ජීවිතේ ගැන මෙලෝ දෙයක් නොදන්න, ජීවිතේ ගැන ඉගෙන ගන්න අකුරු ගලපන මගේ සිතුවිලි නිම්නයයි මේ... කවියක් කතාවක් නොවූ "නඟාගේ ලෝකය"...
Showing posts with label කතාවක් නොවූ වචන. Show all posts

Tuesday, December 6, 2011
Monday, November 7, 2011
Monday, October 24, 2011
පමා විය ඔබ....
සොරා ගත් පසුම්බිය
කාලෙකින් ආයිමත් මගේ අතට...
එත මොකටද දැන්,
ඒක හිස වෙලා....
අනික මං අරගෙන
අලුත් පසුම්බියකුත්...
වටිනාකමක් නැ දැන් මට
ඒ පසුම්බියෙන්....
නුබේ ආදරෙත් දැන් මට,
ඒ පසුම්බිය වගේ...
Wednesday, September 14, 2011
හැගීම්.....
හූල්ලන්න එපා
ඒ හිතුවක්කාර හිත
අහිංසක ඇස්
දැන් ඔයාට අයිති නෑ...
.
.
ලග තියනකොට
දූවිලි කැටයක් උනා
දැන් කොහොමද
මැනික් කැටයක් උනේ?
.
එදා අන්තිම මොහොතෙ
එදා අන්තිම මොහොතෙ
අඩලා, අඩලා කියුවෙ
දාලා යන්න එපා කියලා නෙද?
එයාව එපා කියුවෙ ඔයාමයි...
.
දැන් මොකද්ද මේ???
.
දැන් මොකද්ද මේ???
.
අහිංසක ආදරයක් එක්ක
එයා සතුටින් ඉන්නව දැක්කම
දැන් අවුරුදු ගානකට පස්සෙ
දැනුන හැගීම ,
.
.
ලෝබ කමද?
.
.
ඉරිසියාවද?
.
.
නපුරු කමද?
Monday, September 5, 2011
කාලයට ණය ගෙවීම!!!!
කාලය මනින්නෙ තත්පර වලින් නෙවී නං.
මං ගොඩක් දුර යන්න ඉඩ තිබුනා
කාලයට පිං සිද්ද වෙන්න
කාලය ඉක්මන්ටම ගෙවිලා ගියා
ඔයා මගේ ලගින් නැගිටලා
බස් එකෙන් බැහැලා යන්න ගියා
එදා ඒ මොහොතට තව වෙලා ගියා නම්
අද ඔයා මගේ ලග නැතිවෙන්න ඉඩ තිබුනා
අපි අපේ නොවෙන්න ඉඩ තිබුනා..
හ්ම්ම්ම්ම්ම්...
කාලය...
අපේ ජිවත වල නොගැලපෙන ගොඩක් තැන්
ගලපන්න අතරමැදියෙක් වෙලා..
කාලය ගෙවිලා...
අපි අපේ වෙලා..
Friday, May 27, 2011
අහිමි වූ සෙනෙහස
හැමෝටම ගුඩ් උදෑසනක්... ඔන්න ඉතින් අද නඟා උදේ පාන්දරම නැගිට්ටෙ NIBM පැත්තෙ යනන් කියලා. ටිකක් වෙලා ගියාම තමයි මතක් උනේ අද අපිට නිවාඩුයි කියලා කවුදෝ කියුවා නේද කියලා. ඔව් නේ, අද කොළඹ කියන සීමාවෙ තියනහැම ආයතනයකටම නිවාඩුයි ලු. රනවිරු උපහාර උළෙල නිසා. හ්ම්ම්ම්ම්...
මොනවා කරන්නද ෆොටෝ කොපි කරපු දෙමළ නෝට් එක කියවනවා වගේ මගේ ලග තියන නෝට් එක කියවලා තේරුමකුත් නෑ නෙ. මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ නේ. හරි හරි වැල්වටාරම් වැඩක් නෑ. ලියන්න ආවෙ වෙන දෙයක් උදේ පාන්දරම වැරදි පාරවල් වලමයි යන්නෙ.
