කියන්න යන්නෙ නං ටිකක් විතර ඇත්ත කතාවක් ඔන්න. ඇත්තටම මම කවුද??? (ඒක මං වත් හරියට දන්නෙ නෑ ඉතින්.)
මීට අවුරුදු එකහමාරකට , 2කකට කලින් මං බ්ලොග් එකක් දකිනවා, මං කියවපු පලවෙනි සිංහල බ්ලොග් එක. හිතට පුදුම විදියට දැනෙන කතාවක්. ඔව් කවුරුත් දන්න දුකා අයියගේ බ්ලොග් එක. මං මුලින්ම කියවපු බ්ලොග් පෝස්ට් එක තමයි ඒ. එදා ඉදන් හම්බෙන හැම බ්ලොග් එකක්ම කියෙව්වා. දුකා අයියගේ බ්ලොග් එක මුල සිට අගට කියෙව්වා. ජීවිතේට ගොඩක් දෙවල් ලැබුන තැනක් ඇත්තටම එතන.
ඊටත් පස්සෙ තවත් කාලයක් ගිහින් මටත් හිතෙනවා බොලොග් එකක් ලියන්න. ඒත් ඇත්තටම මට ලියන්න බෑ. දන්න කාලෙ ඉදන් පොත් කියෙව්වා. කෑම ඔතාගෙන ආපු කොලෙත් තියෙන්නෙ සිංහල නං ඒකෙ තියෙන්නෙ මොකක් උනත් මං ඒක කියෙව්වා. ඒත් මට ලියන්න බෑ(අදටත්). ඒත් හිතේ ආසාවට පටන් අරන් අවුරුද්දක් ගියා. ලියන එක නැවැත්තුවා හ්ම්ම්ම්ම්.. ජීවිතේට ගොඩක් දේවල් ලැබුනා. තමන්ගෙම කියලා යාලුවො ගොඩක්. කවදාවත් දැකලා නැති කෙනෙක්ගෙ ජීවිතෙ වෙනුවෙන් එකතු වෙන්න පුලුවන් පවුලක්.
බ්ලොග් ලියන අයව මට මුලින්ම හම්බෙන්නෙ විශේශ දවසක. දැනට දවස් කීපයකට කලින් අපිව දාලා ගිය දිලුම් අයියා වෙනුවෙන් එයාගෙ සැත්කම වෙනුවෙන් මුදල් එකතු කරන්න, ඒ ගැන කතා කරන්න රැස් උනා. මං දැනගෙන හිට්යා එතන්ට මං පොඩි වැඩී කියලා. ඒත් ගියා, හේතුව මට කරන්න පුලුවන් උපරිමය ඒක වෙන්න පුලුවන් නිසා. එදා මාව බ්ලොග් වලට ගෙනාපු අපේ දුකා අයියව මට හමු උනා. ඇත්තටම මේක කියෙව්වත් සමහර විර දුකා අයියට මාව මතක් වෙන එකක් නෑ... මොකද මේ සයිබරයට මං ඒ තරමටම පොඩි කෙනෙක්... වයසින්(නොවෙන්නත් පුලුවන්) සහ හැකියාවෙන්...
ඊටත් පස්සෙ කට්ටියව හම්බෙන්නෙ අභීත අයියගෙ හීනය ඇත්ත වෙන දවසෙ,සයිබර් සිහින බක් මහ උළෙල...එදත් මං ගොඩක් දෙනෙක් අදුර ගත්තට මාව අදුර ගත්ත අය අඩුයි.. හිහ් හිහ්.. මගේ මරණෙ අයියා එහෙම මාව හොයලා තියනවා වෙන කෙනෙක් ගෙන් මගේ නම කියලා.සුන්දර මතක ගොඩක්.
ඊටත් පස්සෙ දිලුම් අයියට සෙත් පතලා බෝධි පූජාව කරපු දවසෙ අපෙ අය ටික දෙනෙක් හමු වෙනවා.එදයින් පස්සෙ ආයිමත් කට්ටියව හම්බෙන්නෙ අමිහිරි මතකයක් එකතු වෙන දවසක. දිලුම් අයියගෙ අවසන් කටයුතු සයිබර් යායෙ අපේ පවුලෙ අය මට මුන ගැහෙන්නෙ.
