Monday, September 19, 2011

අහිමි වීම හා හැර යාම

"මට නැති උනේ
මට ආදරේ කරන්නෙ නැති
එක්කෙනෙක් විතරයි...
ඒත්, එයාට නැති උනේ
මේ ලෝකෙ එයාට
වැඩිපුරම ආදරේ කරන කෙනා.."


මේක තිබුනේ මං බ්ලොග් කියවන්න ආපු මුල්ම කාලෙ දැකපු බ්ලොග් එකක පොස්ට් එකක. ඒක තිබුනෙ ලොකු කතාවක්. ආදර කතාවක අවසානෙ. ඒ ලින්ක් එක මං ගොඩක් කල් තියාගෙන හිට්යා. ඒ කතාව කියවලා අඩපු අයත් මං ඕන තරන් දැක්කා. හැදුන අයත් මං ඕන තරන් දැක්ක. මේ කතාව ආයිමත් මතකෙට එන්නෙ ආදරේ නැති වෙලා දුක් විදින කෙනෙක් මේ ලගදි මට හම්බුන නිසා. එයා සමහර විට මේක කියවයි. සමහර විට නොකියවා ඉදියි.


මේ ලෝකෙ ඉන්න හොදම කෙනා අපිට හම්බුනත් අපි ඒ කෙනාගෙ අඩුවක් දකිනවා. ඒක තමයි අපේ හිත. කවදාවත් ඉවර වෙන්නෙ නැති ආසාවන්.හ්ම්ම්ම්ම්.. එහෙම උනාම අපේ හිත් දුවනවා. අපිට නවත්තන්නත් බෑ අපි බලාපොරොත්තු වෙන දෙයක් තියන කෙනෙක් ලග නවතිනවා. අපි දැන් ඉන්න කෙනා ලග මුලු ලෝකෙම ආදරේ තිබුනත්, අර අපි ආස වෙන දේ එක පාරම කෙනෙක්ගෙ ඇතුලෙන් අපි දැක්කොත් හැම දේම දාලා අර කෙනා ලගට යන්න අපි හිතා ගන්නවා. මේ අපෙ හිත් වෙනස් වෙන්න පුලුවන් තැන්.


තව කෙනෙක් ට තමන් ලග ඉන්න කෙන එපා වෙන්න හෙතුව එයාවත් දන්නෙ නෑ. එකට හෙතුව හිත වෙන තැනක නවතින එකත් නෙවෙයි වෙන්න පුලුවන්. එ වගෙ ගුප්ත මිනිස්සු අපෙ ජිව්ත වල අපිට ඔන තරන් හම්බෙනවා... ආදරෙ කරන කෙනාගෙන ගොඩක් දෙවල් බලාපොරොත්තු වෙලා එ දේවල් නොලැබුනාම දාලා යන අයත් ඕන තරන් ඉන්නවා නෙ...එත් එ කෙනා අසාදාරනයි කියලා එයා වත් දන්නෙ නෑ...


මෙ ලොකෙ මිනිස්සු එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස්. "කවදාවත් මනුස්සයෙක්ව තේරුම් අරන් ඉවර කරන්න එපා"  ස්කයිප් කොල් එකක මැදින් ඇහුන කතාවක්... ඒ කතාවෙ කොච්චර ලොකු ඇත්තක් තියනවද කියලා තෙරුනෙ ටිකක් කල්පනා කරාමයි. මිනිස්සු කියන්නෙ මෙ ලොකෙ අවසානෙ වෙනකන් තෙරුන් ගන්න බැරි ජාතියක් වෙන්න ඇති. අනෙ මංදා.


ගන්න එකෙක් ඉන්නව නං මං මෙ කියපු දෙමලෙ තෙරුන් ගනියවු. මෙක බනක් නෙවියි. මං දැකපු දෙයක්. මේ බ්ලොග් පොස්ට් එක ලියන්න අරන් තියෙන්නෙ දැනට මාසෙකටත් කලින්. ඔන්න අද අන්තිම ටික ලියලා දැම්මෙ පහුගිය ටිකෙ අහන්න දකින්න උන දෙවල් නිසා.. විභාගෙ කන ලගටම ඇවිත්. මෙකට වෙලා හිටියොත් මටයි අඩන්න වෙන්නෙ. හිකිස්. මම යමි.. 


