Sunday, November 20, 2011

හෙල්ප් ප්ලීස්....

අනේ අපේ කස්ටිය හරිම හොදයි... දැක්ක නේ හෙල්ප් කියපු ගමන් මෙතන... :) :) :)  

හරි හරි වැඩි කතා නැතුව ඕන උදව්ව කියන්නන්කෝ... මෙන්න මේකයි උදව්ව... කස්ටිය මෙන්න මේ ලින්ක්  එකෙන් ගිහින් මේ ෆොටෝ ඒකට ලයික් එකක් දාලා එන්නකෝ...  

මං වගේ අහිංසක හොද ළමයෙක්ට උදවු නොකර කොහොමද නේ? අන්න එක නේ.. 

දැන් කස්ටිය දුවලා දුවලා ගිහින් ලයික් එකක් දාලා ඇවිත් මෙන්න මේ බිම එක බිලා ගෙවල් වල යන්නකෝ... :) :) :) 



මගේ ඇඩ් දාන්න ඉතින් වෙන තැන් කොහෙද අලෙ... මේ බ්ලොග් එක ඇරෙන්න... එනං අපි ගියෝ... ආපු හැමෝටම ඉත්තුතියි...

Monday, October 24, 2011

පමා විය ඔබ....

සොරා ගත් පසුම්බිය
කාලෙකින් ආයිමත් මගේ අතට...
එත මොකටද දැන්,
ඒක හිස වෙලා....
අනික මං අරගෙන
අලුත් පසුම්බියකුත්...
වටිනාකමක් නැ දැන් මට
ඒ පසුම්බියෙන්....
නුබේ ආදරෙත් දැන් මට, 
ඒ පසුම්බිය වගේ...

Wednesday, October 5, 2011

(කොට)කසාදය!!!!!

හිතුවෙම මතක වෙයි කියලා
ඒත් ඔයාට මතක් උනේ නැ....
දුරින් ඉදන් ජීවතේ හොයපු අපි
අපේම විතරක් උනා....
ජීවතේ හම්බුනා කියලා හිතුවා... 
ඒත් දෙයියනේ අන්තිමේදී
දැන් අපිට අපිවත් නැති වෙලා නේද???
ආදරේට පුංචි පුංචි මතකයන්
පුංචියට සමරපු ඒ කාලේ
මට ආයිමත ඕන.. 
ඒ ජීවතේ මට ආයිමත් ඕනා...
මට ඔයාව ඕන...
මට මාව ඕන...
මැරිලා යන්න කලින් මට අපේ 
ඒ ජිවිතේ ආයි ඕන....
සල්ලි වලට යට වෙන්න යන,
කාලය යට කරන්න යන,
අපේ සතුට මට ආයිමත් ඕන....

Monday, September 19, 2011

අහිමි වීම හා හැර යාම

"මට නැති උනේ
මට ආදරේ කරන්නෙ නැති
එක්කෙනෙක් විතරයි...
ඒත්, එයාට නැති උනේ
මේ ලෝකෙ එයාට
වැඩිපුරම ආදරේ කරන කෙනා.."


මේක තිබුනේ මං බ්ලොග් කියවන්න ආපු මුල්ම කාලෙ දැකපු බ්ලොග් එකක පොස්ට් එකක. ඒක තිබුනෙ ලොකු කතාවක්. ආදර කතාවක අවසානෙ. ඒ ලින්ක් එක මං ගොඩක් කල් තියාගෙන හිට්යා. ඒ කතාව කියවලා අඩපු අයත් මං ඕන තරන් දැක්කා. හැදුන අයත් මං ඕන තරන් දැක්ක. මේ කතාව ආයිමත් මතකෙට එන්නෙ ආදරේ නැති වෙලා දුක් විදින කෙනෙක් මේ ලගදි මට හම්බුන නිසා. එයා සමහර විට මේක කියවයි. සමහර විට නොකියවා ඉදියි.


මේ ලෝකෙ ඉන්න හොදම කෙනා අපිට හම්බුනත් අපි ඒ කෙනාගෙ අඩුවක් දකිනවා. ඒක තමයි අපේ හිත. කවදාවත් ඉවර වෙන්නෙ නැති ආසාවන්.හ්ම්ම්ම්ම්.. එහෙම උනාම අපේ හිත් දුවනවා. අපිට නවත්තන්නත් බෑ අපි බලාපොරොත්තු වෙන දෙයක් තියන කෙනෙක් ලග නවතිනවා. අපි දැන් ඉන්න කෙනා ලග මුලු ලෝකෙම ආදරේ තිබුනත්, අර අපි ආස වෙන දේ එක පාරම කෙනෙක්ගෙ ඇතුලෙන් අපි දැක්කොත් හැම දේම දාලා අර කෙනා ලගට යන්න අපි හිතා ගන්නවා. මේ අපෙ හිත් වෙනස් වෙන්න පුලුවන් තැන්.