බස් පදින්න වැඩිය යන්නෙ නැති නිසාත්,මුහුණු පොතේ ඕෆ්ලයින් ඉන්න නිසාත්(ගොඩක් වෙලාවට) මට ගොඩක් අයව හම්බෙනව අඩුයි. හේතුව ආඩම්බර කම නං නෙවී. තනියම ඉන්න හුරු වෙලා. යාලුවො වට කරන් හිටපු ජීවිතේ ලොකු හිස් කමක් දැනුනා. තාම එකෙන් එලියට එන්න අමාරුයි. පෝස්ට් එක දිග වැඩි. සමාවෙන්න ඕන. :) :) :)එදා සිට අද වෙනකන් කෙටිම කෙටි කතාව මේක තමයි මගේ බ්ලොග් ජීවිතේ.
මේ මගේ අලුත්ම බ්ලොග් එකේ අලුත් උන මම "නඟා".
මගෙ කතාව මෙයින් අවසානයි. අසා සිටි ඔබ සැමට ඉත්තූතියි!!!
නගා කවුද බන් කියන්නේ ඔයාට ලියන්න බෑ කියල මේ අගේට සින්හල හෝඩිය ගැටගහල තියෙන්නෙ?? අනේ මටනම් බෑ මෙච්චර ලස්සනට ලියන්න.... ඔයාට ලස්සනට ලියන්න පුලුවන්....දිගටම ලියමු...මමත් ටිකක් අලුත් නිසා මට ඔයට පන්ඩිත කතා කියන්න බෑ... ඒත් ජය වේවා....
ReplyDelete@යසියා අයියා- හ්ම්ම්ම්ම්.. අදහසට තැංකූ.... එක පාරක් බැලුවම ආයි පැත්ත පලාතක එන්න හිතෙන්නෙ නැති බ්ලොග් එකක් නොවෙනව නං මට ඒ ඇති... :) :) ජය වෙවා!!! ආයි ඇවිත් යන්න එන්න හොදේ...
ReplyDeleteඅහ් නඟා ආයේ ලියන එක ගැන සතුටුයි :)
ReplyDeleteහැම වැඩක්ම පටන්ගන්නෙ පොඩියටනේ එකපාර ලොකු වැඩකට අතගහනවට වඩා පොඩි වැඩකින් පටන් අරන් ස්ථාවරයක් හදාගන්න එක ඇගට ගුනයි.... දිගටම කරගෙන යන්න දැක්කම ආයෙනොයෙන්න හිතෙන්න තරම් බ්ලොග් එකේ අවුලක් නෑ සප් එකක් ඕනෙ වුනොත් අපි ඉන්නේ.....
ReplyDelete@පුසා අයියා-ඔයා මාව අදුර ගත්තා ඒ කියන්නෙ නේ??? හිහ් හිහ්... ඔන්න ඉතින් ආයි ලියනවා.. අර පොරොන්දුව නං කඩන්නෙ නෑ එත්...
ReplyDelete@කිඩෝ මල්ලි(මලි ව්එන්න ඕන)- තැංකූ තැංකූ... උදවුවක් ඕන උන ගමන් ම අමතන්නන්ං... ආවට ඉත්තූතියි!!!
නංගි බබාලට මමත් ආසයි
ReplyDeleteඅඩේ...!!! ඔයා අක්කද, නංගිද කියන්න මම දන්නේ නැතිය..
ReplyDeleteමේ ලස්සනට ලියල තියෙන්නේ නිකං ගගක් ගලන් යනව වගේ..
නිකං හිටු මෙතන බොරු කියන්නෙ නැතුව නංගි බබා...!!!