බුක් ෆෙයා පොස්ට් එක මඩ සමග මග එනවා(ඔය කියුවට ලියන එකකුත් නැ.)  18 බ්ලොග් ලියන වැඩිහිටි පරම්පරාව හමු විය, 21 අක්ශරෙ අපි , 22 අපෙ පොඩි මතංලා ටික එක්ක බුක් ෆෙයා යන්න හිතන් ඉන්නවා. නැව ගිලෙන්න ලගයි. මං තාම වයලින් ගහනවා මෙතන ඉදන්. 21,22 විභාගෙ අභාගෙ... හ්කිස්. ඔන්න අපි ගියොය.  දැන් කට්ටිය ඇවිත් පොලිමෙ මට බනින්න එපා.. මං හොද ලමයෙක් වෙමි... නරක ලමයෙක් නොවෙමි... 

17 comments:

  1. මම මම් ආදරේ කරපු කෙනාගෙන් සමු ගන්නකොට මම් කිව්වේ ඕකේ අනිත් පැත්ත. මම කිව්වේ මට නැති උනේ මට ගොඩක්ම ආදරේ කරපු කෙනා නමුත් ඔයාට නැති උනේ ඔයාට ආදරේ කරපු එක කෙනෙක්ය කියලා. ඔයාට ගොඩක්ම ආදරේ කරන කෙනෙක් ලැබෙන්න කියලා සුබ පතලත් ආවා.

    මම් හිතුවේ බුක් ෆෙයාර් මඩ ප්‍රචාරය එයි කියලා. කමක් නෑ ඒකත් ලියමු. ඔන්න නොලිය එහෙම ඉන්නෙපා.

    ReplyDelete
  2. මදුරංග අයියා- වෙලාවක් නෑ අයියා එක ලියන්න.. විභාගෙන් පස්සෙ ලියද්දි උනුසුම ගිහින් එකෙ.. හිහ් හ්ඉහ් හිහ්.. බලමු. ට්‍රයි කරනවා.. මෙක මෙ ගොඩක් කලින් ලියලා තිබුන එකක්... හිතුනා පබ්ලිශ් කරන්න ටිකක් එඩිට් කරලා එහෙම...

    ReplyDelete
  3. බුක් ෆෙයා බලන්න ගිහිපු අපේ මිස් කීවෙ මිනිස්සු තෙරපිලා ඇගේ හැපෙනවම තමයි කියල...ඒකත් හොඳයි...

    ReplyDelete
  4. ඔය කෙනාව මම දන්නවද මන්දා

    ReplyDelete
  5. මාත් අඩ අඩ හිටපු කාලේ නගා මට ඔය බ්ලොග් පොස්ට් එකේ ලින්ක් එක එව්වා... එදා ඉදන් තමයි මාත් ඕන එකකට හෝයියා උනේ

    ReplyDelete
  6. ඔය කවිපද ටික මම කොහෙදිහරි කියවල තිබෙනව. හුඟක් හැඟීම්බර පද වැලක්.

    පොත් ප්‍රදර්ශනේදි මුණගැහුනනෙ අපි. :) මඩ නම් මොනවද ඉතින්. :D

    ReplyDelete
  7. මිනිසා තේරුම් අරන් ඉවරයක් කරන්න එපා..
    ඒ‘ දාට ඔහුව ඔබට නැතිවේයි.......෴

    ReplyDelete
  8. ඔය අකුරුවල පාට ටිකක් වෙනස් කරානම් හොදයි වගේ.....

    ReplyDelete
  9. මිනිස්සු විශ්වාස කරන්න ඇහැකිද?
    අවුරුදු ගාණක් එකට හිටියත් තප්පර 2න් අනිත් පැත්ත හැරෙනවා

    ReplyDelete
  10. "මට නැති උනේ
    මට ආදරේ කරන්නෙ නැති
    එක්කෙනෙක් විතරයි...
    ඒත්, එයාට නැති උනේ
    මේ ලෝකෙ එයාට
    වැඩිපුරම ආදරේ කරන කෙනා.."

    මේකනම් හිතට වැදුනා. ඇත්ත අක්කි...මිනිසුන්ව තේරුම් අරගෙන ඉවර කරන්න බෑ....නියම පෝස්ට් එක...

