ඔන්න මාත් අමාරුවෙන් රිංග ගත්තා සිංඩියකට.
ලාංකික සිතුවිලි ඇඩ්මින් වරුන්ට තැන්කූ හොදේ.. :) :) :)
මට ඔය එක එක දෙවල් තේරෙන්නෙ නෑ..
ඒත් හොද යාලුවො ඉන්නකන් ඒව අමාරු වැඩ නෙවී..
ඔන්න දැන් ටිකකට කලින් තමයි මට ඊමේල්ලුව ආවෙ...
මාත් දැන් ඉන්නවලු සිංඩියේ.. :) :) :)
ජීවිතේ ගැන මෙලෝ දෙයක් නොදන්න, ජීවිතේ ගැන ඉගෙන ගන්න අකුරු ගලපන මගේ සිතුවිලි නිම්නයයි මේ... කවියක් කතාවක් නොවූ "නඟාගේ ලෝකය"...
Wednesday, May 25, 2011
ඇත්තම කතාව...
කියන්න යන්නෙ නං ටිකක් විතර ඇත්ත කතාවක් ඔන්න. ඇත්තටම මම කවුද??? (ඒක මං වත් හරියට දන්නෙ නෑ ඉතින්.)
මීට අවුරුදු එකහමාරකට , 2කකට කලින් මං බ්ලොග් එකක් දකිනවා, මං කියවපු පලවෙනි සිංහල බ්ලොග් එක. හිතට පුදුම විදියට දැනෙන කතාවක්. ඔව් කවුරුත් දන්න දුකා අයියගේ බ්ලොග් එක. මං මුලින්ම කියවපු බ්ලොග් පෝස්ට් එක තමයි ඒ. එදා ඉදන් හම්බෙන හැම බ්ලොග් එකක්ම කියෙව්වා. දුකා අයියගේ බ්ලොග් එක මුල සිට අගට කියෙව්වා. ජීවිතේට ගොඩක් දෙවල් ලැබුන තැනක් ඇත්තටම එතන.
ඊටත් පස්සෙ තවත් කාලයක් ගිහින් මටත් හිතෙනවා බොලොග් එකක් ලියන්න. ඒත් ඇත්තටම මට ලියන්න බෑ. දන්න කාලෙ ඉදන් පොත් කියෙව්වා. කෑම ඔතාගෙන ආපු කොලෙත් තියෙන්නෙ සිංහල නං ඒකෙ තියෙන්නෙ මොකක් උනත් මං ඒක කියෙව්වා. ඒත් මට ලියන්න බෑ(අදටත්). ඒත් හිතේ ආසාවට පටන් අරන් අවුරුද්දක් ගියා. ලියන එක නැවැත්තුවා හ්ම්ම්ම්ම්.. ජීවිතේට ගොඩක් දේවල් ලැබුනා. තමන්ගෙම කියලා යාලුවො ගොඩක්. කවදාවත් දැකලා නැති කෙනෙක්ගෙ ජීවිතෙ වෙනුවෙන් එකතු වෙන්න පුලුවන් පවුලක්.
බ්ලොග් ලියන අයව මට මුලින්ම හම්බෙන්නෙ විශේශ දවසක. දැනට දවස් කීපයකට කලින් අපිව දාලා ගිය දිලුම් අයියා වෙනුවෙන් එයාගෙ සැත්කම වෙනුවෙන් මුදල් එකතු කරන්න, ඒ ගැන කතා කරන්න රැස් උනා. මං දැනගෙන හිට්යා එතන්ට මං පොඩි වැඩී කියලා. ඒත් ගියා, හේතුව මට කරන්න පුලුවන් උපරිමය ඒක වෙන්න පුලුවන් නිසා. එදා මාව බ්ලොග් වලට ගෙනාපු අපේ දුකා අයියව මට හමු උනා. ඇත්තටම මේක කියෙව්වත් සමහර විර දුකා අයියට මාව මතක් වෙන එකක් නෑ... මොකද මේ සයිබරයට මං ඒ තරමටම පොඩි කෙනෙක්... වයසින්(නොවෙන්නත් පුලුවන්) සහ හැකියාවෙන්...
ඊටත් පස්සෙ කට්ටියව හම්බෙන්නෙ අභීත අයියගෙ හීනය ඇත්ත වෙන දවසෙ,සයිබර් සිහින බක් මහ උළෙල...එදත් මං ගොඩක් දෙනෙක් අදුර ගත්තට මාව අදුර ගත්ත අය අඩුයි.. හිහ් හිහ්.. මගේ මරණෙ අයියා එහෙම මාව හොයලා තියනවා වෙන කෙනෙක් ගෙන් මගේ නම කියලා.සුන්දර මතක ගොඩක්.
