Sunday, November 20, 2011

හෙල්ප් ප්ලීස්....

අනේ අපේ කස්ටිය හරිම හොදයි... දැක්ක නේ හෙල්ප් කියපු ගමන් මෙතන... :) :) :)  

හරි හරි වැඩි කතා නැතුව ඕන උදව්ව කියන්නන්කෝ... මෙන්න මේකයි උදව්ව... කස්ටිය මෙන්න මේ ලින්ක්  එකෙන් ගිහින් මේ ෆොටෝ ඒකට ලයික් එකක් දාලා එන්නකෝ...  

මං වගේ අහිංසක හොද ළමයෙක්ට උදවු නොකර කොහොමද නේ? අන්න එක නේ.. 

දැන් කස්ටිය දුවලා දුවලා ගිහින් ලයික් එකක් දාලා ඇවිත් මෙන්න මේ බිම එක බිලා ගෙවල් වල යන්නකෝ... :) :) :) 



මගේ ඇඩ් දාන්න ඉතින් වෙන තැන් කොහෙද අලෙ... මේ බ්ලොග් එක ඇරෙන්න... එනං අපි ගියෝ... ආපු හැමෝටම ඉත්තුතියි...

Monday, October 24, 2011

පමා විය ඔබ....

සොරා ගත් පසුම්බිය
කාලෙකින් ආයිමත් මගේ අතට...
එත මොකටද දැන්,
ඒක හිස වෙලා....
අනික මං අරගෙන
අලුත් පසුම්බියකුත්...
වටිනාකමක් නැ දැන් මට
ඒ පසුම්බියෙන්....
නුබේ ආදරෙත් දැන් මට, 
ඒ පසුම්බිය වගේ...

Wednesday, October 5, 2011

(කොට)කසාදය!!!!!

හිතුවෙම මතක වෙයි කියලා
ඒත් ඔයාට මතක් උනේ නැ....
දුරින් ඉදන් ජීවතේ හොයපු අපි
අපේම විතරක් උනා....
ජීවතේ හම්බුනා කියලා හිතුවා... 
ඒත් දෙයියනේ අන්තිමේදී
දැන් අපිට අපිවත් නැති වෙලා නේද???
ආදරේට පුංචි පුංචි මතකයන්
පුංචියට සමරපු ඒ කාලේ
මට ආයිමත ඕන.. 
ඒ ජීවතේ මට ආයිමත් ඕනා...
මට ඔයාව ඕන...
මට මාව ඕන...
මැරිලා යන්න කලින් මට අපේ 
ඒ ජිවිතේ ආයි ඕන....
සල්ලි වලට යට වෙන්න යන,
කාලය යට කරන්න යන,
අපේ සතුට මට ආයිමත් ඕන....

Monday, September 19, 2011

අහිමි වීම හා හැර යාම

"මට නැති උනේ
මට ආදරේ කරන්නෙ නැති
එක්කෙනෙක් විතරයි...
ඒත්, එයාට නැති උනේ
මේ ලෝකෙ එයාට
වැඩිපුරම ආදරේ කරන කෙනා.."


මේක තිබුනේ මං බ්ලොග් කියවන්න ආපු මුල්ම කාලෙ දැකපු බ්ලොග් එකක පොස්ට් එකක. ඒක තිබුනෙ ලොකු කතාවක්. ආදර කතාවක අවසානෙ. ඒ ලින්ක් එක මං ගොඩක් කල් තියාගෙන හිට්යා. ඒ කතාව කියවලා අඩපු අයත් මං ඕන තරන් දැක්කා. හැදුන අයත් මං ඕන තරන් දැක්ක. මේ කතාව ආයිමත් මතකෙට එන්නෙ ආදරේ නැති වෙලා දුක් විදින කෙනෙක් මේ ලගදි මට හම්බුන නිසා. එයා සමහර විට මේක කියවයි. සමහර විට නොකියවා ඉදියි.


මේ ලෝකෙ ඉන්න හොදම කෙනා අපිට හම්බුනත් අපි ඒ කෙනාගෙ අඩුවක් දකිනවා. ඒක තමයි අපේ හිත. කවදාවත් ඉවර වෙන්නෙ නැති ආසාවන්.හ්ම්ම්ම්ම්.. එහෙම උනාම අපේ හිත් දුවනවා. අපිට නවත්තන්නත් බෑ අපි බලාපොරොත්තු වෙන දෙයක් තියන කෙනෙක් ලග නවතිනවා. අපි දැන් ඉන්න කෙනා ලග මුලු ලෝකෙම ආදරේ තිබුනත්, අර අපි ආස වෙන දේ එක පාරම කෙනෙක්ගෙ ඇතුලෙන් අපි දැක්කොත් හැම දේම දාලා අර කෙනා ලගට යන්න අපි හිතා ගන්නවා. මේ අපෙ හිත් වෙනස් වෙන්න පුලුවන් තැන්.


තව කෙනෙක් ට තමන් ලග ඉන්න කෙන එපා වෙන්න හෙතුව එයාවත් දන්නෙ නෑ. එකට හෙතුව හිත වෙන තැනක නවතින එකත් නෙවෙයි වෙන්න පුලුවන්. එ වගෙ ගුප්ත මිනිස්සු අපෙ ජිව්ත වල අපිට ඔන තරන් හම්බෙනවා... ආදරෙ කරන කෙනාගෙන ගොඩක් දෙවල් බලාපොරොත්තු වෙලා එ දේවල් නොලැබුනාම දාලා යන අයත් ඕන තරන් ඉන්නවා නෙ...එත් එ කෙනා අසාදාරනයි කියලා එයා වත් දන්නෙ නෑ...


මෙ ලොකෙ මිනිස්සු එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස්. "කවදාවත් මනුස්සයෙක්ව තේරුම් අරන් ඉවර කරන්න එපා"  ස්කයිප් කොල් එකක මැදින් ඇහුන කතාවක්... ඒ කතාවෙ කොච්චර ලොකු ඇත්තක් තියනවද කියලා තෙරුනෙ ටිකක් කල්පනා කරාමයි. මිනිස්සු කියන්නෙ මෙ ලොකෙ අවසානෙ වෙනකන් තෙරුන් ගන්න බැරි ජාතියක් වෙන්න ඇති. අනෙ මංදා.


ගන්න එකෙක් ඉන්නව නං මං මෙ කියපු දෙමලෙ තෙරුන් ගනියවු. මෙක බනක් නෙවියි. මං දැකපු දෙයක්. මේ බ්ලොග් පොස්ට් එක ලියන්න අරන් තියෙන්නෙ දැනට මාසෙකටත් කලින්. ඔන්න අද අන්තිම ටික ලියලා දැම්මෙ පහුගිය ටිකෙ අහන්න දකින්න උන දෙවල් නිසා.. විභාගෙ කන ලගටම ඇවිත්. මෙකට වෙලා හිටියොත් මටයි අඩන්න වෙන්නෙ. හිකිස්. මම යමි.. 


බුක් ෆෙයා පොස්ට් එක මඩ සමග මග එනවා(ඔය කියුවට ලියන එකකුත් නැ.)  18 බ්ලොග් ලියන වැඩිහිටි පරම්පරාව හමු විය, 21 අක්ශරෙ අපි , 22 අපෙ පොඩි මතංලා ටික එක්ක බුක් ෆෙයා යන්න හිතන් ඉන්නවා. නැව ගිලෙන්න ලගයි. මං තාම වයලින් ගහනවා මෙතන ඉදන්. 21,22 විභාගෙ අභාගෙ... හ්කිස්. ඔන්න අපි ගියොය.  දැන් කට්ටිය ඇවිත් පොලිමෙ මට බනින්න එපා.. මං හොද ලමයෙක් වෙමි... නරක ලමයෙක් නොවෙමි... 

Wednesday, September 14, 2011

හැගීම්.....

හූල්ලන්න එපා
ඒ හිතුවක්කාර හිත
අහිංසක ඇස්
දැන් ඔයාට අයිති නෑ...
.
ලග තියනකොට
දූවිලි කැටයක් උනා
දැන් කොහොමද
මැනික් කැටයක් උනේ?
.
එදා අන්තිම මොහොතෙ
අඩලා, අඩලා කියුවෙ
දාලා යන්න එපා කියලා නෙද?
එයාව එපා කියුවෙ ඔයාමයි...
.
දැන් මොකද්ද මේ???
.
අහිංසක ආදරයක් එක්ක
එයා සතුටින් ඉන්නව දැක්කම
දැන් අවුරුදු ගානකට පස්සෙ
දැනුන හැගීම ,
.
.
ආදරයද?
.
ලෝබ කමද?
.
ඉරිසියාවද?
.
නපුරු කමද?

Monday, September 12, 2011

කාලය සහ අපි

එදා
මට ගැලපෙන
එකම කෙනා
මෙයා
අද
මේ ලෝකේ
හොදම කෙනා
උනත්
මට
නොගැලපෙන
එකම කෙනා
මෙයා
හෙට
එයා එනකන්
මග බලාගෙන
ඉදියි  
මම

Saturday, September 10, 2011

Aල උන Lඑවල් එක.


බයෝ  කරපු අපි ගෙදරට නාකි වෙති..
මැත දා ගත් උන් තාමත් ජොබක් නැති..
ආර්ට් කොමස් උන් රිවිෂන් සරණ යති..
8 අසමත් එකා ඉහළින, ඉහලටම යති...

Monday, September 5, 2011

කාලයට ණය ගෙවීම!!!!


කාලය මනින්නෙ තත්පර වලින් නෙවී නං.
මං ගොඩක් දුර යන්න ඉඩ තිබුනා

කාලයට පිං සිද්ද වෙන්න 
කාලය ඉක්මන්ටම ගෙවිලා ගියා

ඔයා මගේ ලගින් නැගිටලා 
බස් එකෙන් බැහැලා යන්න ගියා

එදා ඒ මොහොතට  තව වෙලා ගියා නම් 
අද ඔයා මගේ ලග නැතිවෙන්න ඉඩ තිබුනා

අපි අපේ නොවෙන්න ඉඩ තිබුනා..

