Friday, July 8, 2011

නිමා නොවෙනා ආදරේ. 02

1 කොටස නොකියවපු අය මෙතනින් දුවලා ගිහින් කියවලා එන්න....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



මා දහම් පාසලේ ඉගැනීමට එකතු වූයෙ 2006 වසරේ අග භාගයේදී හෝ 2007 වසරේ මුල් භාගයේදිය.ඒ වන විට මා දහම් පාසල හැර ගොස් වසර දෙකක්(2ක්) පමන වේ. මා දහම් පාසල හැර ගියේ අ.පො.ස. (සා/පෙ) කරමින් සිටි අවදියේය. මට දහම්පාසල් ගුරුවරයෙකු ලෙස ඉගැන්වීමට සිතුනේ වෙන කුමක් හෝ හේතුවක් නිසා නොව මා ඉන් ලද දේ මතු පරපුරට ලභා දෙන අටියෙනි. 


ඒ වන විට මා ගැහැනු ළමයෙකුට පෙම් කර හෝ එවැනි සිතකින් ගැහැනු ලමයෙකු දෙස බලා වත් තිබුනේ නැත. නමුත් මාගේ සිත තුල චංචල ස්භාවය ඇති වූයේ මේ කියවන වකවානුවේය. ඒ ඉෂාව දැකීමෙන් අනතුරුවයි.මා සිත තුළ ඇය පිලිබද යම් හැගීමක් මතු වුවද මා එය නොසලකා හරින ලදි. ඒ මා පෙම් සභදතා පිලිබද දැනුවත් මදි කම නිසා විය යුතුය (නමුත් මේ වන විට මා මිතුරන් කිහිපදෙනෙකු හට පෙම් සබදතා උපකාර කර තිබුණි) නැති නම් මා සතුව තිබු අදි මානය නිසා විය යුතුය,


කෙසේ වෙතත් එලෙස මා සිත තුලම තබාගෙන තිබූ හැගීම මා විසින්ම යටපත් කර ගත්තෙමි. මෙහිදී එකක් කිව යුතුය. මා තුල ගැහැනු ළමයෙකු පිලිබදව  මෙසේ හැගීම් ඇති වූ ප්‍රථම අවස්තාව මෙයය. මෙය රාගිකවූ හැගීමක් නොවන බව විශේශයෙන් සදහන් කල යුතුය.


ඇය පිලිබදව සදහන් කරනවා නම් , එතරම් පැහැපත් නොවූ ඇය මට වඩා පැහැපත් වූවාය. මට ඇයව පෙනුනේ ලස්සනටය. මට ඇය පිලිබදව දැනුන හැගීම් වචනයෙන් විස්තර කල නොහැක. එය ඔබ යම් තාක් දුරට හෝ තෙරුම් ගනිතියි මම සිතමි.
                                                     ඉෂ් 

ප. ලි. :- මේ දවස් ටිකේම එක දිගට වැඩ සමාවෙන්න ඕන මෙහෙම ටික ටික කතාව අදිනවට. මේකත් මෙ හරිම නිදි මතේ අමාරුවෙන් කොලේ බලාගෙන ටයිප් කරේ. ඉෂ් අයියගෙ අකුරු ටික නං අලි චෝයි, කියවගන්න පරණවිතාන ගේන්න වෙනවා.කටිට්ය මට බනින්න එපො. නඟාට මේ දවස් වල අහස උසටත් වඩා ටිකක් උසට වැඩ(කියලා හිතාගෙන ඉන්නවා). සුරංගනාවිත් ගෙදර ඇවිත්, තව එක එක ගමන් බිමන් නිසා මේ පැත්තෙ එන්න ව්එලාවක් හම්බුනේම නෑ.ඔන්න දැන් ටයිප් කරලා තියුවට මොකද මේක පබ්ලිශ් කරන්න වෙන්නෙ උදේට තමයි. මොකද අදාල අයගෙන් අවසර ගන්න එපයි පබ්ලිශ් කරන්න. :) :) එහෙනං උදේට ගුඩ් මොර්නින්ග් වගෙ එකක් වේවා........ අපි යනො....