තව කෙනෙක් ට තමන් ලග ඉන්න කෙන එපා වෙන්න හෙතුව එයාවත් දන්නෙ නෑ. එකට හෙතුව හිත වෙන තැනක නවතින එකත් නෙවෙයි වෙන්න පුලුවන්. එ වගෙ ගුප්ත මිනිස්සු අපෙ ජිව්ත වල අපිට ඔන තරන් හම්බෙනවා... ආදරෙ කරන කෙනාගෙන ගොඩක් දෙවල් බලාපොරොත්තු වෙලා එ දේවල් නොලැබුනාම දාලා යන අයත් ඕන තරන් ඉන්නවා නෙ...එත් එ කෙනා අසාදාරනයි කියලා එයා වත් දන්නෙ නෑ...


මෙ ලොකෙ මිනිස්සු එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස්. "කවදාවත් මනුස්සයෙක්ව තේරුම් අරන් ඉවර කරන්න එපා"  ස්කයිප් කොල් එකක මැදින් ඇහුන කතාවක්... ඒ කතාවෙ කොච්චර ලොකු ඇත්තක් තියනවද කියලා තෙරුනෙ ටිකක් කල්පනා කරාමයි. මිනිස්සු කියන්නෙ මෙ ලොකෙ අවසානෙ වෙනකන් තෙරුන් ගන්න බැරි ජාතියක් වෙන්න ඇති. අනෙ මංදා.


ගන්න එකෙක් ඉන්නව නං මං මෙ කියපු දෙමලෙ තෙරුන් ගනියවු. මෙක බනක් නෙවියි. මං දැකපු දෙයක්. මේ බ්ලොග් පොස්ට් එක ලියන්න අරන් තියෙන්නෙ දැනට මාසෙකටත් කලින්. ඔන්න අද අන්තිම ටික ලියලා දැම්මෙ පහුගිය ටිකෙ අහන්න දකින්න උන දෙවල් නිසා.. විභාගෙ කන ලගටම ඇවිත්. මෙකට වෙලා හිටියොත් මටයි අඩන්න වෙන්නෙ. හිකිස්. මම යමි.. 


බුක් ෆෙයා පොස්ට් එක මඩ සමග මග එනවා(ඔය කියුවට ලියන එකකුත් නැ.)  18 බ්ලොග් ලියන වැඩිහිටි පරම්පරාව හමු විය, 21 අක්ශරෙ අපි , 22 අපෙ පොඩි මතංලා ටික එක්ක බුක් ෆෙයා යන්න හිතන් ඉන්නවා. නැව ගිලෙන්න ලගයි. මං තාම වයලින් ගහනවා මෙතන ඉදන්. 21,22 විභාගෙ අභාගෙ... හ්කිස්. ඔන්න අපි ගියොය.  දැන් කට්ටිය ඇවිත් පොලිමෙ මට බනින්න එපා.. මං හොද ලමයෙක් වෙමි... නරක ලමයෙක් නොවෙමි... 

Wednesday, September 14, 2011

හැගීම්.....

හූල්ලන්න එපා
ඒ හිතුවක්කාර හිත
අහිංසක ඇස්
දැන් ඔයාට අයිති නෑ...
.
ලග තියනකොට
දූවිලි කැටයක් උනා
දැන් කොහොමද
මැනික් කැටයක් උනේ?
.
එදා අන්තිම මොහොතෙ
අඩලා, අඩලා කියුවෙ
දාලා යන්න එපා කියලා නෙද?
එයාව එපා කියුවෙ ඔයාමයි...
.
දැන් මොකද්ද මේ???
.
අහිංසක ආදරයක් එක්ක
එයා සතුටින් ඉන්නව දැක්කම
දැන් අවුරුදු ගානකට පස්සෙ
දැනුන හැගීම ,
.
.
ආදරයද?
.
ලෝබ කමද?
.
ඉරිසියාවද?
.
නපුරු කමද?