හ්ම්ම්ම්ම්ම්... 

කාලය...
අපේ ජිවත වල නොගැලපෙන ගොඩක් තැන්  
ගලපන්න අතරමැදියෙක් වෙලා..

කාලය ගෙවිලා...
අපි අපේ වෙලා..

Wednesday, August 10, 2011

මගේ කවිය

..................................................................
.................................................
........................................................
....................................
.....................................................................
.........................................
...............................................
.............................
...........................................................
....................................................
...................................
..................................................................
................................................
...............................
....................!!!!!!!!!

Sunday, August 7, 2011

~තරු අහසට ආදරෙන්~

තරු අහසට ගොඩක් දුක හිතිලා, 
හොදටම අඩනවා...
එකම විදියට ගෙවෙන අපේ ජීවිත 
වෙනස් කරන්න බැරි නිසා වෙන්න ඇති..
ඒ ඉතින් ඒ වැටෙන කදුලු නිසා ,
මේ එකම විදියට ගෙවෙන අපේ ජීවිත 
අලුත් වෙනවා කියලා දැන ගත්තොත්,
ඒ කදුලු කැට මල් වැසි වෙලා හැමදාම වැටෙයි...
තරු අහසෙ කදුලු වලට අපි හැමදාම ආදරේ කරයි...

Saturday, July 16, 2011

නිමා නොවෙනා ආදරේ. (විරාමයක්)

නිමා නොවෙනා ආදරේ. අපේ ඉෂ් අයියගෙ පළවෙනි ආදර කතාව. ඒක මං ලියන්න අරගෙන තාම කොටස් 3යි ලියා ගන්න වෙලාවක් නෑ. කොලයක් බලන් ටයිප් කරනවා කියන්නෙ ගොඩක් ව්එලා යන වැඩක් නේ. මං මේක දාපු විදියට කට්ටියට කම්මැලි වෙනවා කියවන්නත්. මං හිතුවා කතාව මතු සම්බන්දයි කරලා මගේ විභාග අභාග වලින් පස්සෙ ලියන්න. මොකද ඒ කතාවෙ තියෙන්නෙ කෙනෙක් ගෙ ජීවිතෙ ඇත්ත හැගීම්. ඒක නිකන්ම නිකන් පොඩි ඔඩි කෑලි වලට කඩලා පිටකොටුවෙ දාලා විකුනනවා වගේ කරන්න බෑ. 


නඟා පහුගිය කාලෙ රාජකීය ලෙස විභාග 2,3ක්ම ඇන ගත්ත නිසා මේ දවස් වල රිපීට් වලට නැහෙනවා. ඒව එක්ක මේ පැත්තෙවත් එන්න වෙලාවක් නැති වෙයි ඉස්සරහට(ඔය කියුවට නඟා මැරිලා ඉපදිලා නෑ නේ. අපි නොදන්න නඟා. නේ?) හිකිස්...


කියන්න ආවෙ නිමා නොවෙනා ආදරේ මගේ විභාග අභාග ඉවර වුන ගමන්ම කියලා ඉවර කරනවා කියලා. මොකද එ4 කොල 20 විතා පිරෙන්න තියන ආදර කතාවක් මහ ගෙදර වගේ එපා වෙනකන් අදින්න ම්ං ආස නෑ. එක අසාදාරනයක්, ලියපු කෙනාටත්. ඔන්න එහෙනං නිමා නොවෙනා ආදරේ

