්... :) :)
අගය කල යුතුයි..බොහොම නිවැරදියි
ReplyDeleteනඟා අක්කටත් මාරා දේවල් නොවැ හිතේන්නෙ.. ;)
ReplyDeleteහොඳ නිර්මාණයක් කියන්න පුළුවන්
ReplyDelete@ජනරග- :) :) සතුටුයි....
ReplyDelete@සුලා මල්ලි- ඒක නේ.. අමාරුවෙන් ඔලුව බේර ගත්ත ප.ලි. කෑල්ලක් ඇඩ් කරපු නිසා..
@රොබින් අයියා- තැන්කූ තැන්කූ....
කෙල්ලේ... දෙනවා දෙකක් දැං...
ReplyDeleteහැමෝම ඔහොම නෑ නංගියේ.... අම්මපා මං බඳින ළමයව නම් බබාව බලාගන්න කියලා ගෙදරම ඉන්දනවා. ගෑණු ඉන්නේ හම්බ කරන්න නෙවේනේ...
@ප්‍රසන්න අයියා- හෙඩිමේ කියා ඇති සියලු දෙනා මෙයට අදාලයි අයියා. ඔයා අදාල නොවෙන්න පුලුවන්.. ඒ ගැන සතුටුයි. :) :)
ReplyDeletemonawa kiyannada kiyala danne na ane...:) awlak na...kollo hithana widiha ohomanam mama post ekak dannam kello hithana widiha...
ReplyDeleteනියමයි නගා නංගියෝ... හොද අයිඩියා එකක්....
ReplyDeleteහැබැයි ඔක්කොම ඔහොම නෑ....
නරක පිරිමි විතරක් නෙවෙයි ගෑනුත් ඉන්නවා හෙදේ.... ;-)
අනේ පලයන් කෙල්ලෙ යන්න..!
ReplyDeleteමට ඔන්නම් බොනවා..
වෙලාවට අපි බොන්නෙ නෑ.. බැරි වෙයිද දන්නෙ නෑ බොන්නේ නැති එක්කෙනෙක්ට්ත එක්කෙනෙක් හොයන්න :P
ReplyDeleteමේ ඕයි මෙකේ ෆොන්ට් එක හදාපංකො.. මල විකාරයක්නේ..!!
ReplyDeleteචේ උන්නැහේත් අමධ්‍යප මනුස්සයා නිසා අවුලක් නැ..... කොහොම උනත් නඟෝ එලකිරි ඇ....... මංගල කිංකිණිද මොකක්ද එකට දාන්ට වටිනවා....
ReplyDeleteඑකක් කියන්ට් ඕනා... මටනම් මේක දැකපු ගමන්ම මතක් උනේ අපේ රත්ගමයා මහත්මයාව. උන්දැටනම් හරියටම ගැලපෙන්න තොප්පිය මහලා තියනවා............. :D :D :D :D :D
බිව්වාම මොකද කාටවත් කරදරයක් නැත්තම්. ඇරත් සමහරු බිව්වාම නිකම් ඉන්න වෙලාවට වඩා හොඳයි.
ReplyDelete@දිලීප මල්ලි- මුලින් හොයලා බලන්නකො ඇත්තටම සල්ලාලයා බේබද්දා කියන්නෙ කාටද කියලා?
ReplyDeleteඇල්කොහොල් ටිකක් කටේ ගෑවා කියලා ඒ ම්නිහා බේබද්දෙක් වෙන්නෙ නෑ. මං ඒකයි තොප්පිය හෙඩිමට අදාල අය විතරක් දා ගන්න කියලා කියුවෙ... අදහස වටිනවා මොනවා උනත්,..
@මාරියො අයියා- දන්නවා අයියා එකයි හෙඩිමට අදාල අය විටරයි කියලා කියුවෙ. ඕන තරන් බොන ඒත් මිනිස්සු වගේ ජීවත් වෙන අය මාත් ඩැකලා තියනවා. එ වගේම බීලා බීලා සත්තු වෙන අයත් මං දැකලා තියනවා..
