Friday, June 3, 2011

පොරොන්දුව......

ඔයාගෙ පළවෙනි කෙල්ල දාලා ගියාම
ඔයා මට පොරොන්දු උනා 
මාත් එක්කම ඉන්නවා කියලා
මං හිතුවා ඔයා අවංකයි කියලා
මොකද ඔයා රස්සාව, ඉගෙනීම 
අතරගෙනයි මාත් එක්ක හිටියෙ
ඒත් අද, ඔයා මං ලග නෑ. මං තනි වෙලා
වෙනදට දුක කියාගෙන
මං ලගට එන ඔයා අද නෑ..
දවසක් ගොඩාක් සතුටින් ඔයා 
මාව හොයාගෙන ආවා
ඔයා කසාද බදිනවා කියුවා
ඒත් කවදාවත් මාව අතාරින්නෙ නෑ කියුවා
එදත් පොරොන්දු උනා..
ඔයා කසාදත් බැන්දා
කියුවා වගේම ඔයා මාව අතෑරියේ නෑ.
බැදපු දවසෙත් මාව හොයාගෙන ආවා
මං ඒ දේවල් නිසා ඔයාව විස්වාස කරා ගොඩක්
ඒත් ඊට පස්සෙ ටිකෙන් ටික ඔයා වෙනස් උනා
මගෙන් ගොඩක් ඈත් උනා
ඉදලා හිටලා මාව හොයාගෙන ආවා
ඒත් ආවට වඩා ඉක්මන්ට ආයි ගියා
දැන් ඔයාට මාව මතකවත් නැති තරන්
ඔයාට දැන් පුතෙකුත් ඉන්නවලු
ඔයා එයාල එක්ක ගොඩක් සතුටින් ඉන්නවා
මං හැම දේම බලාගෙන ඈතට වෙලා ඉන්නවා
කමන් නෑ, ඔයාට ඉන්නෙත් පුතෙක්
කවද හරි එයාට මාව ඕන වෙන දවස්ක් එයි
එදාට ඔයාට වගේ මං එයාට යන්න දෙන්නෙ නෑ.
ඒත් මට ඔයා නැතුව පාලුයි, 
හැමදාම ඔයා එනකන් බලන් ඉන්න මම ඔයාගෙ
"බෝතලේ"

හිටිස් 1000 සහ අලුත් ඇදුම්....

ඔන්න අද මගෙ බ්ලොග් එක බලපු ගාන 1000 පැන්නුව.. මට සුභ පැතුම්.. හිහ් හිහ් හිහ්.. අනිත් අයට පොඩ් උනාට ඔන්න මට නං මේක ලොකු දෙයක්. මොකද බ්ලොග් එක පටන් අරන් තාම මාස 2ක් වත් නෑ. ෆලෝවර්ස් ලා 45ක් ඉන්නො. අනේ මේක බලන්න එන හැමෝටම තැන්කූ... 

කියන්න ඕන තව දෙයක් තියනවා. මට අද අපේ සහොදර රත්නය නිසා පුංචි තෑග්ගක් හම්බුනා.. කියන්න බලන්න මොකද්ද කියලා?? ම්ම්ම්ම්....  ලැප් ටොප් එකට ලස්සන ඇදුමක්. මේ තියෙන්නෙ ඒ ෆොටෝස්. බලලා කමෙන්ට් එකක් දාලා යන්නකො කට්ටිය. හදිස්සියේ මේ රෑ ජාමෙ දුවගෙන ආවෙ අද වෙලාවක් තිබුනෙම නෑ මේකට ගොඩ වෙන්න. 

එහෙනං අපි ගියා.. ලැප් එකේ අලුත් ඇදුම ගැන කමෙන්ට් එකක් දාලා යන්න හොදේ...

Wednesday, June 1, 2011

සුරංගනාවි එන තෙක්.....