මතුසම්බන්දයි...

~~~~~~~~~~~ගැබ්බර ගැහැනිය~~~~~~~~~~

නූපන් දරුවට
මරණ සහතික
ලියන මම
ආසියාවෙ
අවිවාහක
ගැහැනිය

Friday, July 15, 2011

මිතුරු කැල කුලක විය

video
ඔන්න අද දවසෙ සාරාංශේ. හිකිස්. මේක අවසානෙ නඟාට එල්ල උන මැර ප්‍රහාරෙ ගැන මේකෙ මං කියන්නෙ නෑ. 


අද ආපු අය ගැන මඩ ටික වෙන වෙනම කියන්නං නේ? දිගට රස කොරලා ලියන්න බෑ අප්පා. 


උදෙ පාන්දර 9ට විතර  කෝල් එකක්. එතකොට මං බොරැල්ලෙ. "මිස් නඟා කොහෙද ඉන්නෙ? "


"ආහ් මල්ලි, මං මේ තුම්මුල්ල කිට්ටුව(හිකිස්...) තව විනාඩි 2න් ඔතන."


හිහ් හිහ් හිහ්.. ඔහොම කියලා 154 අමාරුවෙන් 9.20 වෙනකොට මං තුම්මුල්ලට ගියා. මල මගුලයි දුවලා දුවලා ගියාට මොකද හෝල්ට් එකෙ කවුරුත් නෑ. ඇහ්? කෝ මුන්? 


"යකෝස් මං තුම්මුල්ලෙ, කොයි ඉන්නෙ?"
"අනේ අක්කෙ කන්න ආවා බං, පරිස්සමින් ඉන්න හොදේ අපි එනකන්"
"!@#$%^&*"
මොනව කරන්නද 9.40 වෙනකන් හිටියා කටු කාගෙන හෝල්ට් එකට වෙලා. මෙන්න එනවා දෙන්නා එක්ක වැනි වැනි.  ඉෂා(ඩාර්ක්නෙට්) ඇන්ඩ් දිලියා(අර හූනා වගේ ඉන්න පනුවා වගේ කොල්ලා). බනින්න වෙලාවක් හම්බුනෙ නෑ ඒ එක්කම ආපු බස් එකට ගොඩ උනා. "අක්කෙ ටිකට් ගන්න හොදේ අපි එනකොට ටිකට් ගන්නං. "
ආයිමත් මට ඉතින් !@#$%^&* . ග්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....
සන්තකේටම තිබුන රුපියල් 100 දුන්නා කොන්දොස්තර අංකල්ට. (හොද වෙලාවට අංකල් මගේ අතටම ඉතුරු සල්ලි දුන්න. නැත්තං අරුන් දෙන්නා එකෙන් කඩල හරි කයි. ඒ තරන් දත් ගලවලා හපන්නු).
ඔහොම්මම කොටුව ස්ටේසම ඉස්ස්රහට වෙලා ඉන්නකොට මෙන්න කෝල් එකක් චාටර් මල්ලි ඇවිල්ලලු. 
ඉශාර- "මචං උබ බෑග් එකක් දාගෙන නේද ඉන්නෙ?"
චා- "..........."
"ඉශාර-" බස් හෝල්ට් එකෙ නේ?" 
"දැන් ෆෝන් එක කනෙ තියාගෙන ඉන්නෙ උඹ නේ? " (හිකිස්, නැතුව ඉතින්)
"හරි මචං මං එන්නං,මං දැක්කා උඹව."

"අඩේ මේ චාටර් පොඩි එකෙක් කියුවට නාකි පප්පෙක්නෙ බං, බලපංකො අර ඉන්න මිනිහා."

වයස අවුරුදු 30ක විතර මනුස්සයෙක් දිහා බලාගෙන තමයි ඉශාරයා මෙච්චර වෙලා කියවලා තියෙන්නෙ. අපි ලගට යනකොට එ මනුස්සය අහක බලාගෙන යන්න ගියා. හිකිස්.. මෙන්න ඉන්නව තව ඇච්චං කොල්ලෙක් හිනාවේගෙන අපි ලගට එමින් ගමන්. අලි මේ තමයි චාටර් මල්ලි.
අනේද කියන්නෙ, නම චාටර් උනාට මලයා නං සිල් ගත්තා වගේ, හරීම නිවිලා.. වැඩිය ඕන නෑ කනට ඇහෙන්න කතා කරන්නෙ නෑ එ දරුවා.



ඔන්න ඔහොම එතනින්ම බස් එකක නැගලා අපි 4 දෙනා හෝ ගාන පොකුන ලගට ගියා. බස් එකට සල්ලි දෙන්නෙ නැතුව හොරාට යන්න ගිහින් ඉශාර මලයා ගුටි නොකා අමාරුවෙන් බේරිලා ඔන්න බස් එකෙනුත් බැස්සා. 
අපි ඉතින් ගිහින් ටික වෙලාවකින් දිලියා මට හෝ ගාන පොකුන ගැන, කොළඹ කාක්කන් ගැන, ගමේ කපුටන් ගැන, තව ගොඩක් දෙවල් ගැන විස්තර කරලා දුන්න(අපි ඉතින් ගමේ හැදුන අය නේ ආයුබෝන්.) 
ටිකකින් ඉශාරයා අතුරු දහන්.


කවුදෝ එකෙක් ඇවිත් කියලා ඉශාරයා ෆෝන් එකත් කනේ ගහන් ගියා දුරට. අපිට පේනවා. ඉශාර අර කොඩිය තියන තැඅන්ට නැගලා අත් දෙකත් උස්සගෙන මොකාද වගෙ හිටගෙන ඉන්නවා. පස්සෙනෙ දන්නෙ ආපු එකාට ඉශාර මල්ලිව පේන්නෙ නෑ කියලා, සිංහ කොඩිය තියන තැනට නගින්න කියුවලු. ඒ පේන්නෙත් නෑ කියලා අත් දෙකත් උසන්න කියලා. අනේ ඉතින් මෙ අහිංසකයා කියපු විදියටම කරලා. 


ටිකකින් ඉශාර එනවා අලි පැටියෙකුට වඩා ටිකක් විතර පොඩි කොලු පැටියෙක් එක්ක. හිකිස්. අලි මේ එන්නෙ මලියා තමයි. ඔන්න එකත් ආවා.


එතකොටම ඉශාරට කෝල් එකක් 
"පුතා මං මේ මලියගෙ අම්මා කතා කරන්නෙ, අනේ පුතා අපේ ළමයව ගෙහ්ඩරින් පිට යැව්වමයි ඔය.. මං මලක් ව්අගේ හදපු දරුවා පුතා, 138 ඇරෙන්න වෙන බස් එකක ගිහින් වත් නෑ ඒ දරුවා. අනෙ ආයි පරිස්සමින් ගෙදර එක්ක එන්න හොදෙ."
මලියා අලියා වගේ හිටියට අලි හුරතල් දරුවෙක් නෙව, එතනින් එහාට අපි පරිස්සන් වෙන එක පැත්තකින් තියලා අපි මලියව පරිස්සන් කරේ. (මලක් වගේ හැදුන කොල්ලා නේ.)


තව එකෙක් අඩුයි. කෝ අර සුලා?  ඌ තව නෑ.


තවත් ඕපදූප ටිකක් කතා කර කර ඉන්නකොට දිලියට කෝල් එකක් දීලා අර හක්කෙ දත් වැඩි ඒ,ඬී,කේ අයියත් එයාගෙ වෙන්නෙ වයිෆ් එක්ක ආවා. (ආපු ගමන් මගෙ වැඩිහිටි පට්ටම එහෙම්මම එයාට ගියා අප්පා, දුකේ බෑ.) 


තවත් පැයකට විතර පස්සෙ ආරුගම්බෙ පාරක් කන්න බලාගෙන සුලාත් එතන්ට ආවා. අනේ මාත් ඒකට ටොක්කක් හරි අනින්න බලාගෙන ගියේ කියන කතා වලට, කොහෙද සයිස් එක දැක්කම ටොකු නෙවී ලනුවක් දෙන්න හිතුනා අර තියන කාල තුවක්කුවකට දාලා බැදගන්න. කොල්ලා එ තරමට ගහගෙන යන්න හදනවා. මලියගෙ ඇලේ එල්ලිච්ච ගමන්මයි යනකන්ම හිටියෙ. 


ඔහොම වෙලාව ගෙවෙනකොට අප්පේ දිලියට ඇන්ටි කෙනෙක් දාලා එන්න බැරුව අඩ අඩ හිට්යා. හිකිස්. ඒ.ඩී.කේ අයියා දාලා තිබුනා නේ ඒ ඇන්ටි ගැන. මං කියන්නෙ අනෙතුව ඉන්නං. හිකිස්. ලැද්දයි අලේ . අපෝ..... 


ඔන්න ඔහොම ගිහින් හරියටම 1ට කිට්ටු වෙනකොට විසිර යා කියලා අර හක්කෙ දත් වැඩි අයියා කියුවා. ඉතින් එයාගෙ ගලව ගත්ත දත් ටික ගැන දුක හිතන්නෙ නැතුව එයයි එයාගෙ වෙන්ඩ වයිෆ් අක්කයි මාව ගෙදර ලගින්ම ගිහින් දාන්නං කියලත් කියුවා. තව දතක් ගලව ගන්න හිතිලා අයියා ඔන්න මගින් අඉක් කිලිමකුත් අලන් දුන්නලු. හිහ් හිහ්.. 


ඔන්න ඔහොමයි අද දවස ඉවර උනේ.. මෙහෙම ගිහින් මිතුරු කැල කුලක වූ වගයි. මඩ නැත. ස්වීට් විදියට ලියුවා ඔන්න.


අන්තිමට කියන්න තියෙන්නෙ, නඟාගෙ මොලේ හොද කමට හෙට තියනවා කියලා හිතාගෙන හිටපු මංගල්ලෙ තියෙන්නෙ හෙට නෙවී ලු. අනිද්දලු. හිකිස්.  දැන් ඉතින් මගෙ සිහිය ගැන කටිට්ය හොද හොද එව කියයි. ඔව් ඔව් ඔය කෙල්ල ඔහොම්මමයි, ඉගන ගන්න ඒවට කිසි උනන්දුවක් නෑ (ඉශ් අයියා සහ අපේ සහෝදරී මෙය නොදකිත්වා...)

Sunday, July 10, 2011

නිමා නොවෙනා ආදරේ. 03



බොහො අවස්තාවලදී ගුරුවරුන්ගේ පැමිණිම සටහණ් කරුනු පොත රැගෙන එන්නෙ ඉෂා විසිනි. එම නිසා මම එයට ඉතා කැමැත්තකින් හා ආසාවකින් සිටියෙමි. ඇය පොත රැගෙන එනකම් ආසාවෙන් බලා සිටියෙමි. නමුත් ඇයට ඒ පිළිබදව මා ඇයට නොහැගෙන අයිරින් කටයුතු කලෙමි. වෙන අයෙකු එම පොත රැගෙන ආවොත් මා එම රැගෙන එන්නාට සිතින් බැන වැදුනෙමි.