Monday, September 12, 2011

කාලය සහ අපි

එදා
මට ගැලපෙන
එකම කෙනා
මෙයා
අද
මේ ලෝකේ
හොදම කෙනා
උනත්
මට
නොගැලපෙන
එකම කෙනා
මෙයා
හෙට
එයා එනකන්
මග බලාගෙන
ඉදියි  
මම

Saturday, September 10, 2011

Aල උන Lඑවල් එක.


බයෝ  කරපු අපි ගෙදරට නාකි වෙති..
මැත දා ගත් උන් තාමත් ජොබක් නැති..
ආර්ට් කොමස් උන් රිවිෂන් සරණ යති..
8 අසමත් එකා ඉහළින, ඉහලටම යති...

Monday, September 5, 2011

කාලයට ණය ගෙවීම!!!!


කාලය මනින්නෙ තත්පර වලින් නෙවී නං.
මං ගොඩක් දුර යන්න ඉඩ තිබුනා

කාලයට පිං සිද්ද වෙන්න 
කාලය ඉක්මන්ටම ගෙවිලා ගියා

ඔයා මගේ ලගින් නැගිටලා 
බස් එකෙන් බැහැලා යන්න ගියා

එදා ඒ මොහොතට  තව වෙලා ගියා නම් 
අද ඔයා මගේ ලග නැතිවෙන්න ඉඩ තිබුනා

අපි අපේ නොවෙන්න ඉඩ තිබුනා..

හ්ම්ම්ම්ම්ම්... 

කාලය...
අපේ ජිවත වල නොගැලපෙන ගොඩක් තැන්  
ගලපන්න අතරමැදියෙක් වෙලා..

කාලය ගෙවිලා...
අපි අපේ වෙලා..

Wednesday, August 10, 2011

මගේ කවිය

..................................................................
.................................................
........................................................
....................................
.....................................................................
.........................................
...............................................
.............................
...........................................................
....................................................
...................................
..................................................................
................................................
...............................
....................!!!!!!!!!

Sunday, August 7, 2011

~තරු අහසට ආදරෙන්~

තරු අහසට ගොඩක් දුක හිතිලා, 
හොදටම අඩනවා...
එකම විදියට ගෙවෙන අපේ ජීවිත 
වෙනස් කරන්න බැරි නිසා වෙන්න ඇති..
ඒ ඉතින් ඒ වැටෙන කදුලු නිසා ,
මේ එකම විදියට ගෙවෙන අපේ ජීවිත 
අලුත් වෙනවා කියලා දැන ගත්තොත්,
ඒ කදුලු කැට මල් වැසි වෙලා හැමදාම වැටෙයි...
තරු අහසෙ කදුලු වලට අපි හැමදාම ආදරේ කරයි...

Saturday, July 16, 2011

නිමා නොවෙනා ආදරේ. (විරාමයක්)

නිමා නොවෙනා ආදරේ. අපේ ඉෂ් අයියගෙ පළවෙනි ආදර කතාව. ඒක මං ලියන්න අරගෙන තාම කොටස් 3යි ලියා ගන්න වෙලාවක් නෑ. කොලයක් බලන් ටයිප් කරනවා කියන්නෙ ගොඩක් ව්එලා යන වැඩක් නේ. මං මේක දාපු විදියට කට්ටියට කම්මැලි වෙනවා කියවන්නත්. මං හිතුවා කතාව මතු සම්බන්දයි කරලා මගේ විභාග අභාග වලින් පස්සෙ ලියන්න. මොකද ඒ කතාවෙ තියෙන්නෙ කෙනෙක් ගෙ ජීවිතෙ ඇත්ත හැගීම්. ඒක නිකන්ම නිකන් පොඩි ඔඩි කෑලි වලට කඩලා පිටකොටුවෙ දාලා විකුනනවා වගේ කරන්න බෑ. 


නඟා පහුගිය කාලෙ රාජකීය ලෙස විභාග 2,3ක්ම ඇන ගත්ත නිසා මේ දවස් වල රිපීට් වලට නැහෙනවා. ඒව එක්ක මේ පැත්තෙවත් එන්න වෙලාවක් නැති වෙයි ඉස්සරහට(ඔය කියුවට නඟා මැරිලා ඉපදිලා නෑ නේ. අපි නොදන්න නඟා. නේ?) හිකිස්...


