හැමෝටම ගුඩ් උදෑසනක්... ඔන්න ඉතින් අද නඟා උදේ පාන්දරම නැගිට්ටෙ NIBM පැත්තෙ යනන් කියලා. ටිකක් වෙලා ගියාම තමයි මතක් උනේ අද අපිට නිවාඩුයි කියලා කවුදෝ කියුවා නේද කියලා. ඔව් නේ, අද කොළඹ කියන සීමාවෙ තියනහැම ආයතනයකටම නිවාඩුයි ලු. රනවිරු උපහාර උළෙල නිසා. හ්ම්ම්ම්ම්...
මොනවා කරන්නද ෆොටෝ කොපි කරපු දෙමළ නෝට් එක කියවනවා වගේ මගේ ලග තියන නෝට් එක කියවලා තේරුමකුත් නෑ නෙ. මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ නේ. හරි හරි වැල්වටාරම් වැඩක් නෑ. ලියන්න ආවෙ වෙන දෙයක් උදේ පාන්දරම වැරදි පාරවල් වලමයි යන්නෙ.
"අහිමි වූ සෙනෙහස" දැකපු ගමන් කට්ටිය හිතන්නෙ ඉතින් දාලා ගිහිපු කොල්ලා ගැන තමයි කියලා නේ?? හිහ් හිහ්.. ඇත්තටම නෑ. සෙල්ලං බත් උයන කාලෙ ඉදන් හිතේ තිබුන දෙයක් තමයි මේක. මට ඉන්නෙ අයියා කෙනෙකුයි, අක්කා කෙනෙකුයි විතරයි නේ. දන්න අය දන්නවා ඒක. ඒත් එ දෙන්නත් මට වඩා ගොඩාක් වැඩිමල්.
මං යන්තන් ඉක්කොලේ එක වසරට එනකොට එයාලා සාමාන්‍යපෙළ කරනවා. ඔය තරන් ලොකු වයස පරතරයක් අපි අතර තිබුනා. ඕක නිසා පොඩි කාලෙ ඉදන් ම මං තනි වෙලා හිටියේ. මොකද එයාලා දෙනගෙ වයසට එයාලට මං පොඩි වැඩි. ඇත්තටම දැන් නං මතක් වෙනකොට ලැජ්ජයි වගේ. අක්කිගෙය් අයියගෙයි පොඩි රහසක් දැනගත්තත් "අම්මේ අක්කි මෙහෙම කියුවාආආආආආආ..." කියන තමරම මං පොඩ්යි. ඒක නිසාම මං තනි වෙලා හිට්යේ ගොඩක්. ඇත්තටම සෙල්ලං බත් උයන්නවත් කවුරුත් හිටියේ නෑ. ඔන්න ඔය හේතුව නිසයි අකුරු කියවන්න පුලුවන් උන කාලෙ ඉදන්ම මං පොත් කියවන්න හුරු උනේ. මං දෙක වසර ඉන්නකොට එකොලහා වසර සිංහල පොතත් මං කියවලා තිබුනා මට මතක විදියට. තෙරෙන්නෙ නං නෑ. ඒත් කියවනවා.
ටිකක් තේරෙන්න ගත්ත කාලෙ ඉදන්ම මට හිතුනේ මගෙ වයසට කිට්ටුව සහොදරයෙක් මටත් හිටියා නං කියලා. එහෙනං අක්කිට වගේම අයියා අයියා කිය කිය හැම දේම කියන්න කෙනෙක් මටත් ඉන්නවා නේ. සමහ්ර වෙලාවට අක්කි, අයියා ගැන ඉරිසියා නොහිතුනාම නෙවී. මොකද මං තනි වෙලා නේ. ඔහොම ටික කාලයක් යනකොට තමයි දැන ගත්තෙ. මට එහෙම සහෝදරයෙක් ඉදලා තියනවා කියලා. ඒත් ඒ සහෝදරයා පිං කරලා නෑ මේ ලෝකෙ එලිය බලන්න. හ්ම්ම්ම්.. මොනවා කරන්නද ඒක මගෙත් අවාසනාව වෙන්න ඇති.
දැනට අවුරුද්දකට කලින් විතර වෙනකන් මට ඔය පාලුව තනිකම තිබුනා. ඒත් ඇත්තටම දැන් ඒක නෑ. හේතුව එක සහෝදරයට දැන් මට සහෝදරයො තුන්දෙනෙක්ම ඉන්නවා. හොදම යාලුවො දෙන්නෙක් හම්බුනා. (ඇත්තටම ඒ තරන් හොද නං නෑ ඒ දෙන්නා)හිහ් හිහ්... එක ගැන වෙනම පෝස්ට් එකක්... මගේ මුහුනු පොතේ ඉන්න යාලුවො නං මෙ වෙනකොටත් දන්නවා නේ මේ කවුද කියලා. නේද? ඇත්තටම මං පහුගිය කාලෙ ගොඩක් සතුටින් හිටියා. ඒ වගේම ඉතින් මුන් දෙන්නා නිසා ඕන තරන් අඩලත් තියනවා. හි හ්හිහ් හිහ්... හෙට විතර වෙලාවක් තිබුනොත් ඒ කවුද කියලා කියන්නංකො..