කෙසේ හෝ මෙලෙස කල් ගත වන විට 2007 වසරේ මැයි මස වන විට ඉෂාට දහම්පාසල් පැමිණිම පිළිබදව ගැටලුවක් ඇතිවිය. ඒ ඇය අපොස(උ/පෙ) ගණිත අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටින බැවින් හා ඉරිදා උදය වරුවෙ ඇයට උපකාරක පංතියක් පැටී තිබුන බැවිනි. පැයගෙ දහම්පාසල් නොපැමිණිමත් සමග ඇය ගැන මා සතුව තිබූ හැගීම් මා තුලින් යටපත් වීමට පටන් ගත්හ. මට මතක පරිදි ඒවා සම්පූර්නයෙන්ම යටපත් වුනි.

මෙලෙස කාලයක් ගතවෙමින් තිබියදී අප දහම් පාසලේ විනෝද චාරිකාව යාමට අපි සූදානාම් විමු. ඒ විනෝද චාරිකාව සදහා යොදාගෙන තිබුනේ ඔක්තෝම්බර් 28 දිනයයි.

මෙ අතර මාගේ උසස් අධ්‍යාපන ආයතනයේ අවසාන පරීක්ෂන විභාගයක් තිබිනි. එයට අදාල දිනය වූයෙ ඔක්තෝම්බර් 30යි.28 වන දින විනෝද චාරිකාවට සහභාගි වන අටියෙන් මා 27 වන සෙනසුරාදා දින හා 29 වන සදුදා දින පාඩම් කටයුතු වල යෙදීමට ඉටා ගතිමි.

ඉටා ගත් අයිරින්ම සෙනෞරාදා දින මා පාඩම් කටයුතු වල යෙදුනෙමි. එදින "සිරස සුපර් ස්ටාර්" පැවතුනද එයද නොබැලීමට මා තිරනය කරමින් අධ්‍යාපන කටයුතු වල පමණක් යෙදුනෙමි. නමුත් හවස් කාලයෙ තවත් අයියා කෙනෙකු සමග මා පංසල් ගියෙමි. ඒ විදුහල්පති ස්වාමීන් වහන්සෙ සමග විනෝද චාරිකාව පිළිබදව කතිකා කර ගැනීමටයි.

පසු දින එනම් 28 වන දින අපි විනෝද චාරිකාව යන අටියෙන් පෙ.ව. 5.00 වන විට එකතු විමු. විනොද චාරිකාව යාමට සූදානාම් කර ගත් බස් රථයද පැමිණියේය. විශේෂත්වය වූයේ ඒ බස් රථය ඉෂා ගේ වීමයි. එබැවින් ඇයද කලකට පසු නමුදු විනෝද චාරිකාව සදහා එකතු වී සිටියාය.

ඇය දැක මා හට යම් සතුටක් ඇති වූ නමුත් මා තුල යටපත් වු හැගීම් මෙ විනොද චාරිකාව තුළින් යලි පිබිදේ යැයි මා සිනෙකින් වත් සිතුවේ නැත. තෙරුවන් නැමැද පන්සිල් සමාදන් වූ පසු අපි බස් රථයට නැග විනෝද චාරිකාව ආරම්භ කලෙමු. ඒ දඹුල්ල , යාපහුව, රැස්සේරුව, නාමල් උයන හා අවුකන යන අටියෙනි.

Friday, July 8, 2011

නිමා නොවෙනා ආදරේ. 02

1 කොටස නොකියවපු අය මෙතනින් දුවලා ගිහින් කියවලා එන්න....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



මා දහම් පාසලේ ඉගැනීමට එකතු වූයෙ 2006 වසරේ අග භාගයේදී හෝ 2007 වසරේ මුල් භාගයේදිය.ඒ වන විට මා දහම් පාසල හැර ගොස් වසර දෙකක්(2ක්) පමන වේ. මා දහම් පාසල හැර ගියේ අ.පො.ස. (සා/පෙ) කරමින් සිටි අවදියේය. මට දහම්පාසල් ගුරුවරයෙකු ලෙස ඉගැන්වීමට සිතුනේ වෙන කුමක් හෝ හේතුවක් නිසා නොව මා ඉන් ලද දේ මතු පරපුරට ලභා දෙන අටියෙනි. 


ඒ වන විට මා ගැහැනු ළමයෙකුට පෙම් කර හෝ එවැනි සිතකින් ගැහැනු ලමයෙකු දෙස බලා වත් තිබුනේ නැත. නමුත් මාගේ සිත තුල චංචල ස්භාවය ඇති වූයේ මේ කියවන වකවානුවේය. ඒ ඉෂාව දැකීමෙන් අනතුරුවයි.මා සිත තුළ ඇය පිලිබද යම් හැගීමක් මතු වුවද මා එය නොසලකා හරින ලදි. ඒ මා පෙම් සභදතා පිලිබද දැනුවත් මදි කම නිසා විය යුතුය (නමුත් මේ වන විට මා මිතුරන් කිහිපදෙනෙකු හට පෙම් සබදතා උපකාර කර තිබුණි) නැති නම් මා සතුව තිබු අදි මානය නිසා විය යුතුය,


කෙසේ වෙතත් එලෙස මා සිත තුලම තබාගෙන තිබූ හැගීම මා විසින්ම යටපත් කර ගත්තෙමි. මෙහිදී එකක් කිව යුතුය. මා තුල ගැහැනු ළමයෙකු පිලිබදව  මෙසේ හැගීම් ඇති වූ ප්‍රථම අවස්තාව මෙයය. මෙය රාගිකවූ හැගීමක් නොවන බව විශේශයෙන් සදහන් කල යුතුය.


ඇය පිලිබදව සදහන් කරනවා නම් , එතරම් පැහැපත් නොවූ ඇය මට වඩා පැහැපත් වූවාය. මට ඇයව පෙනුනේ ලස්සනටය. මට ඇය පිලිබදව දැනුන හැගීම් වචනයෙන් විස්තර කල නොහැක. එය ඔබ යම් තාක් දුරට හෝ තෙරුම් ගනිතියි මම සිතමි.
                                                     ඉෂ් 

ප. ලි. :- මේ දවස් ටිකේම එක දිගට වැඩ සමාවෙන්න ඕන මෙහෙම ටික ටික කතාව අදිනවට. මේකත් මෙ හරිම නිදි මතේ අමාරුවෙන් කොලේ බලාගෙන ටයිප් කරේ. ඉෂ් අයියගෙ අකුරු ටික නං අලි චෝයි, කියවගන්න පරණවිතාන ගේන්න වෙනවා.කටිට්ය මට බනින්න එපො. නඟාට මේ දවස් වල අහස උසටත් වඩා ටිකක් උසට වැඩ(කියලා හිතාගෙන ඉන්නවා). සුරංගනාවිත් ගෙදර ඇවිත්, තව එක එක ගමන් බිමන් නිසා මේ පැත්තෙ එන්න ව්එලාවක් හම්බුනේම නෑ.ඔන්න දැන් ටයිප් කරලා තියුවට මොකද මේක පබ්ලිශ් කරන්න වෙන්නෙ උදේට තමයි. මොකද අදාල අයගෙන් අවසර ගන්න එපයි පබ්ලිශ් කරන්න. :) :) එහෙනං උදේට ගුඩ් මොර්නින්ග් වගෙ එකක් වේවා........ අපි යනො....

Monday, July 4, 2011

නිමා නොවෙනා ආදරේ... 01

ස්ථානය:-_ _ _ _ ආපන ශාලාව
දිනය:-09/02/2008


මා තුල වූ චංචල ස්භාවයක් වූ මාගේ ප්‍රථම පෙම් හැගේම පිළිබදව මෙසේ අකුරු කරමි. නමුත් අද දින වන විට මා විසින් මා සතුව තිබූ හැගීම් යටපත් කර ගනිමින් අසීරුවෙන් හෝ ඇය පිළිබදව මා සතුවන මතකයන් අමතක කරමින් සිටින අවදියක් වන මෙම අවදිය වන විට යම්තාක් දුරට ඇය පිළිබද මා සතුවන හැගීම් හා සිතුවිලි යටපත් වී, අමතක වී ඇත. 


එබැවින් මා මෙසේ අකුරු කිරීමේදී යම් අඩුපාඩුවක්, ආමතක වීමක් හෝ ප්‍රේමාන්විත බව කෙරෙහි සිදුවන අඩු පාඩු කෙරෙහි මා ප්‍රථමයෙන්ම ඔබගෙන් සමාව අයැද සිටිමි. එසේම මේ වන විට මා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනය ලබා සිටිමින් ඇති බැවින් මා හට සිංහල භාෂාවෙ යම් වචන හා ව්‍යාකරණ අමතක වී ඇත.එබැවින් සිංහල භාෂාවට මාගෙන් යම් අඩුපාඩුවක් සිදු වුවහොත් එයටද මා සාමාව ගනිමි.


මෙහි එන මා සිත් ගත් ගෑණු ළමයාගේ නම ඉශා ලෙස දැක්වීමට මා කැමති අතර මෙහෙදී මාගේ මිතුරෙකු ලෙස(ඉතා හොද මිතුරෙකු) දුලා දැක්වීමට කැමැත්තෙමි. ඉශා ගැන මා සතුව ඇති මතකයන් දැන් මා තුලින් යම් තාක් දුරට ගිලිහී ගොස් ඇති නමුදු ඇය පිලිබදව මා සිතින් දුක් විදි අවදියේ මාගේ මිතුරාආ වූ දුලා මට නිතර පැවසූ වදනක් තිබිනි. ඒ තමයි "මචෝ උඹ හරියට අනියන් ෆිල්ම් එකෙ ඉන්න අම්බි වගේ" යි යන්න. 


එසේ කීමට හේතුව වූයේ ඉෂා පිලිබද, ඇය සම්භන්ද සියලු දේ මා මතකයේ තිබූ බැවිනි. නමුත් ඒවා මා මතකයේ තබා ගනිමින් මටම කර ගන්නා වූ හානිය වැලැක්වීම උදෙසා මම එම මතකයන් ඉවත ලමින් සිටිමි. මාගේ එම කතාව මා මෙලෙස අකුරු කරමි... මම,
                                                                                 ඉෂ්