කියන්න ආවෙ නිමා නොවෙනා ආදරේ මගේ විභාග අභාග ඉවර වුන ගමන්ම කියලා ඉවර කරනවා කියලා. මොකද එ4 කොල 20 විතා පිරෙන්න තියන ආදර කතාවක් මහ ගෙදර වගේ එපා වෙනකන් අදින්න ම්ං ආස නෑ. එක අසාදාරනයක්, ලියපු කෙනාටත්. ඔන්න එහෙනං නිමා නොවෙනා ආදරේ

මතුසම්බන්දයි...

~~~~~~~~~~~ගැබ්බර ගැහැනිය~~~~~~~~~~

නූපන් දරුවට
මරණ සහතික
ලියන මම
ආසියාවෙ
අවිවාහක
ගැහැනිය

Friday, July 15, 2011

මිතුරු කැල කුලක විය

ඔන්න අද දවසෙ සාරාංශේ. හිකිස්. මේක අවසානෙ නඟාට එල්ල උන මැර ප්‍රහාරෙ ගැන මේකෙ මං කියන්නෙ නෑ. 


අද ආපු අය ගැන මඩ ටික වෙන වෙනම කියන්නං නේ? දිගට රස කොරලා ලියන්න බෑ අප්පා. 


උදෙ පාන්දර 9ට විතර  කෝල් එකක්. එතකොට මං බොරැල්ලෙ. "මිස් නඟා කොහෙද ඉන්නෙ? "


"ආහ් මල්ලි, මං මේ තුම්මුල්ල කිට්ටුව(හිකිස්...) තව විනාඩි 2න් ඔතන."


හිහ් හිහ් හිහ්.. ඔහොම කියලා 154 අමාරුවෙන් 9.20 වෙනකොට මං තුම්මුල්ලට ගියා. මල මගුලයි දුවලා දුවලා ගියාට මොකද හෝල්ට් එකෙ කවුරුත් නෑ. ඇහ්? කෝ මුන්? 


"යකෝස් මං තුම්මුල්ලෙ, කොයි ඉන්නෙ?"
"අනේ අක්කෙ කන්න ආවා බං, පරිස්සමින් ඉන්න හොදේ අපි එනකන්"
"!@#$%^&*"
මොනව කරන්නද 9.40 වෙනකන් හිටියා කටු කාගෙන හෝල්ට් එකට වෙලා. මෙන්න එනවා දෙන්නා එක්ක වැනි වැනි.  ඉෂා(ඩාර්ක්නෙට්) ඇන්ඩ් දිලියා(අර හූනා වගේ ඉන්න පනුවා වගේ කොල්ලා). බනින්න වෙලාවක් හම්බුනෙ නෑ ඒ එක්කම ආපු බස් එකට ගොඩ උනා. "අක්කෙ ටිකට් ගන්න හොදේ අපි එනකොට ටිකට් ගන්නං. "
ආයිමත් මට ඉතින් !@#$%^&* . ග්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....
සන්තකේටම තිබුන රුපියල් 100 දුන්නා කොන්දොස්තර අංකල්ට. (හොද වෙලාවට අංකල් මගේ අතටම ඉතුරු සල්ලි දුන්න. නැත්තං අරුන් දෙන්නා එකෙන් කඩල හරි කයි. ඒ තරන් දත් ගලවලා හපන්නු).
ඔහොම්මම කොටුව ස්ටේසම ඉස්ස්රහට වෙලා ඉන්නකොට මෙන්න කෝල් එකක් චාටර් මල්ලි ඇවිල්ලලු. 
ඉශාර- "මචං උබ බෑග් එකක් දාගෙන නේද ඉන්නෙ?"
චා- "..........."
"ඉශාර-" බස් හෝල්ට් එකෙ නේ?" 
"දැන් ෆෝන් එක කනෙ තියාගෙන ඉන්නෙ උඹ නේ? " (හිකිස්, නැතුව ඉතින්)
"හරි මචං මං එන්නං,මං දැක්කා උඹව."

"අඩේ මේ චාටර් පොඩි එකෙක් කියුවට නාකි පප්පෙක්නෙ බං, බලපංකො අර ඉන්න මිනිහා."

වයස අවුරුදු 30ක විතර මනුස්සයෙක් දිහා බලාගෙන තමයි ඉශාරයා මෙච්චර වෙලා කියවලා තියෙන්නෙ. අපි ලගට යනකොට එ මනුස්සය අහක බලාගෙන යන්න ගියා. හිකිස්.. මෙන්න ඉන්නව තව ඇච්චං කොල්ලෙක් හිනාවේගෙන අපි ලගට එමින් ගමන්. අලි මේ තමයි චාටර් මල්ලි.
