Monday, July 4, 2011

නිමා නොවෙනා ආදරේ... 01

ස්ථානය:-_ _ _ _ ආපන ශාලාව
දිනය:-09/02/2008


මා තුල වූ චංචල ස්භාවයක් වූ මාගේ ප්‍රථම පෙම් හැගේම පිළිබදව මෙසේ අකුරු කරමි. නමුත් අද දින වන විට මා විසින් මා සතුව තිබූ හැගීම් යටපත් කර ගනිමින් අසීරුවෙන් හෝ ඇය පිළිබදව මා සතුවන මතකයන් අමතක කරමින් සිටින අවදියක් වන මෙම අවදිය වන විට යම්තාක් දුරට ඇය පිළිබද මා සතුවන හැගීම් හා සිතුවිලි යටපත් වී, අමතක වී ඇත. 


එබැවින් මා මෙසේ අකුරු කිරීමේදී යම් අඩුපාඩුවක්, ආමතක වීමක් හෝ ප්‍රේමාන්විත බව කෙරෙහි සිදුවන අඩු පාඩු කෙරෙහි මා ප්‍රථමයෙන්ම ඔබගෙන් සමාව අයැද සිටිමි. එසේම මේ වන විට මා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනය ලබා සිටිමින් ඇති බැවින් මා හට සිංහල භාෂාවෙ යම් වචන හා ව්‍යාකරණ අමතක වී ඇත.එබැවින් සිංහල භාෂාවට මාගෙන් යම් අඩුපාඩුවක් සිදු වුවහොත් එයටද මා සාමාව ගනිමි.


මෙහි එන මා සිත් ගත් ගෑණු ළමයාගේ නම ඉශා ලෙස දැක්වීමට මා කැමති අතර මෙහෙදී මාගේ මිතුරෙකු ලෙස(ඉතා හොද මිතුරෙකු) දුලා දැක්වීමට කැමැත්තෙමි. ඉශා ගැන මා සතුව ඇති මතකයන් දැන් මා තුලින් යම් තාක් දුරට ගිලිහී ගොස් ඇති නමුදු ඇය පිලිබදව මා සිතින් දුක් විදි අවදියේ මාගේ මිතුරාආ වූ දුලා මට නිතර පැවසූ වදනක් තිබිනි. ඒ තමයි "මචෝ උඹ හරියට අනියන් ෆිල්ම් එකෙ ඉන්න අම්බි වගේ" යි යන්න. 


එසේ කීමට හේතුව වූයේ ඉෂා පිලිබද, ඇය සම්භන්ද සියලු දේ මා මතකයේ තිබූ බැවිනි. නමුත් ඒවා මා මතකයේ තබා ගනිමින් මටම කර ගන්නා වූ හානිය වැලැක්වීම උදෙසා මම එම මතකයන් ඉවත ලමින් සිටිමි. මාගේ එම කතාව මා මෙලෙස අකුරු කරමි... මම,
                                                                                 ඉෂ්

10 comments:

  1. ආ ඔය කතාව පටන් අරගෙන තියෙන්නේ :)
    බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා :)

    ReplyDelete
  2. @ඉෂ්-:ඔබගේ මතකය අකුරු කරනා තුරාවට අප බලා හිදිමු....:)

    ReplyDelete
  3. බලාන ඉන්නවා ඉතිරි කොටස් ලියවෙනකන් . ඔබට ජය . . .!

    ReplyDelete
  4. ඉශ් ඉක්මනට කතාවේ ඉතුරු ටික ලියන්න. දවසට දෙක ගානේ හරි කමක් නෑ ලියන්න. මොකද මේක ගොඩක් ලොකු කතාවක් නේ.

    ReplyDelete
  5. මේක මොන වගේ කතාවක්ද???නව කතාවක්ද?කෙටි කතාවක්ද?ඒක ඊට ඉස්සෙල්ලා කියන්ඩෝ........

    ReplyDelete
  6. ඉදිරියට යමු නේද?පටන් ගැන්ම සාර්ථකයි

    ReplyDelete
  7. මං හිතන්නේ ඉෂ් උනත් කැමැත්තෙන් ඇත්තේ මේ කතාව කියවලා රසවිදින්න... ඉෂ් නගා එක්ක එකතු වෙලා ඉක්මනට කතාව දාමු නේද?

    ReplyDelete
  8. ඕක නං ඉවර වෙන්නම එපා..

    ReplyDelete