Wednesday, September 14, 2011

හැගීම්.....

හූල්ලන්න එපා
ඒ හිතුවක්කාර හිත
අහිංසක ඇස්
දැන් ඔයාට අයිති නෑ...
.
ලග තියනකොට
දූවිලි කැටයක් උනා
දැන් කොහොමද
මැනික් කැටයක් උනේ?
.
එදා අන්තිම මොහොතෙ
අඩලා, අඩලා කියුවෙ
දාලා යන්න එපා කියලා නෙද?
එයාව එපා කියුවෙ ඔයාමයි...
.
දැන් මොකද්ද මේ???
.
අහිංසක ආදරයක් එක්ක
එයා සතුටින් ඉන්නව දැක්කම
දැන් අවුරුදු ගානකට පස්සෙ
දැනුන හැගීම ,
.
.
ආදරයද?
.
ලෝබ කමද?
.
ඉරිසියාවද?
.
නපුරු කමද?

10 comments:

  1. එයා සතුටින් නම්......, ආදරයක් තමයි හිතෙන්න ඇත්තේ.

    ReplyDelete
  2. නපුරු කම වෙන්ටෑ. මොකෝ මෙහෙම ලියන්න හිතුවේ ?

    ReplyDelete
  3. හ්ම්.....මොකද නගා මේ.....මට හිතෙන්නේ ඔතන තියෙන්නේ ලොබ කම......ඉරිසියාවත් යන්තම් වගේ තියනවා............

    ReplyDelete
  4. හ්ම්.....මොකද නගා මේ.....මට හිතෙන්නේ ඔතන තියෙන්නේ ලොබ කම......ඉරිසියාවත් යන්තම් වගේ තියනවා

    ReplyDelete
  5. ඉරිසියාව, මෝඩකම ...

    ReplyDelete
  6. ආදරය.

    (ආදරය=ඉරිසියාව+ලෝබකම+ නපුරුකම)

    ප.ලි- ඇයි මෙහෙම ලියන්න හිතුනෙ ඇත්තටම???

    ReplyDelete
  7. මේ පැත්තේ ආපු හැමෝටම ඉත්තුතියි අනේ... මං මේක නිකමට ලියුවා මිසක් මට හේතුවක් මතක නැ... ලියලා ගොඩක් දවස්.. මට මතක විදියට කවුරු හරි කෙනෙක් කියපු කතාවක් නිසයි මට මේක මතක උනේ... හ්ම්ම්ම්ම්...

    ලියවෙන දේවල් දරුණු වැඩිද මන්දා... :ඩ් :ඩ් :ඩ් :ඩ් හැමදාම කියවන අය හැමදාම එනවා.. හැමෝටම තැන්ක්යූ.... :) :) :)

    ReplyDelete
  8. කවුරුහරි අපෙන් ඈත් වෙනවා කියන හැඟීමෙදි තමයි කවදාවත් නැති විදිහට අපි එයාට ආදරේ කරන්නේ...
    -ඇන්තන් චෙකොෆ්-

    ReplyDelete
  9. mama nam meka liwwa hethuwa dannoooo.mekata ara nima nowana adareth sambandaida koheda :D :D

    ReplyDelete