Saturday, June 11, 2011

ආවා ආවා අපේ ලෝකෙ ආවා...

අලෝ අලෝ කස්ටිය කෝමද ඈ??  හච්චීං.. හපොයි මකුනො පදින්චිත් වෙලා... කෝ කෝ ඔක්කොටම කලින් දූවිලි එහෙම පිහිදාලා දාන්න..  අලී... කස්ටිය කොමද ඉතින් ජීවිත? අනේ මං නොහොත් නඟා නං පවු අප්පා... :( :( විභාගෙ අභාගෙ වෙලා.. දවස් දෙකයි තව.. අයියෝයෝයෝයෝයෝයෝයෝ.....

එත් ඉතින් මෙ අවුල අස්සෙන් හරි ආවෙ අර කලින් පෝස්ට් එකෙ කියුව අලුත් ආරංචිය ගැන කියන්න. දැනට නං මං දන්න තරමින් වැඩි දෙනෙක් දන්නෙ නෑ. එත් ඉස්සරහට දැන ගනී. මායි, මේ ලගදි අදුර ගත්ත උනත් ගොඩක් ෆිට් උන මගේ යාලුවෙකුයි අලුත් වැඩක් පටන් ගන්න යනවා කියලා හැමෝටම කියුවා නෙ. මෙන්න ඒ අලුත් තැන. ගිහිල්ලා අපේ ලෝකෙ සාමාජික කම අරන් එන්නකො.

ලියන්නෙ මම සහ මට වඩා ලියන්න ලොකූ හැකියාවක් තියන අපේ සුරංගනා ලෝකෙ යසියා අයියා. ලගදිම තව අය එකතු වෙයි. එන්න අපේ ලෝකෙට. මේක අපි දෙන්නගෙ විතරක් නෙවී අපි හැමෝගෙම ලෝකෙ.

තව දෙයක් කියන්නත් එක්කයි ආවෙ. පුංචි කතාවක් හම්බුනා.. ඕන වෙඩිමක් වෙන්න කියලා එකත් අලුත් බ්ලොග් එකට දාන්නයි අදහස. මේකට කතා දාන්නෙ නෑ කියලා මං හිතලා තියෙන්නෙ. මොක්ද මට හිතෙන කතා මෙකට දැම්මොත මෙතන අහන ප්‍රශ්න වලට දෙන්න මට උත්තර නැති වෙනවා. හිකිස්....

එහෙනං මං ගියා. කට්ටිය මං එනකන් දග කරන්නෙ නැතුව ඉන්න ඕන හොදේ... බායි.. පලිස්සමින් ඉල්ල...

Friday, June 3, 2011

පොරොන්දුව......

ඔයාගෙ පළවෙනි කෙල්ල දාලා ගියාම
ඔයා මට පොරොන්දු උනා 
මාත් එක්කම ඉන්නවා කියලා
මං හිතුවා ඔයා අවංකයි කියලා
මොකද ඔයා රස්සාව, ඉගෙනීම 
අතරගෙනයි මාත් එක්ක හිටියෙ
ඒත් අද, ඔයා මං ලග නෑ. මං තනි වෙලා
වෙනදට දුක කියාගෙන
මං ලගට එන ඔයා අද නෑ..
දවසක් ගොඩාක් සතුටින් ඔයා 
මාව හොයාගෙන ආවා
ඔයා කසාද බදිනවා කියුවා
ඒත් කවදාවත් මාව අතාරින්නෙ නෑ කියුවා
එදත් පොරොන්දු උනා..
ඔයා කසාදත් බැන්දා
කියුවා වගේම ඔයා මාව අතෑරියේ නෑ.
බැදපු දවසෙත් මාව හොයාගෙන ආවා
මං ඒ දේවල් නිසා ඔයාව විස්වාස කරා ගොඩක්
ඒත් ඊට පස්සෙ ටිකෙන් ටික ඔයා වෙනස් උනා
මගෙන් ගොඩක් ඈත් උනා
ඉදලා හිටලා මාව හොයාගෙන ආවා
ඒත් ආවට වඩා ඉක්මන්ට ආයි ගියා
දැන් ඔයාට මාව මතකවත් නැති තරන්
ඔයාට දැන් පුතෙකුත් ඉන්නවලු
ඔයා එයාල එක්ක ගොඩක් සතුටින් ඉන්නවා
මං හැම දේම බලාගෙන ඈතට වෙලා ඉන්නවා
කමන් නෑ, ඔයාට ඉන්නෙත් පුතෙක්
කවද හරි එයාට මාව ඕන වෙන දවස්ක් එයි
එදාට ඔයාට වගේ මං එයාට යන්න දෙන්නෙ නෑ.
ඒත් මට ඔයා නැතුව පාලුයි, 
හැමදාම ඔයා එනකන් බලන් ඉන්න මම ඔයාගෙ
"බෝතලේ"

