Wednesday, June 1, 2011

සොදුරු හැපින්න!!!!

අලුත් තැනක අලුත් යාලුවො ගොඩක් මැද
අපිත් හිටියා.. ටික ටික අදුර ගත්තා...
යාලුවො උනා. ඉගන ගන්න උදවු කර ගත්තා..
ආපු දවසෙ ඉදන් ඔයාට කොල්ලෙක් ඕන උනා
ඒ වගේම හිටපු ලස්සනම කොල්ලෙක් ඔයා හොයා ගත්තා
එත් ඉතින් ඒ කොල්ලා කිට්ටු වෙන්න බැරි තරන් දුර කියලා
දැන ගත්තම උඹ කොච්චර ඇඩුවද බං?
මගේ ලගින් ඉන්න යාලුවෙක් නිසා, දුකෙන් තියන්න බැරි නිසා
දන්න හැම එකාටම කියලා කොල්ලව ලගටම ගෙන්න ගත්තා
අන්තිමට ඒ කොල්ලා ඔයාගෙන් කැමැත්ත අහන තැනටම ආවා
මගේ සොදුරු මිතුරිය... හ්ම්ම්ම්.... එදා ඔයා ගොඩක් සතුටින්..
අද වෙනකන්ම.. ඔයාගෙ ඒ සතුට තාම තියනවා, හැමදාම තියෙන්න ඕන..
ඒත් අද ගොඩක් හිත රිදුනා.. ගොඩක්ම..
ඔයාගෙ ඇතුලෙ ලොකු විසක් තියනවා. ඒක මං දැනගෙන හිට්යා..
ඒත් ඒ විසෙන් මට දශ්ට කරයි කියලා මං දැනගෙන හිට්යෙ නෑ..
ඔව් අද ඔයා මට දශ්ට කරා... ගොඩක් දරුනු විදියට...
මං ඒකට රිඇක්ශන් එකක් ගන්න දැනගෙන හිටියෙ නෑ..
මං දන්න එකම දේ, හැමදාම වගේ පාඩුවෙ පැත්තකට වෙලා
බලාගෙන ඉන්න එක... ඇත්ත එලියට එනකන්..
අනේ ඇනකොන්ඩෙක් හිටියා නං අද
ඔයාට තිබුනා ඔයාගෙ විසෙන් ඌව මරන්න
ඒ තරන් විසක් ඔයාගෙ ඔය සුන්දර මුහුනට 
වහන් වෙලා තියන හිතේ තියනවා කියලා
කවුද බං හිතුවෙ?

~නඟා~

18 comments:

  1. මොකද කලේ ඒකි ඔයාට?

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... ගොඩක් දේවල් නැති කරලා.... :(

    ReplyDelete
  3. අනේ මන්දන්නෑ කියන දෙයක් තේරෙන විදිහට කියනවකො....

    ReplyDelete
  4. ඔහොම තමයි... අපි ආශ්‍රය කරන ගොඩක් අයගේ ඇතුලේ තියෙන විශ අපිට හොඳටම දැනෙන්නේ දෂ්ට කලාටත් පස්සේ....

    ප.ලි. : ගේමක් එහෙම තියෙනවනම් කියන්ට... අපිත් එන්නම් සපෝර්ට් එකට.... :D

    ReplyDelete
  5. @කිඩෝ මල්ලි- තෙරෙන විදිහට කියලා ඒ කෙනාගෙ නම මෙතන අය දැන ගන්න ඕන නෑ මල්ලි. මොකද මාත් එක්ක එකට ඉන්න ගොඩක් අය මේක බලනවා. කෙනෙක් කිසා මට ගොඩක් දේවල් නැති වෙලා. මං දන්නෙ එච්චරයි. හ්ම්ම්ම්ම්ම්.....


    @කොටී අක්කා-එයාට දෙන්න ඕන ගෙම තමයි අක්කා මං දෙන්නෙ. ඇත්ත එලියට එනකන් මං බලාගෙන ඉන්නවා. අදට මං වැරදි වෙයි. ඒත් ලගදිම ඇත්ත හැමෝම දැන ගනි. එතකන් මං ඉන්නවා. හිතා ගන්න බෑ තාමත්..
    ඇත්තටම වෙලා තියෙන්නෙ මේකයි. මං නැති තැනක උන කතාවක්, එතන හිටපු කෙනෙක් ඇවිත් මට කියුවා. මං එක අහගෙන හිටපු වරදට , ඔය කතාව හැමෝම දෙන ගත්තට පස්සෙ ඒක මං ක්යුවා කියලා අර මට ඇවිත් කියපු කෙනා හැමොටම කියලා. දැන් කට්ටිය මාත් එක්ක තරහා වෙලා. හ්ම්ම්ම්ම්.... හැමදාම වගේ විභාගයක් කට මුලට තියලා, මට අඩන්න දේවල් සෙට් වෙනවා.. චික්...

    මට වෙල නිසි දුකක් නෑ. ආයි ඔය වගේ උන් එක්ක එකට ඉන්න වෙන එක ගැන ඇරෙන්න කිසි දුකක් නෑ...