ඊටත් පස්සෙ දිලුම් අයියට සෙත් පතලා බෝධි පූජාව කරපු දවසෙ අපෙ අය ටික දෙනෙක් හමු වෙනවා.එදයින් පස්සෙ ආයිමත් කට්ටියව හම්බෙන්නෙ අමිහිරි මතකයක් එකතු වෙන දවසක. දිලුම් අයියගෙ අවසන් කටයුතු සයිබර් යායෙ අපේ පවුලෙ අය මට මුන ගැහෙන්නෙ.
බස් පදින්න වැඩිය යන්නෙ නැති නිසාත්,මුහුණු පොතේ ඕෆ්ලයින් ඉන්න නිසාත්(ගොඩක් වෙලාවට) මට ගොඩක් අයව හම්බෙනව අඩුයි. හේතුව ආඩම්බර කම නං නෙවී. තනියම ඉන්න හුරු වෙලා. යාලුවො වට කරන් හිටපු ජීවිතේ ලොකු හිස් කමක් දැනුනා. තාම එකෙන් එලියට එන්න අමාරුයි. පෝස්ට් එක දිග වැඩි. සමාවෙන්න ඕන. :) :) :)එදා සිට අද වෙනකන් කෙටිම කෙටි කතාව මේක තමයි මගේ බ්ලොග් ජීවිතේ.
මේ මගේ අලුත්ම බ්ලොග් එකේ අලුත් උන මම "නඟා".
මගෙ කතාව මෙයින් අවසානයි. අසා සිටි ඔබ සැමට ඉත්තූතියි!!!

Tuesday, May 24, 2011
Wednesday, May 18, 2011
.................................................අනං මනං....................................................
අද වෙසක් පෝය.නිවාඩුයි. සිල් ගන්න යන්න ආසාවක් තිබුනත් ඒකත් එහෙම්මම යටපත් උනා. කරන්න දේකුත් නෑ. උදේම ඉතින් හා හා පුරා කියලා බ්ලොග් කියවන්න ගත්තා කාලෙකට පස්සෙ. මෙන්න අහු උනා බ්ලොග් එකක්.
කට්ටිය හැමෝම බය බ්ලොග් එකක්. මොකද මඩ ගාගෙන මඩ ගහන බ්ලොග් එකක් ඒක. කලින් පෝස්ට් එකක් දෙකක් කියවලා තිබුනට ඔක්කොම කියවන්න වෙලාවක් හම්බුනේ නෑ. තැන් 2කකදිම ඒ බ්ලොග් එක ලියන කෙනාව හම්බුන නිසාත් අද මුහුණු පොතේ ඔන්ලයින් දැකපු නිසත් පටං ගත්තා කාලයක් කරන්න බැරි උන වැඩේ කරන්න.
පෝය දවසෙ පිනක් දහමක් කරන එක පැත්තකින් තියලා කියෙව්වා අපේ මඩයාගේ මඩ බ්ලොග් එක . හැමෝම දන්න අපේ රංග අයියගේ ලෝකය. විහිලු කතා,මඩ ගොඩක් මැද තමන්ගෙ ජීවිතේ දුකත් ලස්සනට අකුරු කරලා.තාම කියවලා ඉවර නෑ. කියවමින් යනවා.
ඔය අතරේ මුහුනු පොතේ දැක්කා අපේ දිලුම් අයියට(ඉලංදාරියට) තාම අසාධ්‍යයි කියලා. මේ වෙසක් දවසෙ අපි හැමෝගෙම ප්‍රාර්තනාවන් ඉටු වෙලා දිලුම් අයියට ඉක්මන් සුවය ලැබෙන්න ඕන. ඔයා වෙනුවෙන් මහ ලොකු දේවල් කරන්න බැරි උනාට. පංසලකට ගිහින් මලක් පූජ කරල ඔයාට ඉක්මන්ට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න අපිට පුලුවන් අයියා. ඔයා ඉක්මන්ටම ආයි එයි. ආයිමත් ඉලංදාරියා බ්ලොග් ලියයි. සතුටින්. අපි හැමෝගෙම ප්‍රාර්තනාව ඒකයි.
අපි හැමෝම අපේ ආගමේ විදියට ඉලංදාරියා අයියට ඉක්මන් සුව ප්‍රාර්තනා කරමු. අපි මොන ආගමේ උනත් මොන ජාතියේ උනත් අපි එක පවුලක්. මේ අපේම කෙනෙක්. අපි එකට ඉන්න ඕන. බුද්ධාගමේ අය පන්සල් ගිහින් බෝධි පුජා කරලා සෙත් පතනකොට, කතෝලික අය,ඉස්ලාම් අය පල්ලි ගිහින් දෙවියන් වහන්සේට ප්‍රාර්තනා කරමු ඉලංදාරියා අයියට ඉක්මන් සුව පතලා!!!!
දිලුම් අයියේ අපි ඔබ සමගයි!!!!!

Subscribe to:
Posts (Atom)