    ReplyDelete
  11. මම මෙහෙම කියන්නම්.. අපි හැමෝම ආදරේ කරන්න පටන් ගන්න කොට හිතන්න ඕනෙ මේ පනින්නෙ ගින්නකට කියල... ආදරේ කරන අය ආදරේ කරපු අය දන්නව ඇති මම මේ කියන්නෙ මොකක්ද කියල... මගේ ආදරේ අවුරුදු 4ක් සහ මාස6ක් මන දිග කාලයක් තිස්සේ තිබුනු එකක්. බ්ලොග් කියවන ගොඩාක් අය දන්නවා ඒක,, මොකද කිසි දෙයක් හිතේ තියන් ඉන්නෙ නැතිව බ්ලොග් එකේ දැම්ම මම. ආදරේ කියන්නේ මහ පුදුම දෙයක්.. වෙලාවකට සතුට වෙලවකට දුක ගේන මහ පුදුම දෙයක්.. මට හිතෙන විදිහට ආදරේ අපෙන් නැති වෙන්නේ අපේම යම් යම් වැරදි නිසා වෙන්න ඇති.. (හිත හදා ගන්න මම ම හදා ගත්ත මතයක් ද මන්දා) ඒත් අනේ කියන තරම් ලේසි නෑ දරා ගන්න ගියාම.. ඔහොම තමයි ජීවිතේ...

    ජය...

    ReplyDelete
  12. හ්ම්ම්.. අනේ මන්දා,මේ ජීවිතේම ගැටළුවක්. මිනිස්සුන්ව නම් අර කිව්වත් වගේ තේරුම් අරගෙන නම් ඉවරයක් කරන්න බෑ. තමන්ට හොඳම කෙනා හොයාගෙන හිත යන එකට හිතට දොස් කියන්නත් බෑ.

    ReplyDelete
  13. නගා අක්කී,මම අදයි මෙ නගාගේ හැඩ බැලුවෙ..මාර හැඩයි...

    "මට නැති උනේ
    මට ආදරේ කරන්නෙ නැති
    එක්කෙනෙක් විතරයි...
    ඒත්, එයාට නැති උනේ
    මේ ලෝකෙ එයාට
    වැඩිපුරම ආදරේ කරන කෙනා.."

    ඒ ටික නම් මගෙත් බොක්කටම වැදුණා..

    "කවදාවත් මනුස්සයෙක්ව තේරුම් අරන් ඉවර කරන්න එපා"

    මේකත් එහෙමයි..මාරයි මේක මම අයේ ඔයාගේ හැම post එකක්ම කියවනවා...ඇත්තමය්..ව්භාගේ ඉවර වෙලා ඇවිත් ලියන්න..

    ReplyDelete
  14. මේක නම් මාරෙට හිතට වදිනවා

    ReplyDelete
  15. අද තමා මම ඉස්සෙල්ලම මේ පැත්තට ආවේ.....:)
    මධුරංග කියපු දේම තමා මටත් කියන්න තියෙන්නෙ.....
    කොහොම උනත් ගොඩක් දේවල් ගැන අවබෝධයෙන් ලියපු හොඳ ලිපියක්.....!

    ReplyDelete
  16. වටින අදහසක්‌..බ්ලොග් එකත් සුපිරි..

    ReplyDelete
  17. ආදරේ කියන්නෙ අතේ මි‍ටි කරගෙන පපුවට තද කරගෙන මගේ කියාගෙන බදාගෙන ඉන්න එකට නෙවේ. ආදරේට නිදහස දෙන්න. ඔබ වාසනාවන්ත නම් ඒ නිදහස පාවිච්චි කරල එයා ඔයාට ‍අනන්තය තෙක් ආදරේ කරාවි. හැබැයි ඒ නිදහසේ එයා ඉගිලිලා ගියොත් ඒ ආදරේ කවදාවත් ඔයාගෙ වෙලා තිබිල නෑ කියල තේරුම් ගන්න. හිත හදාගන්න බලන්න කියල මම නම් කියන්නෙ නෑ මොකද ඒ වැඩේ හරියට අතින් නහය තද කරගෙන මැරෙන්න කියනව වගේ වැඩක් නිසා. කාලයට ඉඩ දීල ආදරේට නිදහස දෙන්න. හිතුවට වඩා ජීවත් වෙන්න පහසු වේවි.

    ReplyDelete