Monday, July 4, 2011

නිමා නොවෙනා ආදරේ... 01

ස්ථානය:-_ _ _ _ ආපන ශාලාව
දිනය:-09/02/2008


මා තුල වූ චංචල ස්භාවයක් වූ මාගේ ප්‍රථම පෙම් හැගේම පිළිබදව මෙසේ අකුරු කරමි. නමුත් අද දින වන විට මා විසින් මා සතුව තිබූ හැගීම් යටපත් කර ගනිමින් අසීරුවෙන් හෝ ඇය පිළිබදව මා සතුවන මතකයන් අමතක කරමින් සිටින අවදියක් වන මෙම අවදිය වන විට යම්තාක් දුරට ඇය පිළිබද මා සතුවන හැගීම් හා සිතුවිලි යටපත් වී, අමතක වී ඇත. 


එබැවින් මා මෙසේ අකුරු කිරීමේදී යම් අඩුපාඩුවක්, ආමතක වීමක් හෝ ප්‍රේමාන්විත බව කෙරෙහි සිදුවන අඩු පාඩු කෙරෙහි මා ප්‍රථමයෙන්ම ඔබගෙන් සමාව අයැද සිටිමි. එසේම මේ වන විට මා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනය ලබා සිටිමින් ඇති බැවින් මා හට සිංහල භාෂාවෙ යම් වචන හා ව්‍යාකරණ අමතක වී ඇත.එබැවින් සිංහල භාෂාවට මාගෙන් යම් අඩුපාඩුවක් සිදු වුවහොත් එයටද මා සාමාව ගනිමි.


මෙහි එන මා සිත් ගත් ගෑණු ළමයාගේ නම ඉශා ලෙස දැක්වීමට මා කැමති අතර මෙහෙදී මාගේ මිතුරෙකු ලෙස(ඉතා හොද මිතුරෙකු) දුලා දැක්වීමට කැමැත්තෙමි. ඉශා ගැන මා සතුව ඇති මතකයන් දැන් මා තුලින් යම් තාක් දුරට ගිලිහී ගොස් ඇති නමුදු ඇය පිලිබදව මා සිතින් දුක් විදි අවදියේ මාගේ මිතුරාආ වූ දුලා මට නිතර පැවසූ වදනක් තිබිනි. ඒ තමයි "මචෝ උඹ හරියට අනියන් ෆිල්ම් එකෙ ඉන්න අම්බි වගේ" යි යන්න. 


එසේ කීමට හේතුව වූයේ ඉෂා පිලිබද, ඇය සම්භන්ද සියලු දේ මා මතකයේ තිබූ බැවිනි. නමුත් ඒවා මා මතකයේ තබා ගනිමින් මටම කර ගන්නා වූ හානිය වැලැක්වීම උදෙසා මම එම මතකයන් ඉවත ලමින් සිටිමි. මාගේ එම කතාව මා මෙලෙස අකුරු කරමි... මම,
                                                                                 ඉෂ්

Friday, July 1, 2011

නිමා නොවෙනා ආදරෙ(පෙර සටහන)

"හෙලෝ, නඟා කොහෙද ඉන්නෙ? මං _ _ _ _ ඇවිත් ඉන්නෙ ඉක්මනට එන්න"


"අලි අලි මං තව විනාඩි 20න් ඔතන"


මේ මට අද උදෙ ආපු කෝල් එකක වචන ටිකක්. දැන් ප්‍රශ්නෙ මේ කෝල් කරේ කවුද මොකටද කියන එක නෙ?(අපිට මොකටද ඕව නේ???) හිහ් හිහ් හිහ්.. ඒ උනාට ඔන්න මං කියවා. ඒ මගේ ගොඩක් හොද යාලුවෙක්(සහෝදරයෙක් වගේ කියුවොත් හරියටම හරි). උසස් පෙළින් පස්සෙ ආතක් පාතක් නැතුව ඉන්නකොට නගෝ වරෙන් මෙහෙ කියුව අයගෙන් කෙනෙක් තමයි මෙයා. 


