"හෙලෝ, නඟා කොහෙද ඉන්නෙ? මං _ _ _ _ ඇවිත් ඉන්නෙ ඉක්මනට එන්න"
"අලි අලි මං තව විනාඩි 20න් ඔතන"
මේ මට අද උදෙ ආපු කෝල් එකක වචන ටිකක්. දැන් ප්රශ්නෙ මේ කෝල් කරේ කවුද මොකටද කියන එක නෙ?(අපිට මොකටද ඕව නේ???) හිහ් හිහ් හිහ්.. ඒ උනාට ඔන්න මං කියවා. ඒ මගේ ගොඩක් හොද යාලුවෙක්(සහෝදරයෙක් වගේ කියුවොත් හරියටම හරි). උසස් පෙළින් පස්සෙ ආතක් පාතක් නැතුව ඉන්නකොට නගෝ වරෙන් මෙහෙ කියුව අයගෙන් කෙනෙක් තමයි මෙයා.
අද උදේ මං එනකන් _ _ _ _ එකට වෙලා බලං හිට්යෙ විශෙශ හෙතුවකට. හෙතුව තමයි ඒ අයිය ලියපු කතාවක් මට දෙන්න. කතාවක් කියුවට මේක නිකන්ම නිකන් කතාවක් නෙවී. එයාගෙ ජීවිතේ එක කාලෙක ලියවුන කතාවක්. එක නිසයි මෙක විශේශ.
එ වගේම මේක තව හෙතුවක් නිසා විශෙශයි. මෙ කතාවෙ අවසානෙ තාම මමවත් ඒ අයියවත් දන්නෙ නෑ. ඒ4 කොල මිටියක් පිරෙන්න ලියලා ගෙනත් දුන්න මේ කතාව අද ඉදන් මගේ බ්ලොග් එකේ කොටස් වශයෙන් දාන්න හිතාගෙන ඉන්නවා. ඒ අයියගෙ අවසර ඇතුව, එයාගෙම වචන වලින් , එ අයියම ලියලා අද උදේ මගේ අතට දීපු කතාව.. "නිමා නොවෙනා ආදරේ..."
උසස් පෙළ කාලෙ පුංචි ආදර කතාවක්, තමන්ගෙ පළවෙනි ආදරේ සතුට, දුක, විරහව, කදුලු හැම දේකම එකතුවක් විදියට ලස්සන වචන නැතුව. කෙනෙක්ගෙ හිතෙන් එක මොහොතකට දැනෙන සිතුවිලි වල ගැලපුමක් විතරයි මෙතන තියෙන්නෙ. කතාව හිට් කරන්න මගෙන් දාපු වචන එකක් වත් මෙ කතාව ඇතුලෙ නැති වෙයි.
තවත් විශේශයක්, මෙක ලියලා තියන්න පටන් අරන් තියෙන්නෙ 2008/02/09 වෙනිදා. අද අවුරුදු ගානකට පස්සෙ මගෙ අතට මේක ලැබුනේ. මුල් ටික කියවගෙන යද්දි ඕනම කෙනෙක්ට හිතෙන බොලද ආදර කතාවක් කියන එක මටත් හිතුනා. එත් අද වෙනකොට ඒක එහෙම නෑ කියලත් මට හිතුනා.
වැඩිය මුකුත් නොකිය ඉන්නං. මොකද මෙ කතාව ගැන තාම දන්නෙ මං විතරයි නේ. කතාව කියවපු නැති ඔයාලට මං අගෙ කර කර එක ගැන කියනව එක හරි නෑ නේ.. :) :)
ඔන්න හෙට ඉදන් මගේ බ්ලොග් එකෙ කොටස් වශයෙන් "නිමා නොවෙනා ආදරේ" එක්ක හමු වෙමු....
අෆ්ෆච්චියේ..තව මෙගා සිරිස් එකකක්.. දාමු බලන්න :D
ReplyDeleteඑහෙනම් හෙට ඉදන් අපිත් සෙට් වෙනවා නිමා නොවෙනා ආදරේ කතාව කියවන්න.
ReplyDeleteමෙගා නෙවී මේක සුපර් මෙගා වෙයි වගේ.. ඒ තරන් දිගයි බං මල්ලියෙ... බලමු බලමු...
ReplyDelete@මදුරංග සහො- :) :) :) සතුටුයි... මං හිතුවෙ කට්ටියට මාව අමතක වෙලා කියලා. කියවන්න කට්ටිය නැති වෙයි කියලා දුකෙන් හිටියෙ.. එකෙක් හරි මේක කියෙව්වොත් ඇති ඔන්න.. :) :)
ReplyDeleteබලමුකෝ නගාගේ අලුත්ම අලුත් කථාව මොකක්ද කියලා...
ReplyDeleteඅළුත් කතාවට මගෙන් සුබ පැතුම්
ahh elaazzzz.. :)..
ReplyDeleteඔය එන්නෙ ටික ටික අදාල අය... ඉශ් අයියටයි, චුට්ටටයි තැන්කූ හොදේ... හිහ් හ්ඉහ් හිහ්...
ReplyDeleteමගේ නෙවි ලියපු කෙනාගෙ කතාව... මං ඒක එ විදියටම බ්ලොග් එකෙ දාන්ව විතරයි...
ඒත් ඕනෑම කථාවක සම්පුර්ණ අයිතිය තියෙන්නේ පබිලිෂ් කරන කෙනාටනේ.... ඒක නිසා මං හිතන්නේ මේ කතාවත් ඔයාට අයිති වෙනවා
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... බලමුකො ඉශ් අයියා.. අවසානෙ මේකෙ අයිතිය කාට උනාම මොකද හැමෝම සතුටු වෙනවා නං. එත් මේක මගේ කතාව නෙවි නේ. මේක දැනුන, මේක ලියපු කෙනාටයි අනිවාර්යෙන් අයිතිය. ඒත් ලියන්නෙ මම නිසා මටත් මොකක් හරි ව්එඩිමක් ඇති අනේ. හිහ් හිහ් හිහ්... මොනව උනත් අපි ඔක්කොම යාලුවො නෙ...
ReplyDeletemama nam oya kathawe aithikarayawa dannawa lu :D kathawath tika tika dannawa lu :D
ReplyDelete@ඇනෝ- අලි අලි.. ඔයා දන්නවා කියලා දන්නවා.. හිහ් හිහ් ... ඒත් ඉතින් අයිතිකාරයාව ඉසරහට තව ගොඩක් අය දැන ගනී. මොකද මේක කියවන අයගෙන් භාගයක්ම දන්න කෙනෙක් තමයි මෙකෙ අයිතිකාරයා...
ReplyDeleteඔන්න අපිට නම් කතාව විතරක්ම ඇති. අයිතිකාරයා ඕනැන්නේ නෑ.
ReplyDelete