Friday, July 1, 2011

නිමා නොවෙනා ආදරෙ(පෙර සටහන)

"හෙලෝ, නඟා කොහෙද ඉන්නෙ? මං _ _ _ _ ඇවිත් ඉන්නෙ ඉක්මනට එන්න"


"අලි අලි මං තව විනාඩි 20න් ඔතන"


මේ මට අද උදෙ ආපු කෝල් එකක වචන ටිකක්. දැන් ප්‍රශ්නෙ මේ කෝල් කරේ කවුද මොකටද කියන එක නෙ?(අපිට මොකටද ඕව නේ???) හිහ් හිහ් හිහ්.. ඒ උනාට ඔන්න මං කියවා. ඒ මගේ ගොඩක් හොද යාලුවෙක්(සහෝදරයෙක් වගේ කියුවොත් හරියටම හරි). උසස් පෙළින් පස්සෙ ආතක් පාතක් නැතුව ඉන්නකොට නගෝ වරෙන් මෙහෙ කියුව අයගෙන් කෙනෙක් තමයි මෙයා. 


අද උදේ මං එනකන් _ _ _ _ එකට වෙලා බලං හිට්යෙ විශෙශ හෙතුවකට. හෙතුව තමයි ඒ අයිය ලියපු කතාවක් මට දෙන්න. කතාවක් කියුවට මේක නිකන්ම නිකන් කතාවක් නෙවී. එයාගෙ ජීවිතේ එක කාලෙක ලියවුන කතාවක්. එක නිසයි  මෙක විශේශ. 


එ වගේම මේක තව හෙතුවක් නිසා විශෙශයි. මෙ කතාවෙ අවසානෙ තාම මමවත් ඒ අයියවත් දන්නෙ නෑ. ඒ4 කොල මිටියක් පිරෙන්න ලියලා ගෙනත් දුන්න මේ කතාව අද ඉදන් මගේ බ්ලොග් එකේ කොටස් වශයෙන් දාන්න හිතාගෙන ඉන්නවා. ඒ අයියගෙ අවසර ඇතුව, එයාගෙම වචන වලින් , එ අයියම ලියලා අද උදේ මගේ අතට දීපු කතාව.. "නිමා නොවෙනා ආදරේ..." 

උසස් පෙළ කාලෙ පුංචි ආදර කතාවක්, තමන්ගෙ පළවෙනි ආදරේ  සතුට, දුක, විරහව, කදුලු හැම දේකම එකතුවක් විදියට ලස්සන වචන නැතුව. කෙනෙක්ගෙ හිතෙන් එක මොහොතකට දැනෙන සිතුවිලි වල ගැලපුමක් විතරයි මෙතන තියෙන්නෙ. කතාව හිට් කරන්න මගෙන් දාපු වචන එකක් වත් මෙ කතාව ඇතුලෙ නැති වෙයි. 



තවත් විශේශයක්, මෙක ලියලා තියන්න පටන් අරන් තියෙන්නෙ 2008/02/09 වෙනිදා. අද අවුරුදු ගානකට පස්සෙ මගෙ අතට මේක ලැබුනේ. මුල් ටික කියවගෙන යද්දි ඕනම කෙනෙක්ට හිතෙන බොලද ආදර කතාවක් කියන එක මටත් හිතුනා. එත් අද වෙනකොට ඒක එහෙම නෑ කියලත් මට හිතුනා.
වැඩිය මුකුත් නොකිය ඉන්නං. මොකද මෙ කතාව ගැන තාම දන්නෙ මං විතරයි නේ. කතාව කියවපු නැති ඔයාලට මං අගෙ කර කර එක ගැන කියනව එක හරි නෑ නේ.. :) :) 



ඔන්න හෙට ඉදන් මගේ බ්ලොග් එකෙ කොටස් වශයෙන් "නිමා නොවෙනා ආදරේ" එක්ක හමු වෙමු....

Wednesday, June 29, 2011

එයා දැන් ලොකු ළමයෙක්........

ඒක කියන්න එපා.. 
ඒක කෙල්ලෙක්ට ගැලපෙන්නෙ නෑ...
අපෝ ඔහොමත් කියනවද?
ගෑනු ළමයි ඔහොමද හැදෙන්නෙ?
ආයි ඔහොම කියුවොත් කඩනව කට...
මොකක්? හොදටම වැඩී දැන් නං ඔයා..
ඔහොම හැදුනොත් හොදට හිටියි...
හිතං ඉන්නෙ පොඩි එකෙක් කියලද?
කඩන්ව කට දැන ගන්නවා...

Thursday, June 23, 2011

බලු වටින් නෑ....

උඹ ඉන්නවා නං
නිවුන් සහෝදරයෙකුයි
බල්ලෙකුයි
කිසිම සැකයක්
නෑ
මං තෝර ගන්නෙ
බල්ලව

අවවාදයයි: 
අයාලේ යන බල්ලන්ගෙන් ප්‍රවේසම් වන්න!!!

Friday, June 17, 2011

ආදරේ(මත් නෙවෙයි).....

කෙනෙක් සදට ආදරේ කරනකොට
තව කෙනෙක් තරුවකට ආදරේ කරනවා
සදයි , තරුයි ගොඩක් දුරයි කියලා තේරුම් ගත්ත කෙනෙක්
අතේ දුරින් තියන මලකට ගොඩාක් ආදරෙ කරනවා
එත් එ මලත් කවුදො නෙලාගෙන කියලා දැන ගත්තම
ඒ කෙනාට ගොඩක් ලොකු තරහක් එනවා මල් ගැන, 
එතනින් එහාට පලිගැනීම පටන් ගන්නවා
එක මලක පලිය ගන්න මල් දාහක් විනාස කරන්න,
මේ කෙනා උත්සාහ ගන්නවා....
ඒ විනාස කරන මල් වල අසරණ කම දැකලා
තවත් කෙනෙක් අර පෙති කැඩුනු අසරණ මලට
ආදරේ කරනවා...
තවත් කෙනෙක් බාදුරා මලට ආදරේ කරලා 
ජීවිතේ අවසන් කර ගන්නවා....


කවුරු කොහොම කාට ආදරේ කරත් 
ආදරේ කියන්නෙ අපේ හිත් වල ඇති වෙන 
දුක, සතුට, තරහා, අනුකම්පාව, දුක වගෙ
හැම හැගීමකම එකතුවක් නේද?


සදට ආදරේ කරන්න, එත් සද අයිති අහසට විතරමයි...
තරුවකට ආදරේ කරන්න, ඒත් තරුව කවදාවත් අපේ වෙන් නෑ...
මලකට ආදරේ කරන්න, එත් මල් පරවෙනවා..
ආදරෙට ආදරේ කරන්න හැමදාම ආදරේ අපි ලග ඉදියි...

Sunday, June 12, 2011

සමාවෙන්න(ප්‍රසිද්ද පාපොච්චාරනය)


ජීවිතේ කියන්නෙ මොකද්ද කියලා තාම නොදන්න මට මේක මහ ලොකු දෙයක් වෙන්න ඇති
ඒත් ඉතින් අනේ මංදා අනිත් අය කොහොම හිතයිද කියලා.
පහිගිය දවසක මං දාපු පෝස්ට් එකක් නිසා කට්ටිය ගොඩ දෙනෙක් මං ගැන වැරදියට හිතන් ඉන්නවා කියලා මට අද තේරුනා..
මං ඒ පෝස්ට් එක දාන්න කලින් ටිකක් වැඩිමල් කියලා හිතෙන කෙනෙක්ගෙන් ඇහුවා. තව අදාල කෙනාගෙනුත් අහන්න ට්‍රයි කරා. ඒත් හම්බුනෙ නෑ.(එහෙම අහන්නෙ නැතුව දාපු එක වැරදි, මං දන්නවා.) ඒත් ඒක දැම්මෙ නිකමට විහිලුවකට විතරයි. 
අන්තිමට ඒක ඇස් රතු වෙන විහිලුවක් වෙලා. අදාල අය දන්නවා. "සමාවෙන්න" මං එක හිතල කරපු දෙයක් නෙවී. ඒ පෝස්ට් එක මං අයින් කරා.
මුලිනුත් කියුවා, මං අඩන්නවත් කාගෙවත් හිත් රිද්දන්නවත් නෙවී මං මේක ලියන්න ගත්තෙ.තරහ උන අය හැමෝටම කියන්නෙ. සොරී.......

Saturday, June 11, 2011

ආවා ආවා අපේ ලෝකෙ ආවා...

අලෝ අලෝ කස්ටිය කෝමද ඈ??  හච්චීං.. හපොයි මකුනො පදින්චිත් වෙලා... කෝ කෝ ඔක්කොටම කලින් දූවිලි එහෙම පිහිදාලා දාන්න..  අලී... කස්ටිය කොමද ඉතින් ජීවිත? අනේ මං නොහොත් නඟා නං පවු අප්පා... :( :( විභාගෙ අභාගෙ වෙලා.. දවස් දෙකයි තව.. අයියෝයෝයෝයෝයෝයෝයෝ.....

එත් ඉතින් මෙ අවුල අස්සෙන් හරි ආවෙ අර කලින් පෝස්ට් එකෙ කියුව අලුත් ආරංචිය ගැන කියන්න. දැනට නං මං දන්න තරමින් වැඩි දෙනෙක් දන්නෙ නෑ. එත් ඉස්සරහට දැන ගනී. මායි, මේ ලගදි අදුර ගත්ත උනත් ගොඩක් ෆිට් උන මගේ යාලුවෙකුයි අලුත් වැඩක් පටන් ගන්න යනවා කියලා හැමෝටම කියුවා නෙ. මෙන්න ඒ අලුත් තැන. ගිහිල්ලා අපේ ලෝකෙ සාමාජික කම අරන් එන්නකො.

ලියන්නෙ මම සහ මට වඩා ලියන්න ලොකූ හැකියාවක් තියන අපේ සුරංගනා ලෝකෙ යසියා අයියා. ලගදිම තව අය එකතු වෙයි. එන්න අපේ ලෝකෙට. මේක අපි දෙන්නගෙ විතරක් නෙවී අපි හැමෝගෙම ලෝකෙ.

තව දෙයක් කියන්නත් එක්කයි ආවෙ. පුංචි කතාවක් හම්බුනා.. ඕන වෙඩිමක් වෙන්න කියලා එකත් අලුත් බ්ලොග් එකට දාන්නයි අදහස. මේකට කතා දාන්නෙ නෑ කියලා මං හිතලා තියෙන්නෙ. මොක්ද මට හිතෙන කතා මෙකට දැම්මොත මෙතන අහන ප්‍රශ්න වලට දෙන්න මට උත්තර නැති වෙනවා. හිකිස්....

එහෙනං මං ගියා. කට්ටිය මං එනකන් දග කරන්නෙ නැතුව ඉන්න ඕන හොදේ... බායි.. පලිස්සමින් ඉල්ල...

Friday, June 3, 2011

පොරොන්දුව......

