"හෙලෝ, නඟා කොහෙද ඉන්නෙ? මං _ _ _ _ ඇවිත් ඉන්නෙ ඉක්මනට එන්න"
"අලි අලි මං තව විනාඩි 20න් ඔතන"
මේ මට අද උදෙ ආපු කෝල් එකක වචන ටිකක්. දැන් ප්‍රශ්නෙ මේ කෝල් කරේ කවුද මොකටද කියන එක නෙ?(අපිට මොකටද ඕව නේ???) හිහ් හිහ් හිහ්.. ඒ උනාට ඔන්න මං කියවා. ඒ මගේ ගොඩක් හොද යාලුවෙක්(සහෝදරයෙක් වගේ කියුවොත් හරියටම හරි). උසස් පෙළින් පස්සෙ ආතක් පාතක් නැතුව ඉන්නකොට නගෝ වරෙන් මෙහෙ කියුව අයගෙන් කෙනෙක් තමයි මෙයා.
අද උදේ මං එනකන් _ _ _ _ එකට වෙලා බලං හිට්යෙ විශෙශ හෙතුවකට. හෙතුව තමයි ඒ අයිය ලියපු කතාවක් මට දෙන්න. කතාවක් කියුවට මේක නිකන්ම නිකන් කතාවක් නෙවී. එයාගෙ ජීවිතේ එක කාලෙක ලියවුන කතාවක්. එක නිසයි මෙක විශේශ.
එ වගේම මේක තව හෙතුවක් නිසා විශෙශයි. මෙ කතාවෙ අවසානෙ තාම මමවත් ඒ අයියවත් දන්නෙ නෑ. ඒ4 කොල මිටියක් පිරෙන්න ලියලා ගෙනත් දුන්න මේ කතාව අද ඉදන් මගේ බ්ලොග් එකේ කොටස් වශයෙන් දාන්න හිතාගෙන ඉන්නවා. ඒ අයියගෙ අවසර ඇතුව, එයාගෙම වචන වලින් , එ අයියම ලියලා අද උදේ මගේ අතට දීපු කතාව.. "නිමා නොවෙනා ආදරේ..."
උසස් පෙළ කාලෙ පුංචි ආදර කතාවක්, තමන්ගෙ පළවෙනි ආදරේ සතුට, දුක, විරහව, කදුලු හැම දේකම එකතුවක් විදියට ලස්සන වචන නැතුව. කෙනෙක්ගෙ හිතෙන් එක මොහොතකට දැනෙන සිතුවිලි වල ගැලපුමක් විතරයි මෙතන තියෙන්නෙ. කතාව හිට් කරන්න මගෙන් දාපු වචන එකක් වත් මෙ කතාව ඇතුලෙ නැති වෙයි.
තවත් විශේශයක්, මෙක ලියලා තියන්න පටන් අරන් තියෙන්නෙ 2008/02/09 වෙනිදා. අද අවුරුදු ගානකට පස්සෙ මගෙ අතට මේක ලැබුනේ. මුල් ටික කියවගෙන යද්දි ඕනම කෙනෙක්ට හිතෙන බොලද ආදර කතාවක් කියන එක මටත් හිතුනා. එත් අද වෙනකොට ඒක එහෙම නෑ කියලත් මට හිතුනා.
වැඩිය මුකුත් නොකිය ඉන්නං. මොකද මෙ කතාව ගැන තාම දන්නෙ මං විතරයි නේ. කතාව කියවපු නැති ඔයාලට මං අගෙ කර කර එක ගැන කියනව එක හරි නෑ නේ.. :) :)
ඔන්න හෙට ඉදන් මගේ බ්ලොග් එකෙ කොටස් වශයෙන් "නිමා නොවෙනා ආදරේ" එක්ක හමු වෙමු....
ජීවිතේ ගැන මෙලෝ දෙයක් නොදන්න, ජීවිතේ ගැන ඉගෙන ගන්න අකුරු ගලපන මගේ සිතුවිලි නිම්නයයි මේ... කවියක් කතාවක් නොවූ "නඟාගේ ලෝකය"...
Friday, July 1, 2011
Wednesday, June 29, 2011
එයා දැන් ලොකු ළමයෙක්........
ඒක කියන්න එපා..
ඒක කෙල්ලෙක්ට ගැලපෙන්නෙ නෑ...
අපෝ ඔහොමත් කියනවද?
