Wednesday, May 18, 2011

.................................................අනං මනං....................................................

අද වෙසක් පෝය.නිවාඩුයි. සිල් ගන්න යන්න ආසාවක් තිබුනත් ඒකත් එහෙම්මම යටපත් උනා. කරන්න දේකුත් නෑ. උදේම ඉතින් හා හා පුරා කියලා බ්ලොග් කියවන්න ගත්තා කාලෙකට පස්සෙ. මෙන්න අහු උනා බ්ලොග් එකක්. 

කට්ටිය හැමෝම බය බ්ලොග් එකක්. මොකද මඩ ගාගෙන මඩ ගහන බ්ලොග් එකක් ඒක. කලින් පෝස්ට් එකක් දෙකක් කියවලා තිබුනට ඔක්කොම කියවන්න වෙලාවක් හම්බුනේ නෑ. තැන් 2කකදිම ඒ බ්ලොග් එක ලියන කෙනාව හම්බුන නිසාත් අද මුහුණු පොතේ ඔන්ලයින් දැකපු නිසත් පටං ගත්තා කාලයක් කරන්න බැරි උන වැඩේ කරන්න. 

පෝය දවසෙ පිනක් දහමක් කරන එක පැත්තකින් තියලා කියෙව්වා අපේ මඩයාගේ මඩ බ්ලොග් එක . හැමෝම දන්න අපේ රංග අයියගේ ලෝකය. විහිලු කතා,මඩ ගොඩක් මැද තමන්ගෙ ජීවිතේ දුකත් ලස්සනට අකුරු කරලා.තාම කියවලා ඉවර නෑ. කියවමින් යනවා. 

ඔය අතරේ මුහුනු පොතේ දැක්කා අපේ දිලුම් අයියට(ඉලංදාරියට) තාම අසාධ්‍යයි කියලා. මේ වෙසක් දවසෙ අපි හැමෝගෙම ප්‍රාර්තනාවන් ඉටු වෙලා දිලුම් අයියට ඉක්මන් සුවය ලැබෙන්න ඕන. ඔයා වෙනුවෙන් මහ ලොකු දේවල් කරන්න බැරි උනාට. පංසලකට ගිහින් මලක් පූජ කරල ඔයාට ඉක්මන්ට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න අපිට පුලුවන් අයියා. ඔයා ඉක්මන්ටම ආයි එයි. ආයිමත් ඉලංදාරියා බ්ලොග් ලියයි. සතුටින්. අපි හැමෝගෙම ප්‍රාර්තනාව ඒකයි.

අපි හැමෝම අපේ ආගමේ විදියට ඉලංදාරියා අයියට ඉක්මන් සුව ප්‍රාර්තනා කරමු. අපි මොන ආගමේ උනත් මොන ජාතියේ උනත් අපි එක පවුලක්. මේ අපේම කෙනෙක්. අපි එකට ඉන්න ඕන. බුද්ධාගමේ අය පන්සල් ගිහින් බෝධි පුජා කරලා සෙත් පතනකොට, කතෝලික අය,ඉස්ලාම් අය පල්ලි ගිහින් දෙවියන් වහන්සේට ප්‍රාර්තනා කරමු  ඉලංදාරියා අයියට ඉක්මන් සුව පතලා!!!!
දිලුම් අයියේ අපි ඔබ සමගයි!!!!!

Monday, May 16, 2011

ජීවිතය සහ මම

පද ගලපන්නට
හරි අරුතක් නැති

නොගැලපෙන අකුරු
දහසක එකතුවයි
ජීවිතය!!!!!

Friday, May 6, 2011

අතීතයට .(තිත)

අතීතය වර්තමානයට ,
ගෙනෙන ඒ මතකයන්...
ඇයිද අද බොද වෙලා,
"අකුරු" වැල් පොඩිති මැද...

Sunday, May 1, 2011

කම්කරුවා

අදයි ඒ දවස...
කම්කරුවා..
ඔව්.. කම්කරුවා..

හෝද හෝදා..
මඩේ දමන,,
කම්කරුවාගෙ
දවස....
අනේ අසරණ
කම්කරුවා...
අදයි උඹෙ දවස...