ඔයාගෙ පළවෙනි කෙල්ල දාලා ගියාම
ඔයා මට පොරොන්දු උනා 
මාත් එක්කම ඉන්නවා කියලා
මං හිතුවා ඔයා අවංකයි කියලා
මොකද ඔයා රස්සාව, ඉගෙනීම 
අතරගෙනයි මාත් එක්ක හිටියෙ
ඒත් අද, ඔයා මං ලග නෑ. මං තනි වෙලා
වෙනදට දුක කියාගෙන
මං ලගට එන ඔයා අද නෑ..
දවසක් ගොඩාක් සතුටින් ඔයා 
මාව හොයාගෙන ආවා
ඔයා කසාද බදිනවා කියුවා
ඒත් කවදාවත් මාව අතාරින්නෙ නෑ කියුවා
එදත් පොරොන්දු උනා..
ඔයා කසාදත් බැන්දා
කියුවා වගේම ඔයා මාව අතෑරියේ නෑ.
බැදපු දවසෙත් මාව හොයාගෙන ආවා
මං ඒ දේවල් නිසා ඔයාව විස්වාස කරා ගොඩක්
ඒත් ඊට පස්සෙ ටිකෙන් ටික ඔයා වෙනස් උනා
මගෙන් ගොඩක් ඈත් උනා
ඉදලා හිටලා මාව හොයාගෙන ආවා
ඒත් ආවට වඩා ඉක්මන්ට ආයි ගියා
දැන් ඔයාට මාව මතකවත් නැති තරන්
ඔයාට දැන් පුතෙකුත් ඉන්නවලු
ඔයා එයාල එක්ක ගොඩක් සතුටින් ඉන්නවා
මං හැම දේම බලාගෙන ඈතට වෙලා ඉන්නවා
කමන් නෑ, ඔයාට ඉන්නෙත් පුතෙක්
කවද හරි එයාට මාව ඕන වෙන දවස්ක් එයි
එදාට ඔයාට වගේ මං එයාට යන්න දෙන්නෙ නෑ.
ඒත් මට ඔයා නැතුව පාලුයි, 
හැමදාම ඔයා එනකන් බලන් ඉන්න මම ඔයාගෙ
"බෝතලේ"

හිටිස් 1000 සහ අලුත් ඇදුම්....

ඔන්න අද මගෙ බ්ලොග් එක බලපු ගාන 1000 පැන්නුව.. මට සුභ පැතුම්.. හිහ් හිහ් හිහ්.. අනිත් අයට පොඩ් උනාට ඔන්න මට නං මේක ලොකු දෙයක්. මොකද බ්ලොග් එක පටන් අරන් තාම මාස 2ක් වත් නෑ. ෆලෝවර්ස් ලා 45ක් ඉන්නො. අනේ මේක බලන්න එන හැමෝටම තැන්කූ... 

කියන්න ඕන තව දෙයක් තියනවා. මට අද අපේ සහොදර රත්නය නිසා පුංචි තෑග්ගක් හම්බුනා.. කියන්න බලන්න මොකද්ද කියලා?? ම්ම්ම්ම්....  ලැප් ටොප් එකට ලස්සන ඇදුමක්. මේ තියෙන්නෙ ඒ ෆොටෝස්. බලලා කමෙන්ට් එකක් දාලා යන්නකො කට්ටිය. හදිස්සියේ මේ රෑ ජාමෙ දුවගෙන ආවෙ අද වෙලාවක් තිබුනෙම නෑ මේකට ගොඩ වෙන්න. 

එහෙනං අපි ගියා.. ලැප් එකේ අලුත් ඇදුම ගැන කමෙන්ට් එකක් දාලා යන්න හොදේ...

Wednesday, June 1, 2011

සුරංගනාවි එන තෙක්.....

ඊයෙ ඉදන් අඩන්වා.. 
ඉවරයක් නෑ මල වදයක්ම තමයි මේ නඟා නං. 
හිහ් හ්ඉහ් හිහ්.. ඔව් ඔව් එහෙම තමයි. 
ඒත් ඉතින් ඉස්සර වගෙ අඩන්නෙ නං නෑ. 
ඊයෙ ඇඩුවා අද හිනා උනා. 
ඔන්න අද ඉදන් දවස් 3,4ක් මං පොඩි නිවාඩුවක් යනවා. 
මගේ  පුංචි සුරංගනාවි පොඩි නැන්දව බලන්න අපේ ගෙදර එනවලු. 
ඇත්තටම කවුද මේ සුරංගනාවි? හිහ් හිහ්.. 
දන්නො දනිති. 
මගේ බෝනික්කි(දැන් අපේ අක්කි එහෙම මේක දැක්කොත් මාව කන්න හදයි, ඇයි මගෙ කියුවා නේ) 
අද අපේ ගෙදර එනවා. 
හුරේ. හරියටම කියනවා නං මගේ එකම සහෝදරයගෙ එකම දුව. 
මේ ඉන්නෙ එයා..හීහීහීහීහිහී... 
දැන් නං කෙල්ල ලොකුයි. 
මාස දහයක ලොකු අක්කා කෙනෙක් දැන්..
ලොකු වැඩ ලු කරන්නෙ... 
මාස 2කකින් දැක්කෙ නෑ..  ආසාවෙ බෑ අප්පා...
චූටු දෝණි ඉක්මන්ට එන්න පොඩි නැන්දව බලන්න... :) :) :)

සොදුරු හැපින්න!!!!

අලුත් තැනක අලුත් යාලුවො ගොඩක් මැද
අපිත් හිටියා.. ටික ටික අදුර ගත්තා...
යාලුවො උනා. ඉගන ගන්න උදවු කර ගත්තා..
ආපු දවසෙ ඉදන් ඔයාට කොල්ලෙක් ඕන උනා
ඒ වගේම හිටපු ලස්සනම කොල්ලෙක් ඔයා හොයා ගත්තා
එත් ඉතින් ඒ කොල්ලා කිට්ටු වෙන්න බැරි තරන් දුර කියලා
දැන ගත්තම උඹ කොච්චර ඇඩුවද බං?
මගේ ලගින් ඉන්න යාලුවෙක් නිසා, දුකෙන් තියන්න බැරි නිසා
දන්න හැම එකාටම කියලා කොල්ලව ලගටම ගෙන්න ගත්තා
අන්තිමට ඒ කොල්ලා ඔයාගෙන් කැමැත්ත අහන තැනටම ආවා
මගේ සොදුරු මිතුරිය... හ්ම්ම්ම්.... එදා ඔයා ගොඩක් සතුටින්..
අද වෙනකන්ම.. ඔයාගෙ ඒ සතුට තාම තියනවා, හැමදාම තියෙන්න ඕන..
ඒත් අද ගොඩක් හිත රිදුනා.. ගොඩක්ම..
ඔයාගෙ ඇතුලෙ ලොකු විසක් තියනවා. ඒක මං දැනගෙන හිට්යා..
ඒත් ඒ විසෙන් මට දශ්ට කරයි කියලා මං දැනගෙන හිට්යෙ නෑ..
ඔව් අද ඔයා මට දශ්ට කරා... ගොඩක් දරුනු විදියට...
මං ඒකට රිඇක්ශන් එකක් ගන්න දැනගෙන හිටියෙ නෑ..
මං දන්න එකම දේ, හැමදාම වගේ පාඩුවෙ පැත්තකට වෙලා
බලාගෙන ඉන්න එක... ඇත්ත එලියට එනකන්..
අනේ ඇනකොන්ඩෙක් හිටියා නං අද
ඔයාට තිබුනා ඔයාගෙ විසෙන් ඌව මරන්න
ඒ තරන් විසක් ඔයාගෙ ඔය සුන්දර මුහුනට 
වහන් වෙලා තියන හිතේ තියනවා කියලා
කවුද බං හිතුවෙ?

~නඟා~

Tuesday, May 31, 2011

වහන් උන ඇත්ත,,,,

දිගට හරහට ලියවුනේ ගොඩක් අයව හෙලා දකින දේවල් මයි. මේ නඟාට මොන යකෙක් වැහිලද මංදා නේ? 
ඇත්තට නිදාන කතාවක් නැතුවමත් නෙවී. 

වටෙ ඉන්න හැම එකාම ආදරේ නිසා දුක් විදිනවා. එක්කො කොල්ලා තරහා වෙලා, එක්කො කොල්ලා වෙන එකෙක් එක්ක යාලු වෙලා, නැත්තං කියන්නෙම නැතුව කොල්ලා වෙන එකෙක්ව බැදලා, කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ෆිට් වෙලා. ඇහුවොත් ඔහොම කතාමයි. ඔලුව විකාර වෙලා. මේක බූට් සීසන් එකද කොහෙදෝ. 

මේ දේවල් එක්ක බලද්දි නං හිතෙන්නෙම ආදරේ කියන්නෙ බොරුවක් කියලමයි.අනේ මංදා. දුක කියාගෙන එන උන්ට බැනලම එපා වෙලා. එකයි කවුරුත් කියවන්නෙ නැති මගේ බ්ලොග් එකෙ ඒක දැම්මෙ. පුදුම තරහක් තියෙන්නෙ තමන්වත් රවට්ටගෙන අනුන්වත් රවට්ටන බොරු ආදරවන්තයන්, ආදරවන්තියන් ගැන. 

ඔන්න ඔය හේතුව නිසා තමයි මං මේ ටිකේම අරක්කු ගැන,, සල්ලාල කම ගැන, බොරුවා, වංචාව ගැන දන්න විදියට වචන වලින් දමලා ගැහුවෙ.

නඟා සහ නඟාගෙ මිතුරෙක් අලුත් වැඩකට අත ගහන්නයි යන්නෙ. බලමුකො ඒක හරි යයිද කියලා. එහෙනං අපිට සුභ පැතුම්...

එදා නොදැනුන ආදරේ....

ඉස්සර වැව රවුමෙ 
පුංචි බංකුවක
මගේ ලගන් ඉදන්
පැය ගනන් ගිරවියෙක් වගේ
ආදරෙන් කියවපු ඔයාගෙ මතකය
ආයිමත් මගේ ලගට එන්නෙ
දැන් හම්බුන ගමන්
කාමරේකට රිංගන්න බලන් ඉන්න
ඇගේ ආදරේ නිසා

Monday, May 30, 2011

වෙනස....

ඉස්සර තැනම
ඉස්සර විදියටම
අපි ආයිමත් 
හමු උනා

වෙනස

එදා
ඔබ
මගේ
අද
ඇගේ

වෙනසට හේතුව

කාලය

බේබදු සල්ලාලයෙකුට මනාලියෙකු සොයනු ලැබේ.

මනමාලි ලස්සන වෙන්න ඕන
අපෝ අහිංසක වෙන්න ඕන
කවදාවත් කොල්ලෙක් එක්ක යාලු වෙලා තියෙන්නෙ බෑ
රස්සාවක් තියෙන්නෙ ඕන අනිවාර්යෙන්ම.
වෙඩින් එක ඉතින් මනමාලිගෙ පැත්තෙන් තමයි.
හෝම් කමින් අනවශ්ශයි.
දෑවැද්දට නං ඉතින් ගෙයක් තිබුනම ඇති.
ගෙදරට ප්ලාස්ටික් පිගන් ගන්න ඕන.
මෙස පුටුත් ප්ලාස්ටික් හොදයි.
වස කඩ කිට්ටුවෙන් නං ගෙවල් එපා.
