Tuesday, May 31, 2011

වහන් උන ඇත්ත,,,,

දිගට හරහට ලියවුනේ ගොඩක් අයව හෙලා දකින දේවල් මයි. මේ නඟාට මොන යකෙක් වැහිලද මංදා නේ? 
ඇත්තට නිදාන කතාවක් නැතුවමත් නෙවී. 

වටෙ ඉන්න හැම එකාම ආදරේ නිසා දුක් විදිනවා. එක්කො කොල්ලා තරහා වෙලා, එක්කො කොල්ලා වෙන එකෙක් එක්ක යාලු වෙලා, නැත්තං කියන්නෙම නැතුව කොල්ලා වෙන එකෙක්ව බැදලා, කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ෆිට් වෙලා. ඇහුවොත් ඔහොම කතාමයි. ඔලුව විකාර වෙලා. මේක බූට් සීසන් එකද කොහෙදෝ. 

මේ දේවල් එක්ක බලද්දි නං හිතෙන්නෙම ආදරේ කියන්නෙ බොරුවක් කියලමයි.අනේ මංදා. දුක කියාගෙන එන උන්ට බැනලම එපා වෙලා. එකයි කවුරුත් කියවන්නෙ නැති මගේ බ්ලොග් එකෙ ඒක දැම්මෙ. පුදුම තරහක් තියෙන්නෙ තමන්වත් රවට්ටගෙන අනුන්වත් රවට්ටන බොරු ආදරවන්තයන්, ආදරවන්තියන් ගැන. 

ඔන්න ඔය හේතුව නිසා තමයි මං මේ ටිකේම අරක්කු ගැන,, සල්ලාල කම ගැන, බොරුවා, වංචාව ගැන දන්න විදියට වචන වලින් දමලා ගැහුවෙ.

නඟා සහ නඟාගෙ මිතුරෙක් අලුත් වැඩකට අත ගහන්නයි යන්නෙ. බලමුකො ඒක හරි යයිද කියලා. එහෙනං අපිට සුභ පැතුම්...

7 comments:

  1. ඒකනෙ අපි තනිකඩ :D මොකක්ද අප්පා අලුත් වැඩේ.. දෙන්නම් එකතු වෙලා හොද සහකරුවෙක් වත් සොයා ගන්නද :D

    ReplyDelete
  2. ඇත්තටම නෑ අයියා. ටිකක් පොඩි වැඩක්. අපිට අලුත් ලොකු වැඩක් නෙ ඉතින් ඒක. ඒකයි කියුවෙ. හිහ් හිහ්... ඉන්නකො බලන්න.

    ReplyDelete
  3. ආදරේ කියන්නේ නම් බොරුවක් නෙමේ නගා....හා හා...මොකද්ද මේ අලුත් වැඩේ...කියන්න ඉක්මනින්ම :) :D

    ReplyDelete
  4. අපි නිහඬව බලා සිටින්නෙමු.. ඔබ කැමති දෙයක් කරන්න.. කමෙන්ට් ටිකක් දාන්නම් හැකි විදිහට..

    ReplyDelete
  5. දෙන්න එකතුවෙලා හොර බොරු වංවා, සල්ලාලකම්, අරක්කු නැති කොල්ලන්ව හොයල දෙන ඒජන්සියක්වත් දාන්නද යන්නේ??

    ReplyDelete
  6. බූට් කාපු උන්ට ලේන්සු ගන්න කඩයක් දාන්නද යන්නෙ.හොදා හොදා.දාන්නකො බලන්න.මම නම් එන්නෙ නෑ ඔය පැත්ත පලාතෙක.අපි ෆීරී කොල්ලො. :P

    ReplyDelete
  7. අපිට ඔය ප්‍රශ්න නැහැනේ....

    ReplyDelete