Friday, June 3, 2011

පොරොන්දුව......

ඔයාගෙ පළවෙනි කෙල්ල දාලා ගියාම
ඔයා මට පොරොන්දු උනා 
මාත් එක්කම ඉන්නවා කියලා
මං හිතුවා ඔයා අවංකයි කියලා
මොකද ඔයා රස්සාව, ඉගෙනීම 
අතරගෙනයි මාත් එක්ක හිටියෙ
ඒත් අද, ඔයා මං ලග නෑ. මං තනි වෙලා
වෙනදට දුක කියාගෙන
මං ලගට එන ඔයා අද නෑ..
දවසක් ගොඩාක් සතුටින් ඔයා 
මාව හොයාගෙන ආවා
ඔයා කසාද බදිනවා කියුවා
ඒත් කවදාවත් මාව අතාරින්නෙ නෑ කියුවා
එදත් පොරොන්දු උනා..
ඔයා කසාදත් බැන්දා
කියුවා වගේම ඔයා මාව අතෑරියේ නෑ.
බැදපු දවසෙත් මාව හොයාගෙන ආවා
මං ඒ දේවල් නිසා ඔයාව විස්වාස කරා ගොඩක්
ඒත් ඊට පස්සෙ ටිකෙන් ටික ඔයා වෙනස් උනා
මගෙන් ගොඩක් ඈත් උනා
ඉදලා හිටලා මාව හොයාගෙන ආවා
ඒත් ආවට වඩා ඉක්මන්ට ආයි ගියා
දැන් ඔයාට මාව මතකවත් නැති තරන්
ඔයාට දැන් පුතෙකුත් ඉන්නවලු
ඔයා එයාල එක්ක ගොඩක් සතුටින් ඉන්නවා
මං හැම දේම බලාගෙන ඈතට වෙලා ඉන්නවා
කමන් නෑ, ඔයාට ඉන්නෙත් පුතෙක්
කවද හරි එයාට මාව ඕන වෙන දවස්ක් එයි
එදාට ඔයාට වගේ මං එයාට යන්න දෙන්නෙ නෑ.
ඒත් මට ඔයා නැතුව පාලුයි, 
හැමදාම ඔයා එනකන් බලන් ඉන්න මම ඔයාගෙ
"බෝතලේ"

19 comments:

  1. නගාටත් මාර දේවල්නේ හිතෙන්නේ................ ඒ බෝත්ලේ හැමදාම පිරිලද තියෙන්නේ...

    ReplyDelete
  2. ජස්ට් අනදර් ලවුස්ටෝරී..!

    ReplyDelete
  3. @නචී අයියා- හිහ්හිහ්.. අනේ මංදා ඉතින්, අපේ බොන ජනතාවගෙන් තමයි අහන්න ඕන.. හිකිස්. මෙ දැන් නිකන් ඉන්න ගමන් ලියුවෙ.. අපේ අම්මට පෙන්නුව හීන් දාඩිය දාලා මං කොල්ලෙක්ට ලියපු එකක් කියලා හිතලා.. අන්තිම ටික දැක්කම බැන බැන ගියා.. :ප් :ප් :ප්

    ReplyDelete
  4. @බනී- ඔයාගෙ ආදර කතාවත් මේ වගෙද???

    ReplyDelete
  5. හික්ස්....මාත් හිතුවේ කොල්ලෙක්ට ලියපු එකක් කියල......

    ReplyDelete
  6. ඒක නේ සීනි අක්කා අපේ අම්මා බාගෙට කියවල මාව කන්න ගන්න කලින් මං ඔක්කොම කියවන්න කියලා කියුවා.. නැත්තං දැන් මෙතන මං නෑ..

    ReplyDelete
  7. මාත් මුලින් හිතුවේ කොල්ලෙක්ට ලියපු එකක් කියලා. අන්තිමට තමයි බෝතලේ දැක්කේ... :D

    ReplyDelete
  8. එහෙම දාලා යන්නේ කොහොමද බැඳලා ටික කාලෙකින් ගෑනුන්ගෙ බර බරේ එනකොට ආයෙත් බෝතලේම තමයි........... හි..හි...

    ReplyDelete
  9. අනේ මටත් දුක හිතුනා..මං එයාව අමතක කලේ ඇයි මෙහෙම කියලා...තැන්කූ නගේ..මට මගේ ආදරේ ආයෙමත් සිහිපත් කරලා දුන්නට..:D

    ReplyDelete
  10. මගේ පපුවේ ගිනි නිව්වේ....

    ReplyDelete
  11. මන් නම් දාලා යන්නේ නැහැ ඔයාව කවදාවත් :-D

    ReplyDelete
  12. අම්මෝ බොන්න කතා කරනෝ..... මට බොන්න බැරියෝ... මම අමධ්‍යප සංගමයේ සභාපති !!!!

    ReplyDelete
  13. මම නම් කියවනකොටම දන්නවා බෝතලේ ගැන ලියලා තියෙන්නෙ කියලා.අපි හව් වෙයි ඕවට. :P

    ReplyDelete
  14. හික් හික් මම් හිතුවෙම වෙන "ආදරයක්" ගැන කියන්නෙ කියල

    ReplyDelete
  15. අපි ඉතින් බොන්නෙ නෑ නෙ

    ReplyDelete
  16. @කොටි අක්කා- බනින්න නේද ගියෙ මට?? හිහ් හිහ්

    ReplyDelete
  17. @හරී- බදින කෙල්ලට දෙවි පිහිටයි.. හිහ් හිහ්....

    ReplyDelete