ReplyDelete@බනී- එකම දේ. දැන් මගේ අත රිදෙනො. යකෝ එක පාරක් බිව්වට මනුස්සයෙක් බේබද්දෙක් වෙන්නෙ නෑ. මං කියන්නෙ බේබද්දා සහ සල්ලාලයා ගැන විතරයි. වෙන එකෙක් ගැන නෙවී...
ReplyDeleteඔන්න හැදුවා. දැන් වත් හරිද??
@ලේනා- අනේ අනේ ඉන්න කෙනා මදි වෙලා ද අනේ??? හිහ් හිහ් හිහ්... මේක බොන අයට නෙවී අනේ.. බෙබද්දොන්ට තියෙන්නෙ..
ReplyDelete@චේ අයියා- මේක බොන අයගෙත් හැමෝටම අදාල නෑ බං අයියේ. එකම දේ. තොප්පිය හරි අයට දැමීම ඔබ සතුයි. මං තොප්පිය මහලා දුනන විතරයි...
ReplyDelete@සුදු පූශ්- ඒකනෙ ඉතින් ඔයත් වරද්දගෙන. බොන එවුන්ගෙත් එක එක ප්‍රබේද තියනවා නේ අනේ. මං කියන්නෙ බේබද්දා , වචනේ පරිසමාර්ත අර්තයෙන්ම බේබද්දා කියන එකාව තමයි මං කියන්නෙ. මන් ඇල්කොහොල් විරෝදියෙක් නෙවී...
ReplyDeleteනඟා බීම ගැන සෑහෙන්න දන්නවා වාගේ...
ReplyDeleteඑක්ස්පීරියන්ස් ද?
ගොඩක් පිරිමි මේ වර්ගයට අදාලයි. හැබැයි ඉතින් හැමෝම නෙමෙයි... :)
ReplyDeleteවැඩිපුරම ඉන්නේ මේ වගේ මිනිස්සු නේද.....
ReplyDeleteයකෝ එන්න පරක්කු උනා..හොඳ වෙලාවට දැක්කේ...මේවා දැක්කම නවත්තපු තැන ඉඳලා ආයේ බොන්න හිතෙනවා..
ReplyDeleteඅඩේ ෂෝක් තොප්පි පොඩ්ඩ..ඔය උපාසක මහත්තුරු එහෙකුටවත් එපානං මට දීහං නගේ ඔන්න ඔය තොප්පිය..මං දා ගඤ්ඤං...
ඇත්තටම ඔන්න ඔය දැන්වීමට උත්තර එයිද කියලා බලලා මට කියහංකෝ..හැබැයි අර ප්ලාස්ට්ක් බඩුනං ඕන කරන එකක් නැහැ..බිව්වට පස්සේ මම බඩුමුට්ටුවලට හානියක් වෙයි කියලා බොහෝම පරිස්සමින් වැඩ කටයුතු කරන්නේ..මේ වෙනකල් බීලා අඩුම ගානේ වීදුරුවක්වත් නොබිඳපු හොඳ බේබදු ඉතිහාසයක් සහ වාර්ථාවක් මට තියේ...
අනේ සලකා බලහල්ලා...හරී ෂනීපයි...චෝයි තොප්පිය..හැක් හැක්...
නඟා..... මේක ඇවිත් මේ 25864 දෙනෙක්ගෙන් එක බොන මිනිහෙක් ගැන ලියපු එකක් වගේ.... බය වෙන්ඩ එපා, ඔය වගේ අය ඇති ඒත් සෑහෙන්ඩ අඩුයි....
ReplyDeleteඒ කොහොද බොල ඉන්න කෙනා :O අපි තව තනිකඩ ලමයි :D
ReplyDeleteනගා කපු කම් පටන් ගත්තදෑ....
