Wednesday, June 1, 2011

සුරංගනාවි එන තෙක්.....

ඊයෙ ඉදන් අඩන්වා.. 
ඉවරයක් නෑ මල වදයක්ම තමයි මේ නඟා නං. 
හිහ් හ්ඉහ් හිහ්.. ඔව් ඔව් එහෙම තමයි. 
ඒත් ඉතින් ඉස්සර වගෙ අඩන්නෙ නං නෑ. 
ඊයෙ ඇඩුවා අද හිනා උනා. 
ඔන්න අද ඉදන් දවස් 3,4ක් මං පොඩි නිවාඩුවක් යනවා. 
මගේ  පුංචි සුරංගනාවි පොඩි නැන්දව බලන්න අපේ ගෙදර එනවලු. 
ඇත්තටම කවුද මේ සුරංගනාවි? හිහ් හිහ්.. 
දන්නො දනිති. 
මගේ බෝනික්කි(දැන් අපේ අක්කි එහෙම මේක දැක්කොත් මාව කන්න හදයි, ඇයි මගෙ කියුවා නේ) 
අද අපේ ගෙදර එනවා. 
හුරේ. හරියටම කියනවා නං මගේ එකම සහෝදරයගෙ එකම දුව. 
මේ ඉන්නෙ එයා..හීහීහීහීහිහී... 
දැන් නං කෙල්ල ලොකුයි. 
මාස දහයක ලොකු අක්කා කෙනෙක් දැන්..
ලොකු වැඩ ලු කරන්නෙ... 
මාස 2කකින් දැක්කෙ නෑ..  ආසාවෙ බෑ අප්පා...
චූටු දෝණි ඉක්මන්ට එන්න පොඩි නැන්දව බලන්න... :) :) :)

සොදුරු හැපින්න!!!!

අලුත් තැනක අලුත් යාලුවො ගොඩක් මැද
අපිත් හිටියා.. ටික ටික අදුර ගත්තා...
යාලුවො උනා. ඉගන ගන්න උදවු කර ගත්තා..
ආපු දවසෙ ඉදන් ඔයාට කොල්ලෙක් ඕන උනා
ඒ වගේම හිටපු ලස්සනම කොල්ලෙක් ඔයා හොයා ගත්තා
එත් ඉතින් ඒ කොල්ලා කිට්ටු වෙන්න බැරි තරන් දුර කියලා
දැන ගත්තම උඹ කොච්චර ඇඩුවද බං?
මගේ ලගින් ඉන්න යාලුවෙක් නිසා, දුකෙන් තියන්න බැරි නිසා
දන්න හැම එකාටම කියලා කොල්ලව ලගටම ගෙන්න ගත්තා
අන්තිමට ඒ කොල්ලා ඔයාගෙන් කැමැත්ත අහන තැනටම ආවා
මගේ සොදුරු මිතුරිය... හ්ම්ම්ම්.... එදා ඔයා ගොඩක් සතුටින්..
අද වෙනකන්ම.. ඔයාගෙ ඒ සතුට තාම තියනවා, හැමදාම තියෙන්න ඕන..
ඒත් අද ගොඩක් හිත රිදුනා.. ගොඩක්ම..
ඔයාගෙ ඇතුලෙ ලොකු විසක් තියනවා. ඒක මං දැනගෙන හිට්යා..
ඒත් ඒ විසෙන් මට දශ්ට කරයි කියලා මං දැනගෙන හිට්යෙ නෑ..
ඔව් අද ඔයා මට දශ්ට කරා... ගොඩක් දරුනු විදියට...
මං ඒකට රිඇක්ශන් එකක් ගන්න දැනගෙන හිටියෙ නෑ..
මං දන්න එකම දේ, හැමදාම වගේ පාඩුවෙ පැත්තකට වෙලා
බලාගෙන ඉන්න එක... ඇත්ත එලියට එනකන්..
අනේ ඇනකොන්ඩෙක් හිටියා නං අද
ඔයාට තිබුනා ඔයාගෙ විසෙන් ඌව මරන්න
ඒ තරන් විසක් ඔයාගෙ ඔය සුන්දර මුහුනට 
වහන් වෙලා තියන හිතේ තියනවා කියලා
කවුද බං හිතුවෙ?

~නඟා~

Tuesday, May 31, 2011

වහන් උන ඇත්ත,,,,

දිගට හරහට ලියවුනේ ගොඩක් අයව හෙලා දකින දේවල් මයි. මේ නඟාට මොන යකෙක් වැහිලද මංදා නේ? 
ඇත්තට නිදාන කතාවක් නැතුවමත් නෙවී. 

වටෙ ඉන්න හැම එකාම ආදරේ නිසා දුක් විදිනවා. එක්කො කොල්ලා තරහා වෙලා, එක්කො කොල්ලා වෙන එකෙක් එක්ක යාලු වෙලා, නැත්තං කියන්නෙම නැතුව කොල්ලා වෙන එකෙක්ව බැදලා, කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ෆිට් වෙලා. ඇහුවොත් ඔහොම කතාමයි. ඔලුව විකාර වෙලා. මේක බූට් සීසන් එකද කොහෙදෝ. 

මේ දේවල් එක්ක බලද්දි නං හිතෙන්නෙම ආදරේ කියන්නෙ බොරුවක් කියලමයි.අනේ මංදා. දුක කියාගෙන එන උන්ට බැනලම එපා වෙලා. එකයි කවුරුත් කියවන්නෙ නැති මගේ බ්ලොග් එකෙ ඒක දැම්මෙ. පුදුම තරහක් තියෙන්නෙ තමන්වත් රවට්ටගෙන අනුන්වත් රවට්ටන බොරු ආදරවන්තයන්, ආදරවන්තියන් ගැන. 

ඔන්න ඔය හේතුව නිසා තමයි මං මේ ටිකේම අරක්කු ගැන,, සල්ලාල කම ගැන, බොරුවා, වංචාව ගැන දන්න විදියට වචන වලින් දමලා ගැහුවෙ.

නඟා සහ නඟාගෙ මිතුරෙක් අලුත් වැඩකට අත ගහන්නයි යන්නෙ. බලමුකො ඒක හරි යයිද කියලා. එහෙනං අපිට සුභ පැතුම්...

එදා නොදැනුන ආදරේ....

ඉස්සර වැව රවුමෙ 
පුංචි බංකුවක
මගේ ලගන් ඉදන්
පැය ගනන් ගිරවියෙක් වගේ
ආදරෙන් කියවපු ඔයාගෙ මතකය
ආයිමත් මගේ ලගට එන්නෙ
දැන් හම්බුන ගමන්
කාමරේකට රිංගන්න බලන් ඉන්න
ඇගේ ආදරේ නිසා