හොස්පිටල් එකක් කිට්ටුවම ගෙයක් වෙන්න ඕන. 
ලගපාතක ගාර්මන්ට් එහෙම තියනවා නං ඉතින් වඩා හොදයි.
තව... ම්ම්ම්ම්ම්ම්... අහ්...
තව පොඩ්ඩෙන් අමතක වෙනවා..
බාර් එකක් කිට්ටුව තියෙන්නම ඕන...


ප.ලි- මෙය පොදු අදහස නොවන බව කරුනාවෙන් සලකන්න. (ඉහත හෙඩිමට අදාල අය පමනක් තොප්පිය දා ගනු මැනවි.) මේක දැකලා අයියලා ටික මට ගහන්න ගේ හොයාගෙන එයි කියලා හිතුන නිසයි කියුවෙ. කාටවත් රිද්දන්න නෙවී, ඒත් හැන්ගිච්ච ඇත්තක් කියලා හිතුන නිසයි දැම්මෙ.

Sunday, May 29, 2011

මේ මොන විකාරයක්ද මේ???

මේ මොන මගුලක් ද?
හිතන් ඉන්නෙ අපේ ජීවිත වල දුක, සතුට, ආදරේ හැම හැගීමක්ම වචන සීයකට හිර කරන්නද?
හහ්.. හිතුවා මදි.
අපි ඕවට අහු වෙන්නෙ නෑ මතක තියා ගන්නවා.
අපි කවදාවත් අපේ හැගීම් වචන සීයකට හිර කරන්න ලේස්ති නෑ.
මේක මහ අසාදාරනයක්.
ඇයි මේ මිනිස්සු අපේ හැගීම් වචන සීයකට හිර කරල වැටක් බදින්න යන්නෙ?
අපිට හිතන්න පුලුවන් සීමාව එච්චරද?
එහෙමත් නැත්තං පොඩි ඉඩක අපි මහා ගොඩක් හැගීම් එකතු කරලා,
සාරාංශ කරලා අකුරු සීයකින් ලියන්න පුරුදු වෙන්න ඕනද?
මොනවද අපෙන් බලාපොරොත්තු වෙන්නෙ?
කියනවා?
ඔව් තමුන්ගෙන් තමයි අහන්නෙ.
හැම පෝස්ට් එකකම දාන්නෙ "සීය ගණින අපි" කියලා.
අන්න උන්ගෙනුයි මෙ අහන්නෙ. උත්තර දෙනවා.

(මේක ලියුවෙ නං වන්|සීරෝ|සීරෝ වලට. ඒත් ඉතින් මේකෙ අකුරු වල අසමානකමක් නිසා බෑ කියලා කියුව වගේ මතකයි.ඒක නිසයි මේකෙ දැම්මෙ. මරණ තර්ජන කිරීමෙන් වලකින්න හොදේ. මං පවු...)

Friday, May 27, 2011

අහිමි වූ සෙනෙහස

හැමෝටම ගුඩ් උදෑසනක්... ඔන්න ඉතින් අද නඟා උදේ පාන්දරම නැගිට්ටෙ NIBM පැත්තෙ යනන් කියලා. ටිකක් වෙලා ගියාම තමයි මතක් උනේ අද අපිට නිවාඩුයි කියලා කවුදෝ කියුවා නේද කියලා. ඔව් නේ, අද කොළඹ කියන සීමාවෙ තියනහැම ආයතනයකටම නිවාඩුයි ලු. රනවිරු උපහාර උළෙල නිසා. හ්ම්ම්ම්ම්... 


මොනවා කරන්නද ෆොටෝ කොපි කරපු දෙමළ නෝට් එක කියවනවා වගේ මගේ ලග තියන නෝට් එක කියවලා තේරුමකුත් නෑ නෙ. මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ නේ. හරි හරි වැල්වටාරම් වැඩක් නෑ. ලියන්න ආවෙ වෙන දෙයක් උදේ පාන්දරම වැරදි පාරවල් වලමයි යන්නෙ.

"අහිමි වූ සෙනෙහස" දැකපු ගමන් කට්ටිය හිතන්නෙ ඉතින් දාලා ගිහිපු කොල්ලා ගැන තමයි කියලා නේ?? හිහ් හිහ්.. ඇත්තටම නෑ. සෙල්ලං බත් උයන කාලෙ ඉදන් හිතේ තිබුන දෙයක් තමයි මේක. මට ඉන්නෙ අයියා කෙනෙකුයි, අක්කා කෙනෙකුයි විතරයි නේ. දන්න අය දන්නවා ඒක. ඒත් එ දෙන්නත් මට වඩා ගොඩාක් වැඩිමල්. 



මං යන්තන් ඉක්කොලේ එක වසරට එනකොට එයාලා සාමාන්‍යපෙළ කරනවා. ඔය තරන් ලොකු වයස පරතරයක් අපි අතර තිබුනා. ඕක නිසා පොඩි කාලෙ ඉදන් ම මං තනි වෙලා හිටියේ. මොකද එයාලා දෙනගෙ වයසට එයාලට මං පොඩි වැඩි. ඇත්තටම දැන් නං මතක් වෙනකොට ලැජ්ජයි වගේ. අක්කිගෙය් අයියගෙයි පොඩි රහසක් දැනගත්තත් "අම්මේ අක්කි මෙහෙම කියුවාආආආආආආ..." කියන තමරම මං පොඩ්යි. ඒක නිසාම මං තනි වෙලා හිට්යේ ගොඩක්. ඇත්තටම සෙල්ලං බත් උයන්නවත් කවුරුත් හිටියේ නෑ. ඔන්න ඔය හේතුව නිසයි අකුරු කියවන්න පුලුවන් උන කාලෙ ඉදන්ම මං පොත් කියවන්න හුරු උනේ. මං දෙක වසර ඉන්නකොට එකොලහා වසර සිංහල පොතත් මං කියවලා තිබුනා මට මතක විදියට. තෙරෙන්නෙ නං නෑ. ඒත් කියවනවා.


ටිකක් තේරෙන්න ගත්ත කාලෙ ඉදන්ම මට හිතුනේ මගෙ වයසට කිට්ටුව සහොදරයෙක් මටත් හිටියා නං කියලා. එහෙනං අක්කිට වගේම අයියා අයියා කිය කිය හැම දේම කියන්න කෙනෙක් මටත් ඉන්නවා නේ. සමහ්ර වෙලාවට අක්කි, අයියා ගැන ඉරිසියා නොහිතුනාම නෙවී. මොකද මං තනි වෙලා නේ.  ඔහොම ටික කාලයක් යනකොට තමයි දැන ගත්තෙ. මට එහෙම සහෝදරයෙක් ඉදලා තියනවා කියලා. ඒත් ඒ සහෝදරයා පිං කරලා නෑ මේ ලෝකෙ එලිය බලන්න. හ්ම්ම්ම්.. මොනවා කරන්නද ඒක මගෙත් අවාසනාව වෙන්න ඇති. 


දැනට අවුරුද්දකට කලින් විතර වෙනකන් මට ඔය පාලුව තනිකම තිබුනා. ඒත් ඇත්තටම දැන් ඒක නෑ. හේතුව එක සහෝදරයට දැන් මට සහෝදරයො තුන්දෙනෙක්ම ඉන්නවා.  හොදම යාලුවො දෙන්නෙක් හම්බුනා. (ඇත්තටම ඒ තරන් හොද නං නෑ ඒ දෙන්නා)හිහ් හිහ්... එක ගැන වෙනම පෝස්ට් එකක්... මගේ මුහුනු පොතේ ඉන්න යාලුවො නං මෙ වෙනකොටත් දන්නවා නේ මේ කවුද කියලා. නේද? ඇත්තටම මං පහුගිය කාලෙ ගොඩක් සතුටින් හිටියා. ඒ වගේම ඉතින් මුන් දෙන්නා නිසා ඕන තරන් අඩලත් තියනවා. හි හ්හිහ් හිහ්... හෙට විතර වෙලාවක් තිබුනොත් ඒ කවුද කියලා කියන්නංකො..

යන්න කලින් කියලා යන්න ඕන. අනිත් අයට වගේම මටත් ඔයාලගෙ අදහස් ගොඩක් වටිනවා. එහෙනං ඔන්න අපි ගියා... බායියියියියි!!!!!!!!!!!

අවාසනාවට ඇත්ත කතාවක්

අදත් මට ලෙක්චර්ස් යන්න බැරි උනා ලෙඩ නිවාඩු තාම ඉවර නැති නිසා. උදේම දොස්තර ඇන්ටි හම්බෙලා බබාට දැන් හොදටම හොදයි කියලා දැනගෙන ආවම නං හිත ටිකක් හරි ගියා. දවස් ගානකින් මේ අසනීප නිසා N___  යන්නත් බැරි උන නිසා කටිට්ය දැන් මට බැන බැන ඇත්තෙ. ඇත්ත කතාව දන්නෙ ඉතින් ටික දෙනයි නේ. 

ඔහොම දොස්තර ඇන්ටි ලගට ගිහින් ඇවිත් ටික වෙලාවකින් බ්ලොග් ටිකකුත් කියවලා ගියා මුහුණු පොත පැත්තෙ. ඔන්ලයින් ගිය ගමන්ම සීතල අයියා මට මඩ ගහන්න ආවා. ඒකත් අමාරුවෙන් ශේප් කරන් ටික වෙලාවක් යද්දි කිඩෝ මල්ලි එනවා මට මිස් මිස් කියාගෙන. 

බැලුවම කොල්ලා කුරුනෑගල ____ එකේ ලු. එයාලට මිස් කෙනෙක් ඉන්නවලු මං වගේම. මලයට මං හිතන්නෙ තාම මාව විස්වාස නෑ. මං කොළඹ _____ කියුවම විස්වාස කරන්නෙම නෑ ලු. මොනවා කරන්නද පොඩි එකාගෙ ආසාව නේ. ඕන දෙයක් හිතා ගන්න කියලා මං ආවා එන්න. 

එතනින් එනකොට ඔන්න මගේ බැජ් එකේ යාලුවෙක් හායි කියනවා. යන්න හම්බෙන්නෙම නෑ කියලා හිතුනත් එයත් එක්කත් කතා කරා.. එයා තමයි මට අද දවසෙ අවාසනාවන්තම ආරංචිය කියුවේ. මට තාම හිත හදා ගන්න බෑ. මං කවදාවත් හිතුවෙ නෑ එයා අද වගේ දවසක මට එ තරන් නරක ආරංචියක් කියයි කියලා. හ්ම්ම්ම්ම්... ඔව් එයා ඒකා කියුවා. 

ලබන මාසෙ 13 & 16 අපිට විභාගෙ දාලා ලු. කොහොමද දෙයියනෙ හිත හදා ගන්නෙ? තව රුපියල් 2000ක් නේද මේ මග එන්නෙ? කරන්න දෙයක් නෑ. මේ අවාසනාවන්ත ආරංචිය මට අහන්න උනේ මං ඔන්ලයින් ගිය නිසා. ආයි නං ඔන්ලයින් යන් නෑ කියලා, හිතට හයිය අරන් පාඩම් කරනවා කියලා හිතාගෙන ආවා එන්න. 