අනේද කියන්නෙ, නම චාටර් උනාට මලයා නං සිල් ගත්තා වගේ, හරීම නිවිලා.. වැඩිය ඕන නෑ කනට ඇහෙන්න කතා කරන්නෙ නෑ එ දරුවා.



ඔන්න ඔහොම එතනින්ම බස් එකක නැගලා අපි 4 දෙනා හෝ ගාන පොකුන ලගට ගියා. බස් එකට සල්ලි දෙන්නෙ නැතුව හොරාට යන්න ගිහින් ඉශාර මලයා ගුටි නොකා අමාරුවෙන් බේරිලා ඔන්න බස් එකෙනුත් බැස්සා. 
අපි ඉතින් ගිහින් ටික වෙලාවකින් දිලියා මට හෝ ගාන පොකුන ගැන, කොළඹ කාක්කන් ගැන, ගමේ කපුටන් ගැන, තව ගොඩක් දෙවල් ගැන විස්තර කරලා දුන්න(අපි ඉතින් ගමේ හැදුන අය නේ ආයුබෝන්.) 
ටිකකින් ඉශාරයා අතුරු දහන්.


කවුදෝ එකෙක් ඇවිත් කියලා ඉශාරයා ෆෝන් එකත් කනේ ගහන් ගියා දුරට. අපිට පේනවා. ඉශාර අර කොඩිය තියන තැඅන්ට නැගලා අත් දෙකත් උස්සගෙන මොකාද වගෙ හිටගෙන ඉන්නවා. පස්සෙනෙ දන්නෙ ආපු එකාට ඉශාර මල්ලිව පේන්නෙ නෑ කියලා, සිංහ කොඩිය තියන තැනට නගින්න කියුවලු. ඒ පේන්නෙත් නෑ කියලා අත් දෙකත් උසන්න කියලා. අනේ ඉතින් මෙ අහිංසකයා කියපු විදියටම කරලා. 


ටිකකින් ඉශාර එනවා අලි පැටියෙකුට වඩා ටිකක් විතර පොඩි කොලු පැටියෙක් එක්ක. හිකිස්. අලි මේ එන්නෙ මලියා තමයි. ඔන්න එකත් ආවා.


එතකොටම ඉශාරට කෝල් එකක් 
"පුතා මං මේ මලියගෙ අම්මා කතා කරන්නෙ, අනේ පුතා අපේ ළමයව ගෙහ්ඩරින් පිට යැව්වමයි ඔය.. මං මලක් ව්අගේ හදපු දරුවා පුතා, 138 ඇරෙන්න වෙන බස් එකක ගිහින් වත් නෑ ඒ දරුවා. අනෙ ආයි පරිස්සමින් ගෙදර එක්ක එන්න හොදෙ."
මලියා අලියා වගේ හිටියට අලි හුරතල් දරුවෙක් නෙව, එතනින් එහාට අපි පරිස්සන් වෙන එක පැත්තකින් තියලා අපි මලියව පරිස්සන් කරේ. (මලක් වගේ හැදුන කොල්ලා නේ.)


තව එකෙක් අඩුයි. කෝ අර සුලා?  ඌ තව නෑ.


තවත් ඕපදූප ටිකක් කතා කර කර ඉන්නකොට දිලියට කෝල් එකක් දීලා අර හක්කෙ දත් වැඩි ඒ,ඬී,කේ අයියත් එයාගෙ වෙන්නෙ වයිෆ් එක්ක ආවා. (ආපු ගමන් මගෙ වැඩිහිටි පට්ටම එහෙම්මම එයාට ගියා අප්පා, දුකේ බෑ.) 


තවත් පැයකට විතර පස්සෙ ආරුගම්බෙ පාරක් කන්න බලාගෙන සුලාත් එතන්ට ආවා. අනේ මාත් ඒකට ටොක්කක් හරි අනින්න බලාගෙන ගියේ කියන කතා වලට, කොහෙද සයිස් එක දැක්කම ටොකු නෙවී ලනුවක් දෙන්න හිතුනා අර තියන කාල තුවක්කුවකට දාලා බැදගන්න. කොල්ලා එ තරමට ගහගෙන යන්න හදනවා. මලියගෙ ඇලේ එල්ලිච්ච ගමන්මයි යනකන්ම හිටියෙ. 


ඔහොම වෙලාව ගෙවෙනකොට අප්පේ දිලියට ඇන්ටි කෙනෙක් දාලා එන්න බැරුව අඩ අඩ හිට්යා. හිකිස්. ඒ.ඩී.කේ අයියා දාලා තිබුනා නේ ඒ ඇන්ටි ගැන. මං කියන්නෙ අනෙතුව ඉන්නං. හිකිස්. ලැද්දයි අලේ . අපෝ..... 