ReplyDeleteDear friend add ur blog http://www.lankeeya.info/
ReplyDeleteමට මනමාලයා කොයි හැටි වෙතත් මනමාළි ගැනනං කියන්න පුලුවං.මේ ඔක්කොම සුදුසුකම් නගාට තියෙනවනෙ.නරකද ඇප්ලිකේසොං එකක් දැම්මොත්. :-\
ReplyDeleteඅර අක්සරෙත් දාලා තියෙනවා මංගල දැන්වීමක්.ඒකට ඇප්ලයි කරලා බලන්න.හරි ගියොත් ඉතිං වෙඩිමක්නෙ..
@තාරක- අනේ නෑ. දැකපු දේවල් සහ පවුල් පසුබිම මත හම්බෙච්ච ගොඩක් අය නිසයි දැන ගත්තෙ. අනිත් එක අපේ පවුලෙ කවුරුත් මත්පැන් විරෝදීන් නෙවී. ඒත් ඉතින් ඉන්න එකම සහෝදරයත් අමධ්‍යපයි. :) :)
ReplyDelete@කෝටී අක්කා- හ්ම්ම්ම්ම්... ඒක ඇත්ත අක්කා. ගොඩක් අය මේකට අදාලයි. එත් ඉතින් තොප්පිය දැක්ක ගමන් සුද්දවන්තයො වෙන අය වැඩි.
@සීනී අක්කා- ඒක ඇත්ත අක්කා. ඒත් ඉතින් මේ අපේ කස්ටිය නං(බස් ජනතාව) බිව්වා කියලා වෙනසක් නෑ. හරිම පිලිවෙලයි. එක නං ඇත්තටම කියුවෙ.
ReplyDelete@මාරයියා- අනේ මේ තොප්පිය ඔයාට හරියන්නෙ නෑ අයියා. බොල මේකෙ මුල තියෙන්නෙ බෙබදු සල්ලාල කියලා නේ. තේරෙන්නෙ නැද්ද?
මං මේකෙ තොප්පිය ඔයාගෙ සයිස් එකට හැදුවෙ නෑ....
@අලුත් කොල්ලා- ඔව් ඔව්. එත් ඉතින් ඔඩක් අය හන්ගගෙන් අඉන්න සිතුවිල්ලක් වගෙත් තමයි මේක නේද?? ඒට් මෙහෙම අය අඩුයි ලු... :) :) සතුටුයි ඒක ගැන.
ReplyDelete@ලේනා- ඇහ්? තනිකඩයි? මාර වැඩේ. දැන් ඔයාටයි මාරයියටයි තව කාටද මගුල් ඕන? වෙනම තැනක් පටන් ගන්න වෙනවා තනිකඩයොන්ට මගුල් හොයා දෙන්න.
@සුදු අක්කා- අනේ නෑ අක්කා. හිහ් හ්ඉහ්.. ඒත් මෙ දැන් මට් අකරන්න වෙන්නෙ එක වගේ මට පේන විදියට. මාරයියා අඩනවා නේ.
@ඇනෝ- ඇඩ් කරා ඊයෙ...
ReplyDelete@සීතල අයියා-තොප්පිය තමන් දා ගැනීම වෙනයි, තොප්පි වෙන අයට දැමීම වෙනයි. තමන් දා ගත්තට කමන් නෑ වෙන අයට තොප්පි දාන්න යන්න එපා. මට දැන්ම මගුලක හදිස්සියක් නෑ අනේ. හිකිස්. ඕන් කාලෙක මංම හොයා ගන්නංකො.
තොප්පි වෙලෙන්දෙක්ද ඔයා නගා . . . :P
ReplyDeleteමරු කතාව....:)
ReplyDeleteනියමයි නියමයි
ReplyDeleteබැන්දට පස්සෙ බොන්න පුරුදු වෙන එකෙක්ට චෑන්ස් එක තියනවනම් මම කැමතියි
ReplyDelete