Friday, May 27, 2011

අහිමි වූ සෙනෙහස

හැමෝටම ගුඩ් උදෑසනක්... ඔන්න ඉතින් අද නඟා උදේ පාන්දරම නැගිට්ටෙ NIBM පැත්තෙ යනන් කියලා. ටිකක් වෙලා ගියාම තමයි මතක් උනේ අද අපිට නිවාඩුයි කියලා කවුදෝ කියුවා නේද කියලා. ඔව් නේ, අද කොළඹ කියන සීමාවෙ තියනහැම ආයතනයකටම නිවාඩුයි ලු. රනවිරු උපහාර උළෙල නිසා. හ්ම්ම්ම්ම්... 


මොනවා කරන්නද ෆොටෝ කොපි කරපු දෙමළ නෝට් එක කියවනවා වගේ මගේ ලග තියන නෝට් එක කියවලා තේරුමකුත් නෑ නෙ. මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ නේ. හරි හරි වැල්වටාරම් වැඩක් නෑ. ලියන්න ආවෙ වෙන දෙයක් උදේ පාන්දරම වැරදි පාරවල් වලමයි යන්නෙ.

"අහිමි වූ සෙනෙහස" දැකපු ගමන් කට්ටිය හිතන්නෙ ඉතින් දාලා ගිහිපු කොල්ලා ගැන තමයි කියලා නේ?? හිහ් හිහ්.. ඇත්තටම නෑ. සෙල්ලං බත් උයන කාලෙ ඉදන් හිතේ තිබුන දෙයක් තමයි මේක. මට ඉන්නෙ අයියා කෙනෙකුයි, අක්කා කෙනෙකුයි විතරයි නේ. දන්න අය දන්නවා ඒක. ඒත් එ දෙන්නත් මට වඩා ගොඩාක් වැඩිමල්. 



මං යන්තන් ඉක්කොලේ එක වසරට එනකොට එයාලා සාමාන්‍යපෙළ කරනවා. ඔය තරන් ලොකු වයස පරතරයක් අපි අතර තිබුනා. ඕක නිසා පොඩි කාලෙ ඉදන් ම මං තනි වෙලා හිටියේ. මොකද එයාලා දෙනගෙ වයසට එයාලට මං පොඩි වැඩි. ඇත්තටම දැන් නං මතක් වෙනකොට ලැජ්ජයි වගේ. අක්කිගෙය් අයියගෙයි පොඩි රහසක් දැනගත්තත් "අම්මේ අක්කි මෙහෙම කියුවාආආආආආආ..." කියන තමරම මං පොඩ්යි. ඒක නිසාම මං තනි වෙලා හිට්යේ ගොඩක්. ඇත්තටම සෙල්ලං බත් උයන්නවත් කවුරුත් හිටියේ නෑ. ඔන්න ඔය හේතුව නිසයි අකුරු කියවන්න පුලුවන් උන කාලෙ ඉදන්ම මං පොත් කියවන්න හුරු උනේ. මං දෙක වසර ඉන්නකොට එකොලහා වසර සිංහල පොතත් මං කියවලා තිබුනා මට මතක විදියට. තෙරෙන්නෙ නං නෑ. ඒත් කියවනවා.


ටිකක් තේරෙන්න ගත්ත කාලෙ ඉදන්ම මට හිතුනේ මගෙ වයසට කිට්ටුව සහොදරයෙක් මටත් හිටියා නං කියලා. එහෙනං අක්කිට වගේම අයියා අයියා කිය කිය හැම දේම කියන්න කෙනෙක් මටත් ඉන්නවා නේ. සමහ්ර වෙලාවට අක්කි, අයියා ගැන ඉරිසියා නොහිතුනාම නෙවී. මොකද මං තනි වෙලා නේ.  ඔහොම ටික කාලයක් යනකොට තමයි දැන ගත්තෙ. මට එහෙම සහෝදරයෙක් ඉදලා තියනවා කියලා. ඒත් ඒ සහෝදරයා පිං කරලා නෑ මේ ලෝකෙ එලිය බලන්න. හ්ම්ම්ම්.. මොනවා කරන්නද ඒක මගෙත් අවාසනාව වෙන්න ඇති. 