ඊයෙ ඉදන් අඩන්වා.. 
ඉවරයක් නෑ මල වදයක්ම තමයි මේ නඟා නං. 
හිහ් හ්ඉහ් හිහ්.. ඔව් ඔව් එහෙම තමයි. 
ඒත් ඉතින් ඉස්සර වගෙ අඩන්නෙ නං නෑ. 
ඊයෙ ඇඩුවා අද හිනා උනා. 
ඔන්න අද ඉදන් දවස් 3,4ක් මං පොඩි නිවාඩුවක් යනවා. 
මගේ  පුංචි සුරංගනාවි පොඩි නැන්දව බලන්න අපේ ගෙදර එනවලු. 
ඇත්තටම කවුද මේ සුරංගනාවි? හිහ් හිහ්.. 
දන්නො දනිති. 
මගේ බෝනික්කි(දැන් අපේ අක්කි එහෙම මේක දැක්කොත් මාව කන්න හදයි, ඇයි මගෙ කියුවා නේ) 
අද අපේ ගෙදර එනවා. 
හුරේ. හරියටම කියනවා නං මගේ එකම සහෝදරයගෙ එකම දුව. 
මේ ඉන්නෙ එයා..හීහීහීහීහිහී... 
දැන් නං කෙල්ල ලොකුයි. 
මාස දහයක ලොකු අක්කා කෙනෙක් දැන්..
ලොකු වැඩ ලු කරන්නෙ... 
මාස 2කකින් දැක්කෙ නෑ..  ආසාවෙ බෑ අප්පා...
චූටු දෝණි ඉක්මන්ට එන්න පොඩි නැන්දව බලන්න... :) :) :)

සොදුරු හැපින්න!!!!

අලුත් තැනක අලුත් යාලුවො ගොඩක් මැද
අපිත් හිටියා.. ටික ටික අදුර ගත්තා...
යාලුවො උනා. ඉගන ගන්න උදවු කර ගත්තා..
ආපු දවසෙ ඉදන් ඔයාට කොල්ලෙක් ඕන උනා
ඒ වගේම හිටපු ලස්සනම කොල්ලෙක් ඔයා හොයා ගත්තා
එත් ඉතින් ඒ කොල්ලා කිට්ටු වෙන්න බැරි තරන් දුර කියලා
දැන ගත්තම උඹ කොච්චර ඇඩුවද බං?
මගේ ලගින් ඉන්න යාලුවෙක් නිසා, දුකෙන් තියන්න බැරි නිසා
දන්න හැම එකාටම කියලා කොල්ලව ලගටම ගෙන්න ගත්තා
අන්තිමට ඒ කොල්ලා ඔයාගෙන් කැමැත්ත අහන තැනටම ආවා
මගේ සොදුරු මිතුරිය... හ්ම්ම්ම්.... එදා ඔයා ගොඩක් සතුටින්..
අද වෙනකන්ම.. ඔයාගෙ ඒ සතුට තාම තියනවා, හැමදාම තියෙන්න ඕන..
ඒත් අද ගොඩක් හිත රිදුනා.. ගොඩක්ම..
ඔයාගෙ ඇතුලෙ ලොකු විසක් තියනවා. ඒක මං දැනගෙන හිට්යා..
ඒත් ඒ විසෙන් මට දශ්ට කරයි කියලා මං දැනගෙන හිට්යෙ නෑ..
ඔව් අද ඔයා මට දශ්ට කරා... ගොඩක් දරුනු විදියට...
මං ඒකට රිඇක්ශන් එකක් ගන්න දැනගෙන හිටියෙ නෑ..
මං දන්න එකම දේ, හැමදාම වගේ පාඩුවෙ පැත්තකට වෙලා
බලාගෙන ඉන්න එක... ඇත්ත එලියට එනකන්..
අනේ ඇනකොන්ඩෙක් හිටියා නං අද
ඔයාට තිබුනා ඔයාගෙ විසෙන් ඌව මරන්න
ඒ තරන් විසක් ඔයාගෙ ඔය සුන්දර මුහුනට 
වහන් වෙලා තියන හිතේ තියනවා කියලා
කවුද බං හිතුවෙ?

~නඟා~