Monday, September 5, 2011

කාලයට ණය ගෙවීම!!!!


කාලය මනින්නෙ තත්පර වලින් නෙවී නං.
මං ගොඩක් දුර යන්න ඉඩ තිබුනා

කාලයට පිං සිද්ද වෙන්න 
කාලය ඉක්මන්ටම ගෙවිලා ගියා

ඔයා මගේ ලගින් නැගිටලා 
බස් එකෙන් බැහැලා යන්න ගියා

එදා ඒ මොහොතට  තව වෙලා ගියා නම් 
අද ඔයා මගේ ලග නැතිවෙන්න ඉඩ තිබුනා

අපි අපේ නොවෙන්න ඉඩ තිබුනා..

හ්ම්ම්ම්ම්ම්... 

කාලය...
අපේ ජිවත වල නොගැලපෙන ගොඩක් තැන්  
ගලපන්න අතරමැදියෙක් වෙලා..

කාලය ගෙවිලා...
අපි අපේ වෙලා..

11 comments:

  1. හුරේ මෙයාට සුදු අයියා සෙට් වෙලා තියෙන්නෙ බස් එකේ!!!

    ReplyDelete
  2. හපොයි.... මලියෝ... කොහෙන් ආපු සුදු අයියෙක්ද අනේ? ඉන්නවා නං මට කියන්නකෝ... මාත් මේ දවස වල මනමාලයෙක් සොයනු ලැබේ.... :ප් :ප් :ප්

    ReplyDelete
  3. කාටවත් හොරෙන් අවශ්‍ය සුදුසුකම් ටික කීවනම් බලන්න ...

    ReplyDelete
  4. හිපිප් හුරේ..... හිපිප් හුරේ.... නඟා ගොඩ ගිහින් !!!!!!!
    හිපිප් හුරේ !!!!!
    ඔන්න අපටත් කේක් කෑල්ලක් ඕනා හරිද !!!!

    ReplyDelete
  5. ආව්........... සන්තෝසේ බෑ... ඔයාලා ඔයාලගෙ වෙලානම් එච්චරයි...
    මේ ලෝකෙ කවුරු වුනත් සන්තෝසෙන් ඉන්නවට මේ හිතූ බොක්කෙන්ම කැමතියි...:D
    බොක්කෙන් කිව්වෙ (අවංකවම ) හරි ;) :p

    ReplyDelete
  6. ඔක්කොමත් හරි නඟා, කොහොමෙයි දැන් ණය ගෙවන්න හිතාගෙන ඉන්නෙ ???

    ReplyDelete
  7. සන්තෝසයි බන් නගා(අක්කෙ) :)

    ReplyDelete
  8. අනේ අනේ නගා.....කෝ අපිට පාටි.....හික්ස්....ඇත්තටම ගොඩ ගියාද නැත්නම් මේක පද පෙළක් විතරද.....

    ReplyDelete
  9. නඟා ගොඩ ගිහින් වගෙයි...

    ReplyDelete
  10. හපුචියෝ.... අපේ අම්ම මේ කමෙන්ට්ස් දැක්ක නං මට බෙල්ල වල දාගන්න වෙන්නේ... හිහ් හිහ් හිහ්..

    සිනි අක්කා විතරයි හරියටම කියුවේ... මේක මේ නිකන් ඉන්න බැරුවට ටයිප් වෙච්චි එකක් අනේ...

    නගා ගොඩ නං මේ මං ඉදි මෙහෙම... මලියා මට මද නොගහා ඉදි එනං....

    ReplyDelete
  11. හිකිස්.. නගා ගොඩ ගිහින්... අපිට පාර්ටි ඕනේ,
    කොහොම වුනත් ලස්සනයි පද ගැලපිල්ල

    ReplyDelete