ගෑනු ළමයි ඔහොමද හැදෙන්නෙ?
ආයි ඔහොම කියුවොත් කඩනව කට...
මොකක්? හොදටම වැඩී දැන් නං ඔයා..
ඔහොම හැදුනොත් හොදට හිටියි...
හිතං ඉන්නෙ පොඩි එකෙක් කියලද?
කඩන්ව කට දැන ගන්නවා...
Thursday, June 23, 2011
බලු වටින් නෑ....
උඹ ඉන්නවා නං
නිවුන් සහෝදරයෙකුයි
බල්ලෙකුයි
කිසිම සැකයක්
නෑ
මං තෝර ගන්නෙ
බල්ලව
අවවාදයයි:
අයාලේ යන බල්ලන්ගෙන් ප්‍රවේසම් වන්න!!!
Friday, June 17, 2011
ආදරේ(මත් නෙවෙයි).....
කෙනෙක් සදට ආදරේ කරනකොට
තව කෙනෙක් තරුවකට ආදරේ කරනවා
සදයි , තරුයි ගොඩක් දුරයි කියලා තේරුම් ගත්ත කෙනෙක්
අතේ දුරින් තියන මලකට ගොඩාක් ආදරෙ කරනවා
එත් එ මලත් කවුදො නෙලාගෙන කියලා දැන ගත්තම
ඒ කෙනාට ගොඩක් ලොකු තරහක් එනවා මල් ගැන,
එතනින් එහාට පලිගැනීම පටන් ගන්නවා
එක මලක පලිය ගන්න මල් දාහක් විනාස කරන්න,
මේ කෙනා උත්සාහ ගන්නවා....
ඒ විනාස කරන මල් වල අසරණ කම දැකලා
තවත් කෙනෙක් අර පෙති කැඩුනු අසරණ මලට
ආදරේ කරනවා...
තවත් කෙනෙක් බාදුරා මලට ආදරේ කරලා
ජීවිතේ අවසන් කර ගන්නවා....
කවුරු කොහොම කාට ආදරේ කරත්
ආදරේ කියන්නෙ අපේ හිත් වල ඇති වෙන
දුක, සතුට, තරහා, අනුකම්පාව, දුක වගෙ
හැම හැගීමකම එකතුවක් නේද?
සදට ආදරේ කරන්න, එත් සද අයිති අහසට විතරමයි...
තරුවකට ආදරේ කරන්න, ඒත් තරුව කවදාවත් අපේ වෙන් නෑ...
මලකට ආදරේ කරන්න, එත් මල් පරවෙනවා..
ආදරෙට ආදරේ කරන්න හැමදාම ආදරේ අපි ලග ඉදියි...
තව කෙනෙක් තරුවකට ආදරේ කරනවා
සදයි , තරුයි ගොඩක් දුරයි කියලා තේරුම් ගත්ත කෙනෙක්
අතේ දුරින් තියන මලකට ගොඩාක් ආදරෙ කරනවා
එත් එ මලත් කවුදො නෙලාගෙන කියලා දැන ගත්තම
ඒ කෙනාට ගොඩක් ලොකු තරහක් එනවා මල් ගැන,
එතනින් එහාට පලිගැනීම පටන් ගන්නවා
එක මලක පලිය ගන්න මල් දාහක් විනාස කරන්න,
මේ කෙනා උත්සාහ ගන්නවා....
ඒ විනාස කරන මල් වල අසරණ කම දැකලා
තවත් කෙනෙක් අර පෙති කැඩුනු අසරණ මලට
ආදරේ කරනවා...
තවත් කෙනෙක් බාදුරා මලට ආදරේ කරලා
ජීවිතේ අවසන් කර ගන්නවා....
කවුරු කොහොම කාට ආදරේ කරත්
ආදරේ කියන්නෙ අපේ හිත් වල ඇති වෙන
දුක, සතුට, තරහා, අනුකම්පාව, දුක වගෙ
හැම හැගීමකම එකතුවක් නේද?
සදට ආදරේ කරන්න, එත් සද අයිති අහසට විතරමයි...
තරුවකට ආදරේ කරන්න, ඒත් තරුව කවදාවත් අපේ වෙන් නෑ...
මලකට ආදරේ කරන්න, එත් මල් පරවෙනවා..
ආදරෙට ආදරේ කරන්න හැමදාම ආදරේ අපි ලග ඉදියි...
Subscribe to:
Posts (Atom)