ඔන්න ඔහොම ගිහින් හරියටම 1ට කිට්ටු වෙනකොට විසිර යා කියලා අර හක්කෙ දත් වැඩි අයියා කියුවා. ඉතින් එයාගෙ ගලව ගත්ත දත් ටික ගැන දුක හිතන්නෙ නැතුව එයයි එයාගෙ වෙන්ඩ වයිෆ් අක්කයි මාව ගෙදර ලගින්ම ගිහින් දාන්නං කියලත් කියුවා. තව දතක් ගලව ගන්න හිතිලා අයියා ඔන්න මගින් අඉක් කිලිමකුත් අලන් දුන්නලු. හිහ් හිහ්.. 


ඔන්න ඔහොමයි අද දවස ඉවර උනේ.. මෙහෙම ගිහින් මිතුරු කැල කුලක වූ වගයි. මඩ නැත. ස්වීට් විදියට ලියුවා ඔන්න.


අන්තිමට කියන්න තියෙන්නෙ, නඟාගෙ මොලේ හොද කමට හෙට තියනවා කියලා හිතාගෙන හිටපු මංගල්ලෙ තියෙන්නෙ හෙට නෙවී ලු. අනිද්දලු. හිකිස්.  දැන් ඉතින් මගෙ සිහිය ගැන කටිට්ය හොද හොද එව කියයි. ඔව් ඔව් ඔය කෙල්ල ඔහොම්මමයි, ඉගන ගන්න ඒවට කිසි උනන්දුවක් නෑ (ඉශ් අයියා සහ අපේ සහෝදරී මෙය නොදකිත්වා...)

Sunday, July 10, 2011

නිමා නොවෙනා ආදරේ. 03



බොහො අවස්තාවලදී ගුරුවරුන්ගේ පැමිණිම සටහණ් කරුනු පොත රැගෙන එන්නෙ ඉෂා විසිනි. එම නිසා මම එයට ඉතා කැමැත්තකින් හා ආසාවකින් සිටියෙමි. ඇය පොත රැගෙන එනකම් ආසාවෙන් බලා සිටියෙමි. නමුත් ඇයට ඒ පිළිබදව මා ඇයට නොහැගෙන අයිරින් කටයුතු කලෙමි. වෙන අයෙකු එම පොත රැගෙන ආවොත් මා එම රැගෙන එන්නාට සිතින් බැන වැදුනෙමි.

කෙසේ හෝ මෙලෙස කල් ගත වන විට 2007 වසරේ මැයි මස වන විට ඉෂාට දහම්පාසල් පැමිණිම පිළිබදව ගැටලුවක් ඇතිවිය. ඒ ඇය අපොස(උ/පෙ) ගණිත අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටින බැවින් හා ඉරිදා උදය වරුවෙ ඇයට උපකාරක පංතියක් පැටී තිබුන බැවිනි. පැයගෙ දහම්පාසල් නොපැමිණිමත් සමග ඇය ගැන මා සතුව තිබූ හැගීම් මා තුලින් යටපත් වීමට පටන් ගත්හ. මට මතක පරිදි ඒවා සම්පූර්නයෙන්ම යටපත් වුනි.

මෙලෙස කාලයක් ගතවෙමින් තිබියදී අප දහම් පාසලේ විනෝද චාරිකාව යාමට අපි සූදානාම් විමු. ඒ විනෝද චාරිකාව සදහා යොදාගෙන තිබුනේ ඔක්තෝම්බර් 28 දිනයයි.

මෙ අතර මාගේ උසස් අධ්‍යාපන ආයතනයේ අවසාන පරීක්ෂන විභාගයක් තිබිනි. එයට අදාල දිනය වූයෙ ඔක්තෝම්බර් 30යි.28 වන දින විනෝද චාරිකාවට සහභාගි වන අටියෙන් මා 27 වන සෙනසුරාදා දින හා 29 වන සදුදා දින පාඩම් කටයුතු වල යෙදීමට ඉටා ගතිමි.

ඉටා ගත් අයිරින්ම සෙනෞරාදා දින මා පාඩම් කටයුතු වල යෙදුනෙමි. එදින "සිරස සුපර් ස්ටාර්" පැවතුනද එයද නොබැලීමට මා තිරනය කරමින් අධ්‍යාපන කටයුතු වල පමණක් යෙදුනෙමි. නමුත් හවස් කාලයෙ තවත් අයියා කෙනෙකු සමග මා පංසල් ගියෙමි. ඒ විදුහල්පති ස්වාමීන් වහන්සෙ සමග විනෝද චාරිකාව පිළිබදව කතිකා කර ගැනීමටයි.