    ReplyDelete
  6. හ්හ්ම්ම්... එයානම් හොඳ දෙපත් නයෙක් වගේ.... ඔය වගේ කට්ටියව අතේ දුරින් තියා ගන්න.... ඔහොම කට්ටියව තමන්ගේ ළඟම කට්ටියගේ ගොඩට නම් දා ගන්න එපා... එහෙම උනොත් ඔයාට හැමදාම අඬ අඬ ඉන්න වෙන්නේ... යාලු කමට අර්ථයක් දෙන්න පුලුවන් කට්ටිය විතරක් පෞද්ගලික ජීවිතයට ලං කර ගන්න. (එහෙම අය හොයා ගන්න නම් හරිම අමාරුයි)

    දැන් ඉතින් ඕවා ගැන හිතන්න එපා. පාඩම් කරන්න... කවුරු මොනව කිව්වත් තමන් හරිනම් එච්චරයි... පුලුවන් තරම් බිසී වෙන්න.. එතකොට ඕක ටිකක් ඔලුවෙන් අයින් කර ගන්න පුලුවන් වෙයි.... :)

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම්.. ඒක ඇත්ත අක්කා. මං මේ මුහුනු පොතේ ප්‍රයිවසි හදනවා. මොකද මේ යන විදියට මට මොනව කරයිද කියලා විස්වාස කරන්න බෑ. අප්පිරියම අප්පිරියයි මේ වගේ අය නං. කලින් හිතාගෙන හිටියෙ ඉස්කෝලෙ යන කාලෙ විතරයි මෙ වගේ අය හම්බෙන්නෙ කියලා.ඒත් දැනුත් එහෙම තමයි.. ග්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්... මට මාත් එක්කම තරහයි...

    ReplyDelete
  8. ආ වලියක් වලියක්.මොනාද ගේන්න ඕන.කඩුද?පොලුද?කිනිසිද?තැන කියලා call එකක් දෙන්න.වි5න් එතන.හැබැයි මෙහෙමයි.ගෑණු වලිනම් බෑ.ඔය කොන්ඩෙන් ඇල්ලිලි ඒවා හරි යන්නෙ නෑ අපිට.

    මේ මෙහෙමයි හලෝ.පොඩ්ඩක් හොයලා බලන්න හරියටම මොකක්ද වෙලා තියෙන්නෙ කියලා.නැතුව හදිස්සි වෙන්න එපා.ඉක්මන කොටයිලු.

    ReplyDelete
  9. @සිතල අයියා- හ්ම්ම්ම්ම්... මං නෙවි අයියා හොයන්නෙ බලන්නෙ නැතුව "බලු වැඩ කරන්න එපා ඕයි" කියපු අයයි. අනෙ මංදා. මට තේරෙන්නෙ නෑ. මං හොයන්න බලන්න ඕන නෑ නේ. මං මගේ පාඩුවෙ. මේ බ්ලොග් එකෙන් පිට ඕක මං කියුවෙ එක්කෙනාටයි. මගේ හැම දේම වගේ දන්න කෙනෙක්ට. මට වලි ඕන නෑ. ප්‍රශ්න ඕන නෑ. හිත රිද්ද ගන්න ඕන නෑ. එත් ඉතින් කොහේ හරි ඉදන් මගෙ වැඩෙ මං කරනවා...

    ReplyDelete
  10. හපොයි.. මේවට කොහොම කොමෙන්ට් කොරන්නද කියලා තේරෙන්නේ නෑ.. මොනවා වුනත් කියන්න තියෙන්නේ සද්ද නැතුව ඉඳලා නම් හරි යන්නේ නෑ.. හොඳ රිටර්න් එකක් දෙන්න.හොඳේ????

    ReplyDelete
  11. අපි අතර ඉන්න හැමෝම අපි වගේ නෙමේ නංගි....අපිට හොද මුණ පෙන්නන ගොඩක් අය ඇතුලෙන් ගොඩාරියක් නපුරුයි...ඔය වගේ දේවල් මගේ ජීවිතෙත් අනන්ත තියනවා.....ඒ නිසා ඕවගෙන් ඔයාගේ හිත වට්ට ගන්නේ නැතුව පාඩම් කරන්න....එක්සැම් ගොඩ දා ගන්න......

    ReplyDelete
  12. @රවින්- හොදම රිප්ලයි එක මං පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න එක තමයි... කවද හරි ඇත්ත එලියට එයි නේ... :) :)

    ReplyDelete
  13. @සීනි අක්කා- හ්ම්ම්ම්ම්.. මං එව ගනං ගන්නෙ නෑ අක්කා.. දුකකට තියෙන්නෙ මෙච්චර් අක කටිට්යව දුර ගන්න බැරි උන එක. අනෙ මංදා. වැඩකට නැති අය ගොඩක් මැදින් හොද යාලුවො කියන්න පුලුවන් අය ගොඩක් ලැබිල තියනවා නේ.. එක නිසා අවුඅක් නෑ... :) :) මං හොදින්...

    ReplyDelete
  14. @කල්හාර- යුවර් විශ්.... :) :)

    @තාරක අයියා- පොදුවෙ අදහස් දැක්වීමක් කරපු එක වැරදියි මං හිතන්නෙ... (එත් ගොඩක් දුරට හරි..) මොකද මගේ යාලුවොන්ගෙන් 80%ක් විතර ඉන්නෙ කොල්ලො. කෙල්ලො කියලා ඉන්නෙ ටික දෙනයි. එ ටික දෙනා නිසාත් මට හැමදාම ප්‍රහ්න වැටෙන එක තමයි වෙන්නෙ... ඒකයි අවුල...

    ReplyDelete
  15. මටත් මේ දවස්වල වැඩිපුරම වුනේ ඔය වගේ දේවල් තමයි...මාත් කරේ ඔයා කරා වගේම පාඩුවේ පැත්තකට වෙලා බලාගෙන ඉදපු එක තමයි...තමන්ගෙ අතේ වැරැද්දක් නෑ කියලා දන්නවනම් බය වෙන්නෙපා කාටවත්ම...
    හැමදෙයක්ම හොඳින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව...

    ReplyDelete