"අහිමි වූ සෙනෙහස" දැකපු ගමන් කට්ටිය හිතන්නෙ ඉතින් දාලා ගිහිපු කොල්ලා ගැන තමයි කියලා නේ?? හිහ් හිහ්.. ඇත්තටම නෑ. සෙල්ලං බත් උයන කාලෙ ඉදන් හිතේ තිබුන දෙයක් තමයි මේක. මට ඉන්නෙ අයියා කෙනෙකුයි, අක්කා කෙනෙකුයි විතරයි නේ. දන්න අය දන්නවා ඒක. ඒත් එ දෙන්නත් මට වඩා ගොඩාක් වැඩිමල්.
මං යන්තන් ඉක්කොලේ එක වසරට එනකොට එයාලා සාමාන්‍යපෙළ කරනවා. ඔය තරන් ලොකු වයස පරතරයක් අපි අතර තිබුනා. ඕක නිසා පොඩි කාලෙ ඉදන් ම මං තනි වෙලා හිටියේ. මොකද එයාලා දෙනගෙ වයසට එයාලට මං පොඩි වැඩි. ඇත්තටම දැන් නං මතක් වෙනකොට ලැජ්ජයි වගේ. අක්කිගෙය් අයියගෙයි පොඩි රහසක් දැනගත්තත් "අම්මේ අක්කි මෙහෙම කියුවාආආආආආආ..." කියන තමරම මං පොඩ්යි. ඒක නිසාම මං තනි වෙලා හිට්යේ ගොඩක්. ඇත්තටම සෙල්ලං බත් උයන්නවත් කවුරුත් හිටියේ නෑ. ඔන්න ඔය හේතුව නිසයි අකුරු කියවන්න පුලුවන් උන කාලෙ ඉදන්ම මං පොත් කියවන්න හුරු උනේ. මං දෙක වසර ඉන්නකොට එකොලහා වසර සිංහල පොතත් මං කියවලා තිබුනා මට මතක විදියට. තෙරෙන්නෙ නං නෑ. ඒත් කියවනවා.
ටිකක් තේරෙන්න ගත්ත කාලෙ ඉදන්ම මට හිතුනේ මගෙ වයසට කිට්ටුව සහොදරයෙක් මටත් හිටියා නං කියලා. එහෙනං අක්කිට වගේම අයියා අයියා කිය කිය හැම දේම කියන්න කෙනෙක් මටත් ඉන්නවා නේ. සමහ්ර වෙලාවට අක්කි, අයියා ගැන ඉරිසියා නොහිතුනාම නෙවී. මොකද මං තනි වෙලා නේ. ඔහොම ටික කාලයක් යනකොට තමයි දැන ගත්තෙ. මට එහෙම සහෝදරයෙක් ඉදලා තියනවා කියලා. ඒත් ඒ සහෝදරයා පිං කරලා නෑ මේ ලෝකෙ එලිය බලන්න. හ්ම්ම්ම්.. මොනවා කරන්නද ඒක මගෙත් අවාසනාව වෙන්න ඇති.
දැනට අවුරුද්දකට කලින් විතර වෙනකන් මට ඔය පාලුව තනිකම තිබුනා. ඒත් ඇත්තටම දැන් ඒක නෑ. හේතුව එක සහෝදරයට දැන් මට සහෝදරයො තුන්දෙනෙක්ම ඉන්නවා. හොදම යාලුවො දෙන්නෙක් හම්බුනා. (ඇත්තටම ඒ තරන් හොද නං නෑ ඒ දෙන්නා)හිහ් හිහ්... එක ගැන වෙනම පෝස්ට් එකක්... මගේ මුහුනු පොතේ ඉන්න යාලුවො නං මෙ වෙනකොටත් දන්නවා නේ මේ කවුද කියලා. නේද? ඇත්තටම මං පහුගිය කාලෙ ගොඩක් සතුටින් හිටියා. ඒ වගේම ඉතින් මුන් දෙන්නා නිසා ඕන තරන් අඩලත් තියනවා. හි හ්හිහ් හිහ්... හෙට විතර වෙලාවක් තිබුනොත් ඒ කවුද කියලා කියන්නංකො..
යන්න කලින් කියලා යන්න ඕන. අනිත් අයට වගේම මටත් ඔයාලගෙ අදහස් ගොඩක් වටිනවා. එහෙනං ඔන්න අපි ගියා... බායියියියියි!!!!!!!!!!!

Subscribe to:
Posts (Atom)