පසු දින එනම් 28 වන දින අපි විනෝද චාරිකාව යන අටියෙන් පෙ.ව. 5.00 වන විට එකතු විමු. විනොද චාරිකාව යාමට සූදානාම් කර ගත් බස් රථයද පැමිණියේය. විශේෂත්වය වූයේ ඒ බස් රථය ඉෂා ගේ වීමයි. එබැවින් ඇයද කලකට පසු නමුදු විනෝද චාරිකාව සදහා එකතු වී සිටියාය.

ඇය දැක මා හට යම් සතුටක් ඇති වූ නමුත් මා තුල යටපත් වු හැගීම් මෙ විනොද චාරිකාව තුළින් යලි පිබිදේ යැයි මා සිනෙකින් වත් සිතුවේ නැත. තෙරුවන් නැමැද පන්සිල් සමාදන් වූ පසු අපි බස් රථයට නැග විනෝද චාරිකාව ආරම්භ කලෙමු. ඒ දඹුල්ල , යාපහුව, රැස්සේරුව, නාමල් උයන හා අවුකන යන අටියෙනි.

Friday, July 8, 2011

නිමා නොවෙනා ආදරේ. 02

1 කොටස නොකියවපු අය මෙතනින් දුවලා ගිහින් කියවලා එන්න....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



මා දහම් පාසලේ ඉගැනීමට එකතු වූයෙ 2006 වසරේ අග භාගයේදී හෝ 2007 වසරේ මුල් භාගයේදිය.ඒ වන විට මා දහම් පාසල හැර ගොස් වසර දෙකක්(2ක්) පමන වේ. මා දහම් පාසල හැර ගියේ අ.පො.ස. (සා/පෙ) කරමින් සිටි අවදියේය. මට දහම්පාසල් ගුරුවරයෙකු ලෙස ඉගැන්වීමට සිතුනේ වෙන කුමක් හෝ හේතුවක් නිසා නොව මා ඉන් ලද දේ මතු පරපුරට ලභා දෙන අටියෙනි. 


ඒ වන විට මා ගැහැනු ළමයෙකුට පෙම් කර හෝ එවැනි සිතකින් ගැහැනු ලමයෙකු දෙස බලා වත් තිබුනේ නැත. නමුත් මාගේ සිත තුල චංචල ස්භාවය ඇති වූයේ මේ කියවන වකවානුවේය. ඒ ඉෂාව දැකීමෙන් අනතුරුවයි.මා සිත තුළ ඇය පිලිබද යම් හැගීමක් මතු වුවද මා එය නොසලකා හරින ලදි. ඒ මා පෙම් සභදතා පිලිබද දැනුවත් මදි කම නිසා විය යුතුය (නමුත් මේ වන විට මා මිතුරන් කිහිපදෙනෙකු හට පෙම් සබදතා උපකාර කර තිබුණි) නැති නම් මා සතුව තිබු අදි මානය නිසා විය යුතුය,


කෙසේ වෙතත් එලෙස මා සිත තුලම තබාගෙන තිබූ හැගීම මා විසින්ම යටපත් කර ගත්තෙමි. මෙහිදී එකක් කිව යුතුය. මා තුල ගැහැනු ළමයෙකු පිලිබදව  මෙසේ හැගීම් ඇති වූ ප්‍රථම අවස්තාව මෙයය. මෙය රාගිකවූ හැගීමක් නොවන බව විශේශයෙන් සදහන් කල යුතුය.


ඇය පිලිබදව සදහන් කරනවා නම් , එතරම් පැහැපත් නොවූ ඇය මට වඩා පැහැපත් වූවාය. මට ඇයව පෙනුනේ ලස්සනටය. මට ඇය පිලිබදව දැනුන හැගීම් වචනයෙන් විස්තර කල නොහැක. එය ඔබ යම් තාක් දුරට හෝ තෙරුම් ගනිතියි මම සිතමි.
                                                     ඉෂ් 