ඔන්න අදින් පස්සෙ මං හොද ලමයෙක්. බස් පදින්නෙ නෑ. බ්ලොග් කියවන්නෙ නෑ. බ්ලොග් ලියන්නෙ නෑ. මඩ ගහන්නෙ නෑ.  (ඔය කියුවට කී දවසකටද දන්නෙත් නෑ.. ) හිහ් හිහ්... බායියියියියියියියි!!!

Wednesday, May 25, 2011

ලාංකික සිතුවිලි!!!!

ඔන්න මාත් අමාරුවෙන් රිංග ගත්තා සිංඩියකට. 
ලාංකික සිතුවිලි ඇඩ්මින් වරුන්ට තැන්කූ හොදේ.. :) :) :)
මට ඔය එක එක දෙවල් තේරෙන්නෙ නෑ..
ඒත් හොද යාලුවො ඉන්නකන් ඒව අමාරු වැඩ නෙවී..
ඔන්න දැන් ටිකකට කලින් තමයි මට ඊමේල්ලුව ආවෙ...

මාත් දැන් ඉන්නවලු සිංඩියේ.. :) :) :)

ඇත්තම කතාව...

කියන්න යන්නෙ නං ටිකක් විතර ඇත්ත කතාවක් ඔන්න. ඇත්තටම මම කවුද??? (ඒක මං වත් හරියට දන්නෙ නෑ ඉතින්.) 


මීට අවුරුදු එකහමාරකට , 2කකට කලින් මං බ්ලොග් එකක් දකිනවා, මං කියවපු පලවෙනි සිංහල බ්ලොග් එක. හිතට පුදුම විදියට දැනෙන කතාවක්.  ඔව් කවුරුත් දන්න දුකා අයියගේ බ්ලොග් එක. මං මුලින්ම කියවපු බ්ලොග් පෝස්ට් එක තමයි ඒ. එදා ඉදන් හම්බෙන හැම බ්ලොග් එකක්ම කියෙව්වා. දුකා අයියගේ බ්ලොග් එක මුල සිට අගට කියෙව්වා. ජීවිතේට ගොඩක් දෙවල් ලැබුන තැනක් ඇත්තටම එතන. 


ඊටත් පස්සෙ තවත් කාලයක් ගිහින් මටත් හිතෙනවා බොලොග් එකක් ලියන්න. ඒත් ඇත්තටම මට ලියන්න බෑ. දන්න කාලෙ ඉදන් පොත් කියෙව්වා. කෑම ඔතාගෙන ආපු කොලෙත් තියෙන්නෙ සිංහල නං ඒකෙ තියෙන්නෙ මොකක් උනත් මං ඒක කියෙව්වා. ඒත් මට ලියන්න බෑ(අදටත්). ඒත් හිතේ ආසාවට පටන් අරන් අවුරුද්දක් ගියා. ලියන එක නැවැත්තුවා හ්ම්ම්ම්ම්.. ජීවිතේට ගොඩක් දේවල් ලැබුනා. තමන්ගෙම කියලා යාලුවො ගොඩක්. කවදාවත් දැකලා නැති කෙනෙක්ගෙ ජීවිතෙ වෙනුවෙන් එකතු වෙන්න පුලුවන් පවුලක්.  


බ්ලොග් ලියන අයව මට මුලින්ම හම්බෙන්නෙ විශේශ දවසක. දැනට දවස් කීපයකට කලින් අපිව දාලා ගිය දිලුම් අයියා වෙනුවෙන් එයාගෙ සැත්කම වෙනුවෙන් මුදල් එකතු කරන්න, ඒ ගැන කතා කරන්න රැස් උනා. මං දැනගෙන හිට්යා එතන්ට මං පොඩි වැඩී කියලා. ඒත් ගියා, හේතුව මට කරන්න පුලුවන් උපරිමය ඒක වෙන්න පුලුවන් නිසා. එදා මාව බ්ලොග් වලට ගෙනාපු අපේ දුකා අයියව මට හමු උනා. ඇත්තටම මේක කියෙව්වත් සමහර විර දුකා අයියට මාව මතක් වෙන එකක් නෑ... මොකද මේ සයිබරයට මං ඒ තරමටම පොඩි කෙනෙක්... වයසින්(නොවෙන්නත් පුලුවන්) සහ හැකියාවෙන්... 


ඊටත් පස්සෙ කට්ටියව හම්බෙන්නෙ අභීත අයියගෙ හීනය ඇත්ත වෙන දවසෙ,සයිබර් සිහින බක් මහ උළෙල...එදත් මං ගොඩක් දෙනෙක් අදුර ගත්තට මාව අදුර ගත්ත අය අඩුයි.. හිහ් හිහ්.. මගේ මරණෙ අයියා එහෙම මාව හොයලා තියනවා වෙන කෙනෙක් ගෙන් මගේ නම කියලා.සුන්දර මතක ගොඩක්. 


ඊටත් පස්සෙ දිලුම් අයියට සෙත් පතලා බෝධි පූජාව කරපු දවසෙ අපෙ අය ටික දෙනෙක් හමු වෙනවා.එදයින් පස්සෙ ආයිමත් කට්ටියව හම්බෙන්නෙ අමිහිරි මතකයක් එකතු වෙන දවසක. දිලුම් අයියගෙ අවසන් කටයුතු සයිබර් යායෙ අපේ පවුලෙ අය මට මුන ගැහෙන්නෙ. 


බස් පදින්න වැඩිය යන්නෙ නැති නිසාත්,මුහුණු පොතේ ඕෆ්ලයින් ඉන්න නිසාත්(ගොඩක් වෙලාවට) මට ගොඩක් අයව හම්බෙනව අඩුයි. හේතුව ආඩම්බර කම නං නෙවී. තනියම ඉන්න හුරු වෙලා. යාලුවො වට කරන් හිටපු ජීවිතේ ලොකු හිස් කමක් දැනුනා. තාම එකෙන් එලියට එන්න අමාරුයි. පෝස්ට් එක දිග වැඩි. සමාවෙන්න ඕන. :) :) :)එදා සිට අද වෙනකන් කෙටිම කෙටි කතාව මේක තමයි මගේ බ්ලොග් ජීවිතේ.
මේ මගේ අලුත්ම බ්ලොග් එකේ අලුත් උන මම "නඟා".

 මගෙ කතාව මෙයින් අවසානයි. අසා සිටි ඔබ සැමට ඉත්තූතියි!!!

Tuesday, May 24, 2011

සමාවෙන්න.....

සමත් වීම
අසමත් වීම
මත දෝලනය
වන අපේ
ජීවින
විභාගය
මම
අසමත් විය.......

Wednesday, May 18, 2011

.................................................අනං මනං....................................................

අද වෙසක් පෝය.නිවාඩුයි. සිල් ගන්න යන්න ආසාවක් තිබුනත් ඒකත් එහෙම්මම යටපත් උනා. කරන්න දේකුත් නෑ. උදේම ඉතින් හා හා පුරා කියලා බ්ලොග් කියවන්න ගත්තා කාලෙකට පස්සෙ. මෙන්න අහු උනා බ්ලොග් එකක්. 

කට්ටිය හැමෝම බය බ්ලොග් එකක්. මොකද මඩ ගාගෙන මඩ ගහන බ්ලොග් එකක් ඒක. කලින් පෝස්ට් එකක් දෙකක් කියවලා තිබුනට ඔක්කොම කියවන්න වෙලාවක් හම්බුනේ නෑ. තැන් 2කකදිම ඒ බ්ලොග් එක ලියන කෙනාව හම්බුන නිසාත් අද මුහුණු පොතේ ඔන්ලයින් දැකපු නිසත් පටං ගත්තා කාලයක් කරන්න බැරි උන වැඩේ කරන්න. 

පෝය දවසෙ පිනක් දහමක් කරන එක පැත්තකින් තියලා කියෙව්වා අපේ මඩයාගේ මඩ බ්ලොග් එක . හැමෝම දන්න අපේ රංග අයියගේ ලෝකය. විහිලු කතා,මඩ ගොඩක් මැද තමන්ගෙ ජීවිතේ දුකත් ලස්සනට අකුරු කරලා.තාම කියවලා ඉවර නෑ. කියවමින් යනවා. 

ඔය අතරේ මුහුනු පොතේ දැක්කා අපේ දිලුම් අයියට(ඉලංදාරියට) තාම අසාධ්‍යයි කියලා. මේ වෙසක් දවසෙ අපි හැමෝගෙම ප්‍රාර්තනාවන් ඉටු වෙලා දිලුම් අයියට ඉක්මන් සුවය ලැබෙන්න ඕන. ඔයා වෙනුවෙන් මහ ලොකු දේවල් කරන්න බැරි උනාට. පංසලකට ගිහින් මලක් පූජ කරල ඔයාට ඉක්මන්ට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න අපිට පුලුවන් අයියා. ඔයා ඉක්මන්ටම ආයි එයි. ආයිමත් ඉලංදාරියා බ්ලොග් ලියයි. සතුටින්. අපි හැමෝගෙම ප්‍රාර්තනාව ඒකයි.

අපි හැමෝම අපේ ආගමේ විදියට ඉලංදාරියා අයියට ඉක්මන් සුව ප්‍රාර්තනා කරමු. අපි මොන ආගමේ උනත් මොන ජාතියේ උනත් අපි එක පවුලක්. මේ අපේම කෙනෙක්. අපි එකට ඉන්න ඕන. බුද්ධාගමේ අය පන්සල් ගිහින් බෝධි පුජා කරලා සෙත් පතනකොට, කතෝලික අය,ඉස්ලාම් අය පල්ලි ගිහින් දෙවියන් වහන්සේට ප්‍රාර්තනා කරමු  ඉලංදාරියා අයියට ඉක්මන් සුව පතලා!!!!
දිලුම් අයියේ අපි ඔබ සමගයි!!!!!

Monday, May 16, 2011

ජීවිතය සහ මම

පද ගලපන්නට
හරි අරුතක් නැති

නොගැලපෙන අකුරු
දහසක එකතුවයි
ජීවිතය!!!!!

Friday, May 6, 2011

අතීතයට .(තිත)

අතීතය වර්තමානයට ,
ගෙනෙන ඒ මතකයන්...
ඇයිද අද බොද වෙලා,
"අකුරු" වැල් පොඩිති මැද...

Sunday, May 1, 2011

කම්කරුවා

අදයි ඒ දවස...
කම්කරුවා..
ඔව්.. කම්කරුවා..

හෝද හෝදා..
මඩේ දමන,,
කම්කරුවාගෙ
දවස....
අනේ අසරණ
කම්කරුවා...
අදයි උඹෙ දවස...