යන්න කලින් කියලා යන්න ඕන. අනිත් අයට වගේම මටත් ඔයාලගෙ අදහස් ගොඩක් වටිනවා. එහෙනං ඔන්න අපි ගියා... බායියියියියි!!!!!!!!!!!
ජීවිතේ ගැන මෙලෝ දෙයක් නොදන්න, ජීවිතේ ගැන ඉගෙන ගන්න අකුරු ගලපන මගේ සිතුවිලි නිම්නයයි මේ... කවියක් කතාවක් නොවූ "නඟාගේ ලෝකය"...
Friday, May 27, 2011
අවාසනාවට ඇත්ත කතාවක්
අදත් මට ලෙක්චර්ස් යන්න බැරි උනා ලෙඩ නිවාඩු තාම ඉවර නැති නිසා. උදේම දොස්තර ඇන්ටි හම්බෙලා බබාට දැන් හොදටම හොදයි කියලා දැනගෙන ආවම නං හිත ටිකක් හරි ගියා. දවස් ගානකින් මේ අසනීප නිසා N___ යන්නත් බැරි උන නිසා කටිට්ය දැන් මට බැන බැන ඇත්තෙ. ඇත්ත කතාව දන්නෙ ඉතින් ටික දෙනයි නේ.
ඔහොම දොස්තර ඇන්ටි ලගට ගිහින් ඇවිත් ටික වෙලාවකින් බ්ලොග් ටිකකුත් කියවලා ගියා මුහුණු පොත පැත්තෙ. ඔන්ලයින් ගිය ගමන්ම සීතල අයියා මට මඩ ගහන්න ආවා. ඒකත් අමාරුවෙන් ශේප් කරන් ටික වෙලාවක් යද්දි කිඩෝ මල්ලි එනවා මට මිස් මිස් කියාගෙන.
බැලුවම කොල්ලා කුරුනෑගල ____ එකේ ලු. එයාලට මිස් කෙනෙක් ඉන්නවලු මං වගේම. මලයට මං හිතන්නෙ තාම මාව විස්වාස නෑ. මං කොළඹ _____ කියුවම විස්වාස කරන්නෙම නෑ ලු. මොනවා කරන්නද පොඩි එකාගෙ ආසාව නේ. ඕන දෙයක් හිතා ගන්න කියලා මං ආවා එන්න.
එතනින් එනකොට ඔන්න මගේ බැජ් එකේ යාලුවෙක් හායි කියනවා. යන්න හම්බෙන්නෙම නෑ කියලා හිතුනත් එයත් එක්කත් කතා කරා.. එයා තමයි මට අද දවසෙ අවාසනාවන්තම ආරංචිය කියුවේ. මට තාම හිත හදා ගන්න බෑ. මං කවදාවත් හිතුවෙ නෑ එයා අද වගේ දවසක මට එ තරන් නරක ආරංචියක් කියයි කියලා. හ්ම්ම්ම්ම්... ඔව් එයා ඒකා කියුවා.
ලබන මාසෙ 13 & 16 අපිට විභාගෙ දාලා ලු. කොහොමද දෙයියනෙ හිත හදා ගන්නෙ? තව රුපියල් 2000ක් නේද මේ මග එන්නෙ? කරන්න දෙයක් නෑ. මේ අවාසනාවන්ත ආරංචිය මට අහන්න උනේ මං ඔන්ලයින් ගිය නිසා. ආයි නං ඔන්ලයින් යන් නෑ කියලා, හිතට හයිය අරන් පාඩම් කරනවා කියලා හිතාගෙන ආවා එන්න.
ඔන්න අදින් පස්සෙ මං හොද ලමයෙක්. බස් පදින්නෙ නෑ. බ්ලොග් කියවන්නෙ නෑ. බ්ලොග් ලියන්නෙ නෑ. මඩ ගහන්නෙ නෑ. (ඔය කියුවට කී දවසකටද දන්නෙත් නෑ.. ) හිහ් හිහ්... බායියියියියියියියි!!!
Wednesday, May 25, 2011
ලාංකික සිතුවිලි!!!!
ඔන්න මාත් අමාරුවෙන් රිංග ගත්තා සිංඩියකට.
ලාංකික සිතුවිලි ඇඩ්මින් වරුන්ට තැන්කූ හොදේ.. :) :) :)
මට ඔය එක එක දෙවල් තේරෙන්නෙ නෑ..
ඒත් හොද යාලුවො ඉන්නකන් ඒව අමාරු වැඩ නෙවී..
ඔන්න දැන් ටිකකට කලින් තමයි මට ඊමේල්ලුව ආවෙ...
මාත් දැන් ඉන්නවලු සිංඩියේ.. :) :) :)

ඇත්තම කතාව...
කියන්න යන්නෙ නං ටිකක් විතර ඇත්ත කතාවක් ඔන්න. ඇත්තටම මම කවුද??? (ඒක මං වත් හරියට දන්නෙ නෑ ඉතින්.)