දැනට අවුරුද්දකට කලින් විතර වෙනකන් මට ඔය පාලුව තනිකම තිබුනා. ඒත් ඇත්තටම දැන් ඒක නෑ. හේතුව එක සහෝදරයට දැන් මට සහෝදරයො තුන්දෙනෙක්ම ඉන්නවා.  හොදම යාලුවො දෙන්නෙක් හම්බුනා. (ඇත්තටම ඒ තරන් හොද නං නෑ ඒ දෙන්නා)හිහ් හිහ්... එක ගැන වෙනම පෝස්ට් එකක්... මගේ මුහුනු පොතේ ඉන්න යාලුවො නං මෙ වෙනකොටත් දන්නවා නේ මේ කවුද කියලා. නේද? ඇත්තටම මං පහුගිය කාලෙ ගොඩක් සතුටින් හිටියා. ඒ වගේම ඉතින් මුන් දෙන්නා නිසා ඕන තරන් අඩලත් තියනවා. හි හ්හිහ් හිහ්... හෙට විතර වෙලාවක් තිබුනොත් ඒ කවුද කියලා කියන්නංකො..

යන්න කලින් කියලා යන්න ඕන. අනිත් අයට වගේම මටත් ඔයාලගෙ අදහස් ගොඩක් වටිනවා. එහෙනං ඔන්න අපි ගියා... බායියියියියි!!!!!!!!!!!

10 comments:

  1. ඔයාට නම් එහෙම අක්කා අයියා කියන්න හරි කවුරු හරි ඉදලා තියෙනවා, මට එහෙමවත් නෑනේ :\

    ReplyDelete
  2. තරවටු කරන්න අක්කා කෙනෙක්
    දගවැඩ කරන්න න්0ගි කෙනෙක්
    ගුටියක්ගහන්න අයියා කෙනෙක්
    මමත් හුගකාලෙක ඉදන් පැතුවා හිටියානම් කියලා හිතුනා.....
    නැති දේවල් ගැන හිතනටවට වඩා....
    ඇති දේවල් ගැන තෘප්තිමත් වෙන්න......

    ReplyDelete
  3. ඔය ආයතායේ ඇඩ් දාන එක නවත්තපන්

    ReplyDelete
  4. @ඉශාර මල්ලි-ම්ම්ම්ම්ම්.. ඒකත් ඇත්ත.. ඒත් ඉතින් ඉදලත් ගොඩක් දුර උනාම ඒක ඉට වඩා දුකක් නේ මල්ලි..

    @යසියා අයියා- ඒක ඇත්ත... :) :)

    @රත්ගමයා- මං මේක ලියන්නෙ මගේ බ්ලොග් එකේ මිසක් ඔයාගෙ ඔලුව උඩ නෙවී. කලින් පෝස්ට් එකෙ මඅගේ බැජ් එක පවා කෙනෙක් කියලා තිබුනා. ඒ කමෙන්ට් එකත් මං අයින් කරේ නෑ. මොකද මට හන්ගන්න ඕන නැති නිසා. අනිත් එක මං මෙතන ඒකෙ නම දාන්නෙ අපහාසයක්,අවමානයක් කොරන්න නෙවී. ඒක දකින ඕන කෙනෙකුට තෙරෙනවා. මේකෙනෙක් කෙනෙක්ට හානියක් වෙන දවසකට ඒක ඔප්පු කරලා පෙන්නංන්න. මං අයින් කරන්නං හැම දේම. මං මේ බ්ලොග් එක ලියන්නෙ හොරාට නෙවී... ඒක මතක තියා ගන්න.. ඕකේ.

    ReplyDelete
  5. අප්පච්චියේ නඟා කිව්වට කොච්චි කරලක් වගේනේ.......

    හා හා තරහා ගන්නැතුව අර කට්ටිය ගැනත් ලියන්නකෝ.......

    ReplyDelete
  6. හක් හක්... :D ඇන් අයි බි ඇම් ... හක් හක්..

    ReplyDelete
  7. ඊ මෙයා NIBM යනවලු.චානෙ...

    ReplyDelete
  8. මටනම් මේ අක්කල කියන ජාතියගෙන් ටොකු කාල ඈති වෙලා තියෙන්නේ අප්ප.වෙලාවකට හිතෙනව ඔන්න ඔය වගේ තනියෙම මේ කාලෙත් ඉන්න තිබුනනම් කියල.මුන්ගේ හෑම මගුලකටම අසරන අපි වගේ මල්ලිලා තමා බෙල්ල වලලා ගන්න ඔනේ..
    අමුනල කරල බලද්දි තනිවම ඉන්න එක ඈගට ගුනයි මේ වයසෙදිනම්

    රත්ගමයා කියන්න ඈඩ් දෑමීමනම් ඒ තරම් නුවනට හුරු නෑතෝ :P :P

    ඔන්න එහෙනම් අපි ගියේ............ :P

    ReplyDelete
  9. නගාට වගේ අහිමි වීමක් මටත් තියනවා...මටත් අයියා කෙනෙක් ඉපදිලා නැතිවෙලානේ..බලන් ගියාම හැමෝටම මොකක් හරි අහිමි වීමක් තියනවා ජිවිතේ

    ReplyDelete