@සුපර් මාරියෝ.. දනන් විදියට නං ඔයා අයියා වෙන්න ඕන. මම 91 එක මාසෙක එක දවසක ලු ඉපදුනේ.... තැන්කූ තැන්කූ අදහස් වලට... :) :) දකුනු පලාතේ නේ??? සතුටුයි මේ පැත්තෙ ආපු එක ගැන.. ආයෙත් එන්න... :) :)
ReplyDeleteඔහොම ලොකු පොඩි කතාවක් බ්ලොග් කාරයෝ අතර නැහැ නගා හැමෝම එකයි එක නිසා ඔයා පොඩී කියලා හිතන්න එපා. දුකාත් එකයි ඔයාත් එකයි
ReplyDeleteහ්ම්ම්... මමත් කාලයක් තනි වෙලා හිටියා ඒ මේ බ්ලොග් අවකාශෙට එන්න කලින්.. ඔය ලියලා තියෙන්නේ එළකිරි වගේ... මරේ අයියා කිව්වා වගේ පොඩි ලොකු කතාවක් නෑ අපි හැමෝම එකයි :)
ReplyDelete@මරේ අයියා- හ්ම්ම්ම්.. :) ඒත් ඉතින් හැකියාව අතින් අපි හැමෝම හැමෝටම වඩා වෙනස් නේ අයියා. අනිත් අය එක්ක ගත්තම මං ඉන්නෙ ගොඩක් පහල තැනක.. ඒත් ලියන්න තියන ආසාව නිසයි මේක පටං ගත්තෙ. අදහස නං ගොඩක් වටිනෝ... ආයි එන්න හොදේ...
ReplyDelete@නගා - ඔයත් දකුනෙද??
ReplyDeleteමගේ ලෝකෙ පැත්තෙත් ඇවිල්ලා පලෝ පාරක් දැම්මනං නේද හොද....
http://superkolla.blogspot.com/
හික් හික්..
(මෙය මුදල් නොගෙවා ප්රචාරය කරන ලදී)
@හසී අක්කා- මං ඉතින් ඉස්සර හිටපු විදියයි දැන් ඉන්න විදියයි ලොකු වෙනසක් තියනවා නේ අක්කා.. ඒක සමහර අයට ගොඩක් හොදට තේරිලා. සමහර අය මාත් එක්ක තරහ වෙලා. හිතේ අවුල් නැති උනාමත් අවුලක් තියනවා නේ.. හිහ් හිහ් මට තියෙනෙන් අන්න ඒ අවුල..තැන්කූ හොදේ ආවට.. ආයිත් එන්න. ඔයාලා නැත්තං ඉතින් ඇත්තටම මං මෙහෙමවත් ලියනන් දන්නෙ නෑ. ඔයාලගෙ බ්ලොග් කියවල ඉගන ගන්න දෙවල් තමයි තියෙන්නෙ.
ReplyDeleteසුපර් මාරියො අයියා ගිහින් බැලුව නං. මතක විදියට ඊයෙම මං ඔයාගෙ පස්සෙන් එන අයගෙ ලිස්ට් එකට ඇඩ් උනාද කොහෙද...
ReplyDeleteආ නගා....ලියමු ලියමු එහෙනම්.අපි ඉතිං කියවනවනෙ ඔයාගෙ post.
ReplyDeleteඔයා කොහෙද හලෝ fb එකේ offline ඉන්නෙ?හැම වෙලාවකම වගේ online නෙ.
කවුද කියන්නේ ලියන්න බැ කියල...ආ ඔයාමනේ....මේ ලියල තියෙන්නේ අපුරුවට...තමා ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා නගා....බැහැයි කියල දෙයක් නැනේ.....සුබ පැතුම්...දිගටම ලියන්න...
ReplyDeleteමේ ඊයෙයි අදයි නේ අල්ලෝ ඔන්ලයින් හිට්යේ.. හේතුව නඟා මේ දවස් වල ලෙඩ නිවාඩු.. ආයි වැඩ පටන් ගත්ත ගමන් මං යනවා... තැංකූ ආවට.. ආයි එන්න හොදේ...
ReplyDeleteබෑ බෑ කිය කිය ඉන්නේ නැතුව .. ආයෙමත් වැඩ අල්ලන්න නඟා .අපි එන්නම් කියවලා යන්න
ReplyDeleteමගේ ලිස්ට් එකේ නගා නෑ නොවැ... :-(
ReplyDelete@හිස් අහස- ඔන්න මාත් ආයි ලියන්න ගත්තා අයියා. හිතට එන දේ හංගන්නෙ නැතුව...
ReplyDelete@සුපර් අයියා- දැන් හරි නේ???
අහ්.. හරි හරි...:D :D
ReplyDelete