අද උදේ මං එනකන් _ _ _ _ එකට වෙලා බලං හිට්යෙ විශෙශ හෙතුවකට. හෙතුව තමයි ඒ අයිය ලියපු කතාවක් මට දෙන්න. කතාවක් කියුවට මේක නිකන්ම නිකන් කතාවක් නෙවී. එයාගෙ ජීවිතේ එක කාලෙක ලියවුන කතාවක්. එක නිසයි  මෙක විශේශ. 


එ වගේම මේක තව හෙතුවක් නිසා විශෙශයි. මෙ කතාවෙ අවසානෙ තාම මමවත් ඒ අයියවත් දන්නෙ නෑ. ඒ4 කොල මිටියක් පිරෙන්න ලියලා ගෙනත් දුන්න මේ කතාව අද ඉදන් මගේ බ්ලොග් එකේ කොටස් වශයෙන් දාන්න හිතාගෙන ඉන්නවා. ඒ අයියගෙ අවසර ඇතුව, එයාගෙම වචන වලින් , එ අයියම ලියලා අද උදේ මගේ අතට දීපු කතාව.. "නිමා නොවෙනා ආදරේ..." 

උසස් පෙළ කාලෙ පුංචි ආදර කතාවක්, තමන්ගෙ පළවෙනි ආදරේ  සතුට, දුක, විරහව, කදුලු හැම දේකම එකතුවක් විදියට ලස්සන වචන නැතුව. කෙනෙක්ගෙ හිතෙන් එක මොහොතකට දැනෙන සිතුවිලි වල ගැලපුමක් විතරයි මෙතන තියෙන්නෙ. කතාව හිට් කරන්න මගෙන් දාපු වචන එකක් වත් මෙ කතාව ඇතුලෙ නැති වෙයි. 



තවත් විශේශයක්, මෙක ලියලා තියන්න පටන් අරන් තියෙන්නෙ 2008/02/09 වෙනිදා. අද අවුරුදු ගානකට පස්සෙ මගෙ අතට මේක ලැබුනේ. මුල් ටික කියවගෙන යද්දි ඕනම කෙනෙක්ට හිතෙන බොලද ආදර කතාවක් කියන එක මටත් හිතුනා. එත් අද වෙනකොට ඒක එහෙම නෑ කියලත් මට හිතුනා.
වැඩිය මුකුත් නොකිය ඉන්නං. මොකද මෙ කතාව ගැන තාම දන්නෙ මං විතරයි නේ. කතාව කියවපු නැති ඔයාලට මං අගෙ කර කර එක ගැන කියනව එක හරි නෑ නේ.. :) :) 



ඔන්න හෙට ඉදන් මගේ බ්ලොග් එකෙ කොටස් වශයෙන් "නිමා නොවෙනා ආදරේ" එක්ක හමු වෙමු....

Wednesday, June 29, 2011

එයා දැන් ලොකු ළමයෙක්........

ඒක කියන්න එපා.. 
ඒක කෙල්ලෙක්ට ගැලපෙන්නෙ නෑ...
අපෝ ඔහොමත් කියනවද?
ගෑනු ළමයි ඔහොමද හැදෙන්නෙ?
ආයි ඔහොම කියුවොත් කඩනව කට...
මොකක්? හොදටම වැඩී දැන් නං ඔයා..
ඔහොම හැදුනොත් හොදට හිටියි...
හිතං ඉන්නෙ පොඩි එකෙක් කියලද?
කඩන්ව කට දැන ගන්නවා...