ප. ලි. :- මේ දවස් ටිකේම එක දිගට වැඩ සමාවෙන්න ඕන මෙහෙම ටික ටික කතාව අදිනවට. මේකත් මෙ හරිම නිදි මතේ අමාරුවෙන් කොලේ බලාගෙන ටයිප් කරේ. ඉෂ් අයියගෙ අකුරු ටික නං අලි චෝයි, කියවගන්න පරණවිතාන ගේන්න වෙනවා.කටිට්ය මට බනින්න එපො. නඟාට මේ දවස් වල අහස උසටත් වඩා ටිකක් උසට වැඩ(කියලා හිතාගෙන ඉන්නවා). සුරංගනාවිත් ගෙදර ඇවිත්, තව එක එක ගමන් බිමන් නිසා මේ පැත්තෙ එන්න ව්එලාවක් හම්බුනේම නෑ.ඔන්න දැන් ටයිප් කරලා තියුවට මොකද මේක පබ්ලිශ් කරන්න වෙන්නෙ උදේට තමයි. මොකද අදාල අයගෙන් අවසර ගන්න එපයි පබ්ලිශ් කරන්න. :) :) එහෙනං උදේට ගුඩ් මොර්නින්ග් වගෙ එකක් වේවා........ අපි යනො....

Monday, July 4, 2011

නිමා නොවෙනා ආදරේ... 01

ස්ථානය:-_ _ _ _ ආපන ශාලාව
දිනය:-09/02/2008


මා තුල වූ චංචල ස්භාවයක් වූ මාගේ ප්‍රථම පෙම් හැගේම පිළිබදව මෙසේ අකුරු කරමි. නමුත් අද දින වන විට මා විසින් මා සතුව තිබූ හැගීම් යටපත් කර ගනිමින් අසීරුවෙන් හෝ ඇය පිළිබදව මා සතුවන මතකයන් අමතක කරමින් සිටින අවදියක් වන මෙම අවදිය වන විට යම්තාක් දුරට ඇය පිළිබද මා සතුවන හැගීම් හා සිතුවිලි යටපත් වී, අමතක වී ඇත. 


එබැවින් මා මෙසේ අකුරු කිරීමේදී යම් අඩුපාඩුවක්, ආමතක වීමක් හෝ ප්‍රේමාන්විත බව කෙරෙහි සිදුවන අඩු පාඩු කෙරෙහි මා ප්‍රථමයෙන්ම ඔබගෙන් සමාව අයැද සිටිමි. එසේම මේ වන විට මා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනය ලබා සිටිමින් ඇති බැවින් මා හට සිංහල භාෂාවෙ යම් වචන හා ව්‍යාකරණ අමතක වී ඇත.එබැවින් සිංහල භාෂාවට මාගෙන් යම් අඩුපාඩුවක් සිදු වුවහොත් එයටද මා සාමාව ගනිමි.


මෙහි එන මා සිත් ගත් ගෑණු ළමයාගේ නම ඉශා ලෙස දැක්වීමට මා කැමති අතර මෙහෙදී මාගේ මිතුරෙකු ලෙස(ඉතා හොද මිතුරෙකු) දුලා දැක්වීමට කැමැත්තෙමි. ඉශා ගැන මා සතුව ඇති මතකයන් දැන් මා තුලින් යම් තාක් දුරට ගිලිහී ගොස් ඇති නමුදු ඇය පිලිබදව මා සිතින් දුක් විදි අවදියේ මාගේ මිතුරාආ වූ දුලා මට නිතර පැවසූ වදනක් තිබිනි. ඒ තමයි "මචෝ උඹ හරියට අනියන් ෆිල්ම් එකෙ ඉන්න අම්බි වගේ" යි යන්න. 


එසේ කීමට හේතුව වූයේ ඉෂා පිලිබද, ඇය සම්භන්ද සියලු දේ මා මතකයේ තිබූ බැවිනි. නමුත් ඒවා මා මතකයේ තබා ගනිමින් මටම කර ගන්නා වූ හානිය වැලැක්වීම උදෙසා මම එම මතකයන් ඉවත ලමින් සිටිමි. මාගේ එම කතාව මා මෙලෙස අකුරු කරමි... මම,
                                                                                 ඉෂ්