හිටිස් 1000 සහ අලුත් ඇදුම්....

ඔන්න අද මගෙ බ්ලොග් එක බලපු ගාන 1000 පැන්නුව.. මට සුභ පැතුම්.. හිහ් හිහ් හිහ්.. අනිත් අයට පොඩ් උනාට ඔන්න මට නං මේක ලොකු දෙයක්. මොකද බ්ලොග් එක පටන් අරන් තාම මාස 2ක් වත් නෑ. ෆලෝවර්ස් ලා 45ක් ඉන්නො. අනේ මේක බලන්න එන හැමෝටම තැන්කූ... 

කියන්න ඕන තව දෙයක් තියනවා. මට අද අපේ සහොදර රත්නය නිසා පුංචි තෑග්ගක් හම්බුනා.. කියන්න බලන්න මොකද්ද කියලා?? ම්ම්ම්ම්....  ලැප් ටොප් එකට ලස්සන ඇදුමක්. මේ තියෙන්නෙ ඒ ෆොටෝස්. බලලා කමෙන්ට් එකක් දාලා යන්නකො කට්ටිය. හදිස්සියේ මේ රෑ ජාමෙ දුවගෙන ආවෙ අද වෙලාවක් තිබුනෙම නෑ මේකට ගොඩ වෙන්න. 

එහෙනං අපි ගියා.. ලැප් එකේ අලුත් ඇදුම ගැන කමෙන්ට් එකක් දාලා යන්න හොදේ...

Wednesday, June 1, 2011

සුරංගනාවි එන තෙක්.....

ඊයෙ ඉදන් අඩන්වා.. 
ඉවරයක් නෑ මල වදයක්ම තමයි මේ නඟා නං. 
හිහ් හ්ඉහ් හිහ්.. ඔව් ඔව් එහෙම තමයි. 
ඒත් ඉතින් ඉස්සර වගෙ අඩන්නෙ නං නෑ. 
ඊයෙ ඇඩුවා අද හිනා උනා. 
ඔන්න අද ඉදන් දවස් 3,4ක් මං පොඩි නිවාඩුවක් යනවා. 
මගේ  පුංචි සුරංගනාවි පොඩි නැන්දව බලන්න අපේ ගෙදර එනවලු. 
ඇත්තටම කවුද මේ සුරංගනාවි? හිහ් හිහ්.. 
දන්නො දනිති. 
මගේ බෝනික්කි(දැන් අපේ අක්කි එහෙම මේක දැක්කොත් මාව කන්න හදයි, ඇයි මගෙ කියුවා නේ) 
අද අපේ ගෙදර එනවා. 
හුරේ. හරියටම කියනවා නං මගේ එකම සහෝදරයගෙ එකම දුව. 
මේ ඉන්නෙ එයා..හීහීහීහීහිහී... 
දැන් නං කෙල්ල ලොකුයි. 
මාස දහයක ලොකු අක්කා කෙනෙක් දැන්..
ලොකු වැඩ ලු කරන්නෙ... 
මාස 2කකින් දැක්කෙ නෑ..  ආසාවෙ බෑ අප්පා...
චූටු දෝණි ඉක්මන්ට එන්න පොඩි නැන්දව බලන්න... :) :) :)