මීට අවුරුදු එකහමාරකට , 2කකට කලින් මං බ්ලොග් එකක් දකිනවා, මං කියවපු පලවෙනි සිංහල බ්ලොග් එක. හිතට පුදුම විදියට දැනෙන කතාවක්. ඔව් කවුරුත් දන්න දුකා අයියගේ බ්ලොග් එක. මං මුලින්ම කියවපු බ්ලොග් පෝස්ට් එක තමයි ඒ. එදා ඉදන් හම්බෙන හැම බ්ලොග් එකක්ම කියෙව්වා. දුකා අයියගේ බ්ලොග් එක මුල සිට අගට කියෙව්වා. ජීවිතේට ගොඩක් දෙවල් ලැබුන තැනක් ඇත්තටම එතන.
ඊටත් පස්සෙ තවත් කාලයක් ගිහින් මටත් හිතෙනවා බොලොග් එකක් ලියන්න. ඒත් ඇත්තටම මට ලියන්න බෑ. දන්න කාලෙ ඉදන් පොත් කියෙව්වා. කෑම ඔතාගෙන ආපු කොලෙත් තියෙන්නෙ සිංහල නං ඒකෙ තියෙන්නෙ මොකක් උනත් මං ඒක කියෙව්වා. ඒත් මට ලියන්න බෑ(අදටත්). ඒත් හිතේ ආසාවට පටන් අරන් අවුරුද්දක් ගියා. ලියන එක නැවැත්තුවා හ්ම්ම්ම්ම්.. ජීවිතේට ගොඩක් දේවල් ලැබුනා. තමන්ගෙම කියලා යාලුවො ගොඩක්. කවදාවත් දැකලා නැති කෙනෙක්ගෙ ජීවිතෙ වෙනුවෙන් එකතු වෙන්න පුලුවන් පවුලක්.
බ්ලොග් ලියන අයව මට මුලින්ම හම්බෙන්නෙ විශේශ දවසක. දැනට දවස් කීපයකට කලින් අපිව දාලා ගිය දිලුම් අයියා වෙනුවෙන් එයාගෙ සැත්කම වෙනුවෙන් මුදල් එකතු කරන්න, ඒ ගැන කතා කරන්න රැස් උනා. මං දැනගෙන හිට්යා එතන්ට මං පොඩි වැඩී කියලා. ඒත් ගියා, හේතුව මට කරන්න පුලුවන් උපරිමය ඒක වෙන්න පුලුවන් නිසා. එදා මාව බ්ලොග් වලට ගෙනාපු අපේ දුකා අයියව මට හමු උනා. ඇත්තටම මේක කියෙව්වත් සමහර විර දුකා අයියට මාව මතක් වෙන එකක් නෑ... මොකද මේ සයිබරයට මං ඒ තරමටම පොඩි කෙනෙක්... වයසින්(නොවෙන්නත් පුලුවන්) සහ හැකියාවෙන්...
ඊටත් පස්සෙ කට්ටියව හම්බෙන්නෙ අභීත අයියගෙ හීනය ඇත්ත වෙන දවසෙ,සයිබර් සිහින බක් මහ උළෙල...එදත් මං ගොඩක් දෙනෙක් අදුර ගත්තට මාව අදුර ගත්ත අය අඩුයි.. හිහ් හිහ්.. මගේ මරණෙ අයියා එහෙම මාව හොයලා තියනවා වෙන කෙනෙක් ගෙන් මගේ නම කියලා.සුන්දර මතක ගොඩක්.
ඊටත් පස්සෙ දිලුම් අයියට සෙත් පතලා බෝධි පූජාව කරපු දවසෙ අපෙ අය ටික දෙනෙක් හමු වෙනවා.එදයින් පස්සෙ ආයිමත් කට්ටියව හම්බෙන්නෙ අමිහිරි මතකයක් එකතු වෙන දවසක. දිලුම් අයියගෙ අවසන් කටයුතු සයිබර් යායෙ අපේ පවුලෙ අය මට මුන ගැහෙන්නෙ.
බස් පදින්න වැඩිය යන්නෙ නැති නිසාත්,මුහුණු පොතේ ඕෆ්ලයින් ඉන්න නිසාත්(ගොඩක් වෙලාවට) මට ගොඩක් අයව හම්බෙනව අඩුයි. හේතුව ආඩම්බර කම නං නෙවී. තනියම ඉන්න හුරු වෙලා. යාලුවො වට කරන් හිටපු ජීවිතේ ලොකු හිස් කමක් දැනුනා. තාම එකෙන් එලියට එන්න අමාරුයි. පෝස්ට් එක දිග වැඩි. සමාවෙන්න ඕන. :) :) :)එදා සිට අද වෙනකන් කෙටිම කෙටි කතාව මේක තමයි මගේ බ්ලොග් ජීවිතේ.
මේ මගේ අලුත්ම බ්ලොග් එකේ අලුත් උන මම "නඟා".
මගෙ කතාව මෙයින් අවසානයි. අසා සිටි ඔබ සැමට ඉත්තූතියි!!!

